වර්ෂ 2021 ක්වූ January 17 වැනිදා Sunday
කරුණාදාසට සම්මානයක්

නිෂ්පාදන කළමනාකරුවෙකු, සහය කැමරා ශිල්පියෙකු, ශබ්ද පටිගත කිරීමේ ශිල්පියකු ඇතුළු අංශ ගණනාවක් යටතේ දශක පහකටත් වඩා වැඩි කලක් සිංහල සිනමාට කළ සේවය උදෙසා කරුණාදාස පතිරත්න කලා අභිමානී ගෞරව සම්මානයෙන් පිදුම් ලබයි. ඒ කොළඹ තිඹිරිගස්යාය ප්‍රාදෙශීය මහලේකම් කාර්යාලය මගින් පැවැත්වූ විශේෂ උත්සවයකදීය. කොළඹ දිස්ත්‍රික් මහා ලේකම් ප්‍රදිප් යසරත්න සහා ප්‍රාදේශිය මහා ලේකම් ප්‍රියන්තා දිසානයක අතින් කරුණාදාස කලාකරුවා සම්මනය ලබාගත් අයුරු සේයාරුවින් දැක්වේ. වර්තමානයේ සිනමා ක්ෂේත්‍රය තුළ කටයුතු කරන නිශ්චල ඡායාරුප ශිල්පි ධම්මික පතිරත්න සහ ඩිල් ෆිල්ම් ආයතනයේ සහය කැමරා ශිල්පි චමින්ද පතිරත්න, කරුණාදාස මහතාගේ පුතුන් දෙදෙනා වෙති.