මොරටුවේ තුන්වැනි පටුමග නිහාල් නමින්

ජනවාරි 7, 2021

ගායන ක්ෂේත්‍රයේ දශක හයක් පුරා සිය ජනප්‍රියත්වය අඛණ්ඩව රැගත් ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් නමින් මාවතක් නම් කිරීම මේ මස 09 වැනිදා සවස සිදුකෙරේ. ඔහු උපන් ගම් පියස වන මොරටුව රාවතාවත්තේ තුන් වෙනි පටුමග එලෙස නම් කෙරෙනු ඇත.මොරටුව ලලිත කලා සංගමයේ සභාපති ගායන ශිල්පියා තිලක් ද මෙල්ගේ මැදිහත්වීම සහ යෝජනාව අනුව නාගරික මන්ත්‍රී කේසර රවීන්ද්‍ර මහතා ප්‍රමුඛ ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීම මත මෙම මාවත නිහාල් නමින් නම් කරන අතර මොරටුව නගර සභාවේ නගරාධිපති ඩබ්ලිව්. සමන්ලාල් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් එය විවෘත වනු ඇත. එම උත්සවය අවසානයේ දී ජනප්‍රිය ගායක ගායිකාවන් ගායිකාවන් රැසකගේ සහභාගිත්වයෙන් සංගීත ප්‍රසංගයක්ද පැවැත්වීමට සංවිධායක කමිටුව කටයුතු යොදා තිබේ.