වර්ෂ 2021 ක්වූ April 14 වැනිදා Wednesday
අමතක වීමේ බියට

බිය යනු අප උපතින්ම ගෙන එන දෙයකි. අනාරක්ෂිත යැයි හැඟෙන අවස්ථාවල බිය දැනීම සාමාන්‍ය දෙයකි. සනී ලියොන් පසුගිය දිනෙක බිය වෙලා. ඒ නම් කවදා හෝ දවසක ඇගේ නම මිනිසුන්ට අමතක වේ යැයි සිතීමෙන්. ඉතින්, ඇය ඒ නිසා පිහිනුම් ඇඳුම් කට්ටලයක් ඇඳ තම නම සහිත තොප්පියක් පැලඳ ඡායාරූපයක් අන්තර්ජාලයට එක් කළා. "යමෙකුට මගේ නම අමතක වූවා නම්, එය මගේ තොප්පිය මත වේ" ඇය ඒ සමඟ සටහන් කළාය.
කොරෝනා වෛරස් වසංගතය පැතිරයාම ආරම්භයේදී ඇය සිය සැමියා සහ දරුවන් තිදෙනා සමඟ ලොස්ඇන්ජලීස් වෙත පිටත්ව ගියා. සනී මෑතකදී සිය නිවුන් දරුවන් දෙදෙනා වන නෝවා සහ ඈශර්ගේ තුන්වැනි උපන්දිනය සැමරුවා. "මගේ ජීවිතයේ දරුවන් තිදෙනෙකු ලැබීම ගැන මම බොහෝ සෙයින් සතුටට පත් වෙමි. "අම්මේ, මම ඔයාට ආදරෙයි" යනුවෙන් පවසන ඔවුන්ගේ මිහිරි කටහඬ කොතරම් දුක්ඛිත, වෙහෙසකර තත්ත්වයක සිටියත් ඒ සැම දෙයක්ම අතුරුදන් වී සෑම විටම මගේ හදවත උණුසුම් කරයි" සනී පවසන්නීය.