අඟහරුවාදා මනාපය

ජූලි 22, 2021

රිතික් රෝෂන් ජනප්‍රිය නළුවෙකු පමණක් නොව දශක දෙකක කාලයක් තිස්සේ බොලිවුඩයේ නම් දැරූ දක්ෂතම නර්ථන ශිල්පියෙකි. ඔහු මීළඟට දැකගත හැකි වන්නේ දීපිකා පදුකෝන් සමඟ 'ෆයිටර්' හිදීයි. ඔහුට තවත් සිනමාපට ඇති බවට ආරංචි පැමිණියත් මේ වන තෙක් නිල වශයෙන් ඒ කිසිවක් තහවුරු කර නැත. වසංගතය අතරතුර විවේක කාලයක් ලද හෙයින් රිතික් සමාජ මාධ්‍යවල තරමක් ක්‍රියාකාරී වී සිටී.

පසුගිය අඟහරුවාදා ඔහු සමාජ මාධ්‍ය වෙත යමින් වීඩියෝවක් බෙදා ගත්තේය. ඔහු එය නම් කළේ, "අඟහරුවාදා මට කිසිම හේතුවක් නොමැතිව නටන්න පුළුවන් අය වටා ඉන්න වුවමනායි" යනුවෙනි. නිළි ප්‍රජාතා කෝලි එයට පිළිතුරු දෙමින් පවසා සිටියේ, "මම හැමදාම කිසිම හේතුවක් නැතිව නටනවා. මාව තෝරා ගන්න" යනුවෙනි.