අපේ නිළියක ප්‍රධාන චරිතය රඟපෑ කොලිවුඩ් චිත්‍රපටයක්

මාර්තු 4, 2021

ශශ්‍රී ලාංකේය නිළියක් ප්‍රධාන කාන්තා චරිතයට පණපෙවූ ඉන්දීය චිත්‍රපටයක මංගල ප්‍රදර්ශනය පසුගියදා පැවැත්වුණි. ඒ පසුගිය පෙවරවාරි 28 වෙනිදා සවස 3.00ට ස්ටාර් විජේ රූපවාහිනි නාලිකාව (ඉඊඒඅ ඍධ්බ්ඒක ඊඡ්ඹ්ඡ්ඍධ්ඉධ්ර්‍ණව්) ඔස්සේය. ඒලේ (ඒඥතචර) නැමැති එම ඉන්දියානු කොලිවුඩ් චිත්‍රපටයේ ප්‍රධාන නිළි භූමිකාව රඟන්නට වාසනාව ලැබූ ඇය නමින් මධුමතී පද්මනාදන්ය. ත්‍රිකුණාමලේ ශශ්‍රී ශන්මුග හින්දු කාන්තා විද්‍යාලයේ සහ කොළඹ "ඕපඪබඪඵඩ ඛ්ධතතඥඨඥ ධට ඒනනතඪඥඤ ඉබභඤඪඥඵ" හි අධ්‍යාපනය ලැබූ මදුමතී "වසන්තම් ටී.වී" නාළිකාවේ හිටපු නිවේදිකාවකි. ජනප්‍රිය කොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂිකා හලිතා ශමීම් (ඩ්චතඪබඩච ඉඩචථඥඥථ) අධ්‍යක්ෂණය කළ "ඒඥතචර" චිත්‍රපටය පසුගිය පෙබරවාරි 12 වෙනිදා සිට ඉන්දියාවේ සිනමාශාලා තුළ තිරගත කිරීමට නියමිතව තිබුණද, සිනමාශාලා සම්බන්ධව ඉදිරිපත් වූ අනපේක්ෂිත රෙගුලාසි නිසා සිනමාශාලා තුළ චිත්‍රපටය තිරගතවීම අත්හැර දමා, රූපවාහිනිය හරහා චිත්‍රපටය මුදාහැරීමට නිෂ්පාදක පාර්ශ්වය තීරණය කරන ලදි. ශශ්‍රී ලාංකේය නිළි මධුමතී පද්මනාදන් සමග දකුණු ඉන්දීය ජනප්‍රිය නළු සමුත්‍රකනි සහ මනිකන්දන් මෙහි ප්‍රධාන චරිත රගති. මේවනවිට රවීන්ද්‍ර රන්දෙණිය, සංගීතා වීරරත්න, හේමාල් රණසිංහ, ලාල් වීරසිංහ, දර්ෂන් ත්‍යාගරාජා, ලොස්ලියා මරියනේෂන් ආදී ශශ්‍රී ලාංකික නළු නිළියන් විවිධ භාෂාව රංගනයේ යෙදුණු ඉන්දීය චිත්‍රපට හයක් එළෙඹෙන මාසයන් තුළ තිරගත කිරීමට සැලසුම් සකස්කොට තිබේ. ඒවාට අමතරව ජැක්සන් ඇන්තනී හා පියුමි හංසමාලී රඟන ඉන්දියානු මලයාලම් චිත්‍රපටයේ අවසන් රූපගත කිරීම් සිදුවෙමින් පවතී.