හොලිවුඩ් රංගනය

පෙබරවාරි 25, 2021

බොලිවුඩ් නළු නිළියන් කිහිප දෙනෙකුම මේ වන විට හොලිවුඩ් නිර්මාණ වෙනුවෙන් ආරාධනා ලැබ තිබේ. ඓශ්වර්යා රායි බච්චන්, දීපිකා පදුකෝන්, ප්‍රියංකා චොප්රා, ඉර්ෆාන් ඛාන් ඒ අතරින් කිහිප දෙනෙකි. දකුණු ඉන්දීය නළු ධනුෂ් ද මේ වන විට හොලිවුඩයට ආරාධනා ලබා සිටී. චිත්‍රපටය පදනම් වී ඇත්තේ මාක් ග්‍රේනි විසින් රචිත ද ග්‍රේ මෑන් කෘතිය යි. ඇන්තනි සහ ජෝ රුසෝ විසින් අධ්‍යක්ෂණය කිරීමට නියමිත එහි ක්‍රිස් එවන්ස් සහ රයන් ගොස්ලිං ප්‍රධාන චරිත නිරූපණය කරති.