පුබුදු-රොෂාන්-තාරුකා-මාෂි එක්කළ නිහඬ සෙවණැලි ළඟදීම තිරයට

අගෝස්තු 12, 2021

සුනිල් ප්‍රේමරත්න අධ්‍යක්ෂණය කළ, ජානක රංචාගොඩ නිෂ්පාදනය කළ නවතම චිත්‍රපටය වන "නිහඬ සෙවණැලි" ළඟදීම තිරගත වීමට නියමිතය. එය හරිත් වාසලගේ තිර රචනයකි.

"ඔබ පරිසරයට වින කරයි නම් ඔබේ දරුවන්ට පවා ශාප විය හැකිය" යන යටි අර්ථයකින් සමන්විත ත්‍රාසය, භීතිය, කුතුහලය සපිරි අද්භූත ශානරයේ චිත්‍රපටයක් වන "නිහඩ සෙවණැලි" සිනමාපටයෙන් මතුපිටින් විසේකාර තාරුණ්‍යයේ දඟකාරකම් සහ යොවුන් ප්‍රේමයේ සොඳුරු රසමුසු තැන් සිනමා රූපයට නඟා ඇත.

පුබුදු චතුරංග, රොෂාන් රණවන, තාරුකා වන්නිආරච්චි, මාෂි සිරිවර්ධන, හරිත් වාසල, ධනංජි තාරුකා, කුමාර තිරිමාදුර, අජිත් වීරසිංහ, කුමාර වඳුරැස්ස, මීනා කුමාරි, සරත් චන්ද්‍රසිරි, සඳුන් බණ්ඩාර, යොහානි හෙට්ටිආරච්චි යන රංගන ශිල්පී ශිල්පිනියෝ මේ චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වෙති.

කේ.ඩී. දයානන්ද සහ මහේෂ් කරුණාරත්න එහි කැමරා අධ්‍යක්ෂණයෙන් දායක වන අතර සංස්කරණය අනුර බණ්ඩාරගෙනි. චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂණය සම්පත් රත්නායකගෙන් වන අතර සංගීත අධ්‍යක්ෂණය දර්ශන වික්‍රමතුංගගෙන් ද කලා අධ්‍යක්ෂණය කුමාර රාහුබද්දගෙන් ද වේ. මේ චිත්‍රපටයට ගීත රචනා කර ඇහැලියගොඩ සහ හරිත් වාසල විසිනි. ගීත ගායනය එඩ්වඩ් ජයකොඩි සහ මිහිඳු ආරියරත්නගෙනි.