කෞතුකාගාරයක් කරමු

පෙබරවාරි 4, 2021
 
 
ප්‍රවීණ කලාකරු සඳුන් විජේසිරි අපූරු යෝජනාවක් ඉදිරිපත් කරනවා. ඒ තමයි පසුගියදා අප අතරින් වියෝවූ අති විශිෂ්ට කලාකරුවෙක්  මෙන්ම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීයකු වන කලාශූරී එඩ්වින් ආරියදාසයන් විසූ නිවෙස කෞතුකාගාරයක් බවට පරිවර්තනය කරන ලෙසයි. ලේක්හවුස් ආදි කර්තෘ ඩී. ආර්. විජේවර්ධන ශ්‍රීමතානන් සමඟ එකට වැඩ කටයුතු කිරීමට වාසනාව උදා වූ එඩ්වින් ආරියදාස සූරීන් හඳුන්වා දෙනු ලැබුවේ ඒ ඇවිදින විශ්වකෝෂය යන නමින්. දැනුමෙන් සන්නද්ධ වූ එවන් අයෙකුට කරනා උපහාරයක් ලෙසින් තමයි මෙලෙස ඔහුගේ නිවෙස කෞතුකාගාරයක් බවට පත් කර දෙන ලෙස සඳුන් විජේසිරි අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ.