‘නිවසට දේවදූතියක්’

ජනවාරි 21, 2021

ඉන්දීය ක්‍රිකට් ලෝලීන්ට සහ බොලිවුඩ් රසික රසිකාවන්ටත් සුබ පණිවුඩයක් ඇවිත්. අනුෂ්කා ෂර්මා සහ විරාත් කෝලි මවුපියන් බවට පත් කරමින් පුංචි අමුත්තිය පසුගිය සඳුදා අනුෂ්කා - කෝලි පවුලට එක් වුණා.

නිවේදනයක් නිකුත් කරමින් විරාත් ට්විටර් පණිවුඩයක කියා සිටියේ, "අද දහවල් පුංචි දියණියක් අපේ පවුලට එක් වුණා. අනුෂ්කා සහ දියණිය නිරෝගීව සිටින අතර අපගේ ජීවිතයේ මෙම නව පරිච්ඡේදය ආරම්භ කිරීමට ලැබීම අපට භාග්‍යයක්. ඔබගේ ආදරය සහ සුබ පැතුම් වෙනුවෙන් ස්තූතියි. මේ අවස්ථාවේ අපගේ පෞද්ගලිකත්වයට ගරු කළ හැකි යැයි බලාපොරොත්තු වෙමු" යනුවෙනුයි. එසේම තම දියණියගේ ඡායාරූප නොගන්නා ලෙස අනුෂ්කා-විරාත් පැපරාසීන්ගෙන් ඉල්ලීමක්ද කර සිටී. අනුෂ්කා ෂර්මාගේ අලුත උපන් බිළිඳීය ගැන තවත් විශේෂ සටහනක් අන්තර්ජාලයට එක් කර තිබුණේ විරාත් කෝලිගේ සහෝදරයා වන විකාස් කෝලි විසින්. ඔහු 'නිවසේ දේවදූතිය' නමින් බිලිඳීයකගේ දෙපාවල පින්තූරයන් තම ඉන්ස්ටග්‍රම් ගිණුමට එක් කළා.