යෂ් රාජ් පෙළගැසේ

පෙබරවාරි 25, 2021

කොරෝනා වසංගතය හේතුවෙන් ලොව සෑම කර්මාන්තයක් සේම චිත්‍රපට කර්මාන්තය ද පසුගිය වසරේදී මුහුණ දුන්නේ අභාග්‍යසම්පන්න කාලයකටය. ඉන්දීය සිනමා කර්මාන්තයේ පාඩු පියවා ගත යුතු බැවින් සිනමාහල් විවෘත කරන ලෙස ඉල්ලා පෙත්සම් පවා ඉදිරිපත් කෙරුණු අතර කලකට පෙර සිනමාහල් ද විවෘත විය. දිගු විවේකයකින් පසු මේ වසරේ රිදී තිරයට පැමිණීමට සූදානම්ව සිටින යෂ් රාජ් ෆිල්ම්ස් ඔවුන්ගේ චිත්‍රපට පෙළක් නිවේදනය කර තිබේ.

ඩිබකාර් බැනර්ජි අධ්‍යක්ෂණය කළ 'සන්දීප් ඇන්ඩ් පිංකී ෆාරාර්' 2021 මාර්තු 19 තිරගත කිරිමට නියමිත අතර එහි අර්ජුන් කපූර් සහ පරිනීති චොප්රා ප්‍රධාන චරිත නිරූපණය කරති. වරුන් වී. රාණි මුකර්ජි, සයිෆ් අලි ඛාන්, සිද්ධාන්ත් චතුර්වේදි රංගනයෙන් දායක වූ ශර්මා අධ්‍යක්ෂණය කළ 'බන්ටි ඕර් බබ්ලි 2' අප්‍රේල් 23 වැනිදා තිරගත කිරීමට නියමිතව ඇත. කරන් මල්හෝත්‍රා අධ්‍යක්ෂණය කළ 'ෂම්ෂෙරා' තිරගත කෙරෙන්නේ ජුනි 25 වැනිදාය. එහි රන්බීර් කපූර්, වානි කපූර් සහ සංජේ දත් ප්‍රධාන චරිත නිරූපණය කරති.

රන්වීර් සිං, ශලිනි පාණ්ඩේ, බෝමන් ඉරානි සහ රත්න පතක් ෂා රංගනයෙන් දායක වන 'ජයෙෂ්භායි ජෝර්ධාර්' අගෝස්තු 27 වැනිදා සිට තිරගත කෙරේ. එය දිව්‍යංග් තඛාර්ගේ අධ්‍යක්ෂණයකි. අක්ෂේ කුමාර් රංගනයෙන් දායක වන 'ප්‍රිතිවිරාජ්' තිරගත වීමට නියමිතව තිබෙන්නේ නොවැම්බර් 05 වැනිදාය.