කොවිඩ්ට එරෙහි පවුලේ අරගලය

ජනවාරි 21, 2021

 

ප්‍රීති සින්ටා සිය ඉන්ස්ටග්‍රම් ගිණුමට පිවිස තිබුණේ කොවිඩ් -19 ට එරෙහිව තම පවුලේ අරගලය පිළිබඳ සටහනක් තැබීම වෙනුවෙනි. ඇගේ මව සහ සහෝදරයා ඇතුළු පවුලේ සාමාජිකයින් කිහිප දෙනෙකු දෙසැම්බර් මාසයේදී කොරෝනා වෛරසය සඳහා කළ පරීක්ෂාව ධනාත්මක වූ බව ඇය අනාවරණය කළාය.

තම මව සහ සහෝදරයා සමඟ වූ ඡායාරූපයක් එක් කරමින් ඇය සටහනක් තැබීය. "ඇමරිකාවේදී මට අසරණ සහ බල රහිත බවක් දැණුනි. දෙවියන්ට සහ ඔවුන් රැකබලා ගැනීමට වෙහෙස මහන්සි වී වැඩ කළ අපූරු වෛද්‍යවරුන්ට සහ හෙදියන්ට කෘතඥ වෙමි". ප්‍රීතිගේ සටහනේ මෙසේ ද සඳහන් වේ. "කොවිඩ් ගැන බැරෑරුම් ලෙස නොසිතන ඔබ සැමට මෙය එක රැයකින් අනතුරුදායක විය හැකි බවට අනතුරු අඟවමි. එබැවින් කරුණාකර සැලකිලිමත් වන්න. මුඛ ආවරණයක් පැලඳගෙන සමාජ දුරස්ථභාවය පුහුණු වන්න" යනුවෙනි.