අනුර සේනානායක සමුගනියි

මාර්තු 4, 2021

සඳ කිඳුරු කිඳුරියන් ගැවසෙන වෙරළ දිහාවේ නමින් ජනහද බැඳගත් ගීතයක් ඔබ අසා ඇති වගට කිසිදු සැකයක් නැත. මීට දශක ගණනාවකට පෙර නිතර දෙවේලේ කන වැකුණු මෙම ගීතයේ ගායකයාගේ ගායන දිවිය පසුකාලීනව වෘත්තීය ජීවිතය නිසා මදක් නතර විය. ඔහු නමින් අනුර සේනානායකයි. පසුගියදා ඔහු අප අතරින් සදහටම සමු ගත්තේය. ඒ වයස අවුරුදු හැට අටක් ආයු විඳීමිනි. 1953 උපන් අනුර සේනානායක 1973 පොලිස් සේවයට බැඳීන. පසුකාලීනව ගායකයෙකු වශයෙන් ජනප්‍රියත්වයට පත්වූ ඔහු සඳ කිඳුරු කිඳුරියන් ගැවසෙන වෙරළ දිහාවේ ගීතයට අමතරව මාගේ කිරිල්ලී, කුරුළු පොඩිත්තෝ ආදර කුරුළු පොඩිත්තෝ ආදී ජනප්‍රිය ගී කිහිපයක්ම ගායනා කරනු ලැබීය. ඔහු ඔට්ටුයි බැරුවට චිත්‍රපටයේ පසුබිම් ගී ගායනයට ද එක්විය. 2015 වසරේ ඔහු විශ්‍රාම ලැබූවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරය හොබවමින් සිටියදීය.