අලුත් තිරරචනය

පෙබරවාරි 25, 2021

නීල් නිතින් මුකේෂ් කාර්යබහුල වී ඇත්තේ තාත්තා කෙනෙකු වීම සහ ඔහුගේ දියණිය නූර්වි සමඟ ඔහුගේ ප්‍රීතිමත් අවස්ථාවන්හි පින්තූර සහ වීඩියෝ සමාජ මාධ්‍යවල පළ කිරීමෙනි. ඔහු අවසන්වරට රිදී තිරයේ දැකගත හැකි වූයේ 2019 වසරේ තිරගත වූ 'සාහෝ' සහ 'බයිපාස් රෝඩ්' චිත්‍රපටවලිනි. 'බයිපාස් රෝඩ්' ඔහුගේ කුලුඳුල් තිරරචනය වීමද විශේෂයකි.

ටික කලක් තිස්සේ අපට ඔහුව රිදී තිරයේ දැක ගත නොහැකි වුවද, එම කාලය තුළ තමා අතින් බොහෝ දේ රචනා වී ඇති බව ඔහු පවසයි. නීල් මේ වන විට වෙබ්කතා මාලාවක් රචනා කිරීම අවසන්කර ඇත. තවද ඔහුගේ ඊළඟ පිටපත ත්‍රාසජනක චිත්‍රපටයක් බවත් ඔහු පවසයි.