දිමුතු අධ්‍යක්ෂණයට

මාර්තු 4, 2021

සිනමා හා ටෙලිනාට්‍ය නළු දිමුතු චින්තකගේ කුලුඳුල් අධ්‍යක්ෂණය වූ 'දිසාපති දින පොතෙන්' මල්පිපුණා වැව ඒකාංගික ටෙලිනාට්‍ය කතා මාලාව පසුගියදා රූපගත කෙරිණ. රාජ්‍ය පරිපාලනයෙන් ගමට යන දිසාපතිවරුන් ඒ ගම් තුළ කරනා සේවය, මහජන සම්බන්ධතාවය හා රජරට සුන්දරත්වය තේමා කොට ගනිමින් නිර්මාණය වූ මෙහි පිටපත ඩී. කේ. ආටිගලගෙනි. බුද්ධදාස විතානාරච්චි, ලක්ෂ්මන් මෙන්ඩිස්, ජගත් චමිල, වසන්ත විට්ටච්චි, මල්කාන්ති ‍රණසිංහ, සනත් විමලසිරි, හිමාලි සයුරංගි, සරත් කොතලාවල, ආනන්ද අතුකෝරළ, ආනන්ද කුමාරඋන්නැහේ, ගාමිණි ජයලත් ඇතුළු පිරිස මෙහි රංගන දායකත්ව සපයති. සංගීතය, අජන්ත රාජකරුණා, කැමරා අධ්‍යක්ෂණය, සුනෙත්ගෙනි.