සරසවිය Online සිනමා සම්භාෂණය සිව්වැන්න හෙට 13 දා

අගෝස්තු 12, 2021

 

දෙසතියකට වරක් සිකුරාදා සවස 6.30 ට සරසවිය මගින් මෙරට සිනමා කලාවේ ප්‍රබෝධය උදෙසා පවත්වනු ලබන සරසවිය ඔන්ලයින් සිනමා මධුර භාෂණය මෙවර සිනමා අනාගතය හා අභියෝගය යන මැයෙන් හෙට එනම් අගෝස්තු මස 13 වැනි දින සවස 6.30 සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වේ. ප්‍රවීණ රංගවේදී ජැක්සන් ඇන්තනි, චිත්‍රපට නිෂ්පාදක මෙන්ම සීමාසහිත රයිගම් සමූහයේ සභාපති ආචාර්ය රවී ලියනගේ හා චිත්‍රපට ප්‍රදර්ශකයන්ගේ සංගමයේ ලේකම් ජනිත් ප්‍රසන්න විතානගේ මෙවර සම්මන්ත්‍රණය සඳහා සම්පත් දායකයෝ වෙති.

https://zoom.us/j/4905939347

 

 

මේ දිනවල පැතිරෙන කොවිඩ් ආදී වසංගත රෝගවලින් පීඩා විඳීන සියලු කලාකරුවන් ඇතුළු ලක්වාසී සියල්ලෝ සුවපත්වේවා යන්න ‘සරසවිය’ ඒකායන ප්‍රාර්ථනයයි.!