එමෙස් අලුත්වේ

ජනවාරි 7, 2021

මොරටුව පුරවරයේ සුප්‍රසිද්ධ Emes  සිනමාශාලාව නව්‍යකරණය වී පසුගියදා යළි විවෘත කෙරිණ.

ඒ චිත්‍රපට සහ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ , ඉබම නාලිකා ප්‍රධානී, ඩ්‍රීම් වර්ක් ක්‍රියේශන් කළමනාකර අධ්‍යක්ෂ ශ්‍රීපාලි හෙට්ටිආරච්චි සහ Stv  නාලිකා සහකාර අධ්‍යක්ෂිකා මෙරීනා මෙන්ඩිස් යන දෙදෙනාගේ මැදිහත් වීමෙනි.

චිත්‍රපට නිෂ්පාදක සුනිල්.ටී ප්‍රනාන්දුගේ හිමිකාරීත්වය යටතේ Emes   සිනමාශාලාව නව්‍යකරණය වූ පසු පවත්වාගෙන යනු ලබන්නේ ඩ්‍රීම් වර්ක් ක්‍රියේශන් කළමනාකරීත්වය යටතේවේ.

නව තාක්ෂණය එක්කර ගනිමින් නවීකරණය වූ එමෙස් සිනමා ශාලාව වෙතින් ඩිජිටල් සිනමා අත්දැකීමක් ලැබීමට ඔබට හැකි වෙනු ඇත.