මාස්ටර් වෙනුවෙන් 50%

ජනවාරි 14, 2021

ජනවාරි 13 වැනි දා සිට 22දා දක්වා දින දහයක කාලයක් පමණක් චිත්‍රපට ශාලාවන්හි ධාරිතාවෙන් 50% ප්‍රේක්ෂක පිරිසක් සහිතව චිත්‍රපට ප්‍රදර්ශනය සඳහා ඉඩ ද ලබාදෙන මෙන්, චිත්‍රපට ප්‍රදර්ශකයින්ගේ සංගමය මඟින් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය වෙත යොමුකොට තිබූ ලිඛිත ඉල්ලීමට එකගතාවය පළ කොට ඇති බව චිත්‍රපට ප්‍රදර්ශකයින්ගේ සංගමයේ සභාපති අනුරාධා බී. රැකව සරසවියට දන්වා සිටී. ඒ අනුව එම සතියේ දී තෛපොංගල් උත්සවයට සමගාමීව ලොව පුරා මාස්ටර් සිනමාපටය තිරගත වන අතර ඊට සමගාමීව මෙරටද එය තිරගත කිරීමට නියමිතය. ඒ අනුව දැඩි සෞඛ්‍යාරක්ශිත ක්‍රමෝපායන්ට අනුව ශ්‍රී ලාංකේය සිනමා ලෝලීන් වෙනුවෙන් 50% ධාරිතාව යුතුව, කොලිවුඩයේ සුපිරි නළු විජේ ප්‍රධාන චරිතය මවන මාස්ටර් සිනමාපටය දහතුන් වැනිදා සිට දින දහයක් ප්‍රදර්ශනය වනු ඇත.