වර්ෂ 2021 ක්වූ April 14 වැනිදා Wednesday
ජෝති වෙනුවෙන් රසිකයෙකුගෙන් උපහාරයක්
පෙබරවාරි 11, 2021

මෙම මස 12 වැනිදාට යෙදෙන අසහාය ගායක එච්. ආර්. ජෝතිපාලයන්ගේ අසූ පස් වැනි ජන්ම දිනය නිමිත්තෙන් ඔහුට ළැදි රසිකයෙක් වූ බදුල්ලේ සරත් ප්රනාන්දු විශේෂ උත්සවයක් සංවිධානය කොට ඇත. එදින උදෑසන හාලිඇල ප්රාදේශීය ලේකම් කාර්යාලයේ ඉදිරියේ දී එය පැවැත්වෙනු ඇත. ජෝතිපාලයන්ට පින් ප්රාර්ථනා කරමින් දිවා ආහාරය බෙදා දීමද එදින සිදු කෙරේ. එයට අමතරව දිනය පුරා ජෝතිපාලයන්ගේ ගීත ප්රචාරය කිරීමට සරත් කටයුතු කොට ඇත.