කාලිංග වෙබ් අඩවියක

ජනවාරි 7, 2021

කැමරා අධ්‍යක්ෂ කාලිංග දේශප්‍රිය සිය වෙබ් අඩවිය www.kalingadeshapriya.com  නමින් පසුගියදා අන්තර්ජාලයට මුදා හරිනු ලැබීය. කැමරා ශිල්පියෙකු ලෙසින් ඔහුගේ දායකත්වය ලබාදුන් කෙටි සිනමාපට, දීර්ඝ වෘත්තාන්ත සිනමාපට, වාර්තා සිනමාපට හා වෙළෙඳ දැන්වීම් ආදියේ මෙන්ම ඔහු ලද සම්මාන පිළිබඳ වූ තොරතුරුද මෙහි අන්තර්ගතවේ. කාලිංග පළමු වරට ප්‍රධාන කැමරා අධ්‍යක්ෂවරයා ලෙස දායකත්වය සැපයූවේ 2010 වසරේ තිරගත වූ බෙනට් රත්නායකගේ "ඉර හඳ යට" චිත්‍රපටයට වේ. ඉන් අනතුරුව දැවෙන විහඟුන් (සංජීව පුෂ්පකුමාර), නොමියෙන මතකය (සුබා සිවකුමාරන්) හා ආයු (චත්‍ර වීරමන්) යන චිත්‍රපට සඳහා කැමරාකරණයෙන් දායක විය. ඔහු මේ වනවිට කැනඩාවේ ටොරොන්ටෝහී ජීවත්වේ.