වර්ෂ 2024 ක්වූ March 19 වැනිදා Tuesday
මෙන්න අලුත් චිත්‍රපට
සිංහල මායා හින්දියෙන් Laxmii
ලක්ෂ්මි යනු පසුගිය නොවැම්බර් මස නිකුත් වූ හාස්‍යමය, ත්‍රාසජනක හින්දි චිත්‍රපටයකි. රාගවා ලෝරන්ස් විසින් අධ්‍යක්ෂණය කරන ලද එහි අක්ෂේ කුමාර්, කියාරා අද්වානි, අයේෂා රාසා මිශ්‍ර සහ තාරුන් අරෝරා ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වී ඇත. ලක්ෂ්මි, රාගවා ලෝරන්ස් විසින් 2011 වසරේදී අධ්‍යක්ෂණය කළ කාංචනා දෙමළ චිත්‍රපටයේ හින්දි ප්‍රතිනිර්මාණයයි. එය හොට්ස්ටාර් ඔස්සේ නැරඹිය හැකිය.
මහා යුද්ධයට ආපහු Greyhound
ග්‍රේහවුන්ඩ් යනු ඇරොන් ෂ්නයිඩර් විසින් අධ්‍යක්ෂණය කරන ලද ටොම් හැන්ක්ස්, ස්ටීවන් ග්රැහැම්, රොබ් මෝගන් සහ එලිසබෙත් ෂූ ඇතුළු පිරිසකගේ රංගනයෙන් ඔපවත් වූ ඉතිහාස කතා පුවතක් ගෙන එන ඉංග්‍රීසි චිත්‍රපටයකි. දෙවන ලෝක සංග්‍රාමයේ මුල් අවධියේදී, අත්දැකීම් අඩු එක්සත් ජනපද නාවික හමුදා කපිතාන්වරයෙකු විසින් මිත්‍ර පාක්ෂිකයන් මෙහෙයවමින් කළ සටන ඒ ඔස්සේ දිගහැරේ. ග්‍රේහවුන්ඩ් ඇපල් ටීවී ප්ලස් ඔස්සේ නැරඹිය හැකිය.
යළිත් සොයන යුක්තිය Ponmagal Vandhal
පොන්මාගල් වන්දාල් යනු ජේ. ජේ. ෆ්රෙඩ්රික් විසින් අධ්‍යක්ෂණය කරන ලද දෙමළ චිත්‍රපටයකි. එහි ජෝතිකා, ත්යාගරාජන්, කේ. භාග්‍යරාජ් සහ ආර්. පාර්තිපන් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වී ඇත. තරුණියන් පැහැරගෙන ගොස් ඝාතනය කළ බවට චෝදනා ලබා මියගිය ඝාතකයෙකුගේ නඩුවක් වසර 15ට පසුව නීතිඥවරියක විසින් නැවත විවෘත කිරීමත් සමඟ මෙහි කතාව දිග හැරේ. පොන්මාගල් වැන්ඩාල් ඇමසන් ප්‍රයිම් ඔස්සේ නැරඹිය හැකිය.
කේරළයෙන් love
ලව් යනු ජනවාරි මස නිකුත් වූ ත්‍රාසජනක මලයාලම් චිත්‍රපටයකි. කාලිඩ් රහ්මාන් විසින් අධ්‍යක්ෂණය කරන ලද එහි ෂයින් ටොම් චාකෝ, රජීෂා විජයන්, සුධි කොප්පා සහ ජොනී ඇන්ටනි ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති. යුවළකගේ ආරවුලක් පාලනය කර ගත නොහැකි වීමත් සමඟ ඔවුන් මුහුණ දෙන පුදුම සමගත සිදුවීම් පෙළක් මේ ඔස්සේ හෙළි වේ. ලව් චිත්‍රපටය නෙට්ෆ්ලික්ස් ඔස්සේ නැරඹිය හැකිය.