වර්ෂ 2021 ක්වූ April 14 වැනිදා Wednesday
චතුරාණි මහචාර්යතුමාගේ

අපේ ජනප්‍රිය නිළි වසන්ති චතුරාණි එක්තරා උත්සව අවස්ථාවකට සහභාගී වුණා. සුනිල් ආරියරත්න අපේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයත් එතන හිටිය. මේ දිනවල ඔහු සිය නවතම සිනමාකෘතියේ නිර්මාණ කටයුතු ආරම්භ කරලයි තිබෙන්නේ.
වසන්ති මහාචාර්යතුමන්ගේ චිත්‍රපටිවල රඟපාලා තියෙනවද?
ළඟ හිටපු මිත්‍රයෙක් එහෙම ඇහුවා.
මොකද නැත්තෙ ඇයි සුදු සෙවණැලි චිත්‍රපටයේ හිටියේ.
වසන්ත එහෙම කිව්වම තවකෙනෙක් ඇහුවෙ මේ මහාචාර්යතුමන්ගේ ඊළඟ චිත්‍රපටයේ ඉන්නවද කියලයි.
නැහැ, යනුවෙන් වසන්ති පැවැසුවා.
එතුමාගේ චිත්‍රපටවල හිටියත් නැතත් මම බොහෝසෙයින් ඔහුට ගෞරව කරනවා. මොකද මගේ නමට චතුරාණි කියන කෑල්ල එකතු කෙරුවෙ මහාචාර්යතුමා. වසන්තිට තිබුණු දිග නම කෙටිකරලා චතුරාණි කියන අලුතින් කොටසකුත් එකතු කරල වසන්ති චතුරාණි කියන සුන්දර නම නිර්මාණය කළේ මහාචාර්ය සුනිල් ආරියරත්න.