රසම් සහ බත්

ජනවාරි 21, 2021

දීපිකා පදුකෝන් පසුගිය වසර අවසන් කළේ ප්‍රශ්න කිරීම් රැසක් සමඟින්. සුෂාන්ත් සිං රාජ්පුත්ගේ මරණයත් සමඟ මත් මත්ද්‍රව්‍ය ගනුදෙනුවල චෝදනා ලද ඇයට ඒ වෙනුවෙන් ප්‍රශ්න කිරිම් රැසකට මුහුණ දීමට සිදුවිය. 2021 වසර ආරම්භය සමඟින් ඇය රිතික් රොෂාන් සමඟ තම නවතම චිත්‍රපටය ප්‍රකාශයට පත් කළ අතර එය 'ෆයිටර්' ලෙස නම් කර තිබේ. මේ හැරුණු විට දීපිකා සතුව '83', ශකුන් භත්‍රාගේ තවමත් නම් නොකළ චිත්‍රපටය සහ 'පතන්' වැනි චිත්‍රපට එකතුවක් ද වේ.

මේ අතර දීපිකා සිය නවතම ඉන්ස්ටග්‍රම් සටහනෙන් ඇගේ 'සුවපහසු ආහාර' හෙළි කර තිබේ. ඒ වෙනුවෙන් ඉදිරිපත් කළ සිත්ගන්නාසුලු ලිපි කිහිපයක් අතර 'සැනසිලිදායක ආහාර' ගැන කතා කරන වීඩියෝවක් ද විය. එහි ඇය සඳහන් කරන්නේ "මගේ ගමනට සැනසිලිදායක ආහාර ගෙදර හැදූ දකුණු ඉන්දියානු ආහාර වන රසම් සහ බත්" යනුවෙනි. අවසානයේ ඇය සිය රසික රසිකාවන්ගෙන් විමසා සිටින්නේ "ඔබේ සුවපහසු ආහාරය කුමක්ද?" යනුවෙනි.