රඟපානවට වඩා මම කැමති රංගනය ගැන ඉගෙනගන්න

Race ටෙලිනාට්‍යයේඋවිඳු-හේෂාන් මනුල
අගෝස්තු 19, 2021

නිරූපණ ශිල්පීන් රංගන ක්ෂේත්‍රයට පැමිණෙන ප්‍රවණතාවක් කාලයක් තිස්සේ රංගන ක්ෂේත්‍රය තුළ දක්නට ලැබෙනවා. හේෂාන් මනුල කියන්නේ නිරූපණ ශිල්පියෙක් ලෙස ක්ෂේත්‍රයට පැමිණ පසුව රංගන ක්ෂේත්‍රයට සම්බන්ධ වුණු තරුණයෙක්. රංගන ක්ෂේත්‍රයේ ඒ තරම් දකින්න්ද් නොමැති වුවද දැනට නිරූපණ ක්ෂේත්‍රය තුළ රැඳී සිටින ජ්‍යෙෂ්ඨතම නිරූපණ ශිල්පියා වන්නේද ඔහුයි. සනත් අබේසේකරගේ සිරිදළදාගමනය චිත්‍රපටයේ දන්ත කුමරු ලෙසින් ප්‍රධාන චරිතයක් හරහා සිනමාවට සම්බන්ධ වුණු හේෂාන් මනුල කලක් නිහඬව සිට නැවත ටෙලිනිර්මාණයක් හරහා රංගන ක්ෂේත්‍රයට පිවිසිලා. මේ දිනවල සියත නාළිකාවේ විකාශය වන ධනුෂ්ක රේමන්ඩ්ගේ අධ්‍යක්ෂණයක් වන "අචජඥ" ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ ඔහුයි. රංගන ක්ෂේත්‍රය ගැන සේම නිරූපණ ක්ෂේත්‍රය ගැන කතාබහකට අපි ඔහුව සම්බන්ධ කරගත්තා.

 

 

 

 

කාලෙකට පස්සේ හේෂාන් නැවතත් කලා නිර්මාණයකට සම්බන්ධ වෙලා?

 

අවුරුදු තුනකින් ආයිමත් මම රඟපානවා. වෙළද දැන්වීම්වලට නම් දිගටම සම්බන්ධ වුණා. නමුත් කලා නිර්මාණයකට රංගනයෙන් දායක වුණේ කාලෙකින්. ඒ ධනුෂ්ක රේමන්ඩ්ගේ අධ්‍යක්ෂණයක් වුණු "අචජඥ" ටෙලිනාට්‍යයට.

 

"අචජඥ" ටෙලිනාට්‍යයේ ඔබේ චරිතය ගැන කිව්වොත්?

 

උවිඳු දිසානායක කියන තරුණයාගේ සිත මම රඟපාන්නේ. මේ චරිතය වටා ටෙලි නාට්‍යය කතාව දිගහැරෙන්නේ. උවිඳු කියන්නේ හොඳ රේස් ධාවකයෙක් වෙන්න හීන දකින තරුණයෙක්. එයා ජීවත් වෙන්නේ නාගරික ලුම්පන් පරිසරයක. මුඩුක්කුවක ජීවත් වෙනවා කිව්වම සමාජයට යන්නේ වැරදි මතයක්. ඒ නිසා ඔහු උවිඳු තමන්ගේ අනන්‍යතාවය සඟවා ගෙන ජීවත් වෙන්නේ. මහවත්තේ ජීවත්වෙනවා කිව්වාම උවිඳුට රැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා බොරු ලිපිනයක් දීලා එයා තේ කර්මාන්තශාලාවක රැකියාවකට යනවා. රේස් පදිනවා. එයාට හැමදේකටම උදව් කරන හොඳ යාළුවෙක් ඉන්නවා. රැකියාවෙදි, ක්‍රීඩාවෙදි, ගෙදරදි උවිඳුගේ චරිතය වෙනස් වෙනවා.

 

උවිඳුගේ චරිතය මනුලට ලැබෙන්නේ කොහොමද ?

 

ටෙලිනාට්‍යයට මට කතා කරන්නේ එහි අධ්‍යක්ෂවරයා ධනුෂ්ක රේමන්ඩ්. එයාට මාව හඳුන්වාදෙන්නේ සෙනාලි ෆොන්සේකා. සෙනාලි මාව ප්‍රධාන චරිතයට නම් කළාට අධ්‍යක්ෂවරයා මාව නිර්දේශ කරන්නේ දුෂ්ටයාගේ චරිතයට. ඒකට හේතුව එතකොට මම හිටියේ කොණ්ඩෙ වවලා. ප්‍රධාන චරිතයට කොණ්ඩෙ වවපු තරුණයෙක්ගේ ස්වරූපයක් හරියන්නේ නැහැ. මට දුෂ්ටයාගේ චරිතයට ආරාධනා කළාම ඒක මම ප්‍රතික්ෂේප කළා. මම සන්නාම කීපයක නිරූපණ ශිල්පියා ලෙස ගිවිසුම්ගතව කටයුතු කරන නිසා දුෂ්ඨයාගේ චරිතයට යම් වාරණයක් මට තියෙනවා. පසුව ධනුෂ්ක නැවතත් මගෙන් ඇහුවා කොණ්ඩේ කපන්න පුළුවන්ද කියලා. ඒක මට ගැටලුවක් නැති නිසා වෙකට එකඟ වුණා. අවසානයේ මට උවිඳු වෙන්න පුළුවන් වුණා.

 

සම්මානනීය රංගන ශිල්පිනියක් වන උමාලි තිලකරත්නත් මේ නිර්මාණයට සම්බන්ධ වෙනවා.

 

ඔව්. උමාලි ඉන්නේ මගේ හොඳම යාළුවාට. එයා මුස්ලිම් තරුණියකගේ චරිතයක් රඟපාන්නේ. උමාලිගෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා. මගේ රංගන ජීවිතයේ මට හමුවුණු නව පරපුරේ වෘත්තිම වශයෙන් රංගන ශිල්පිනියක් ලෙස නම් කරන්න පුළුවන් කෙනෙක් තමයි උමාලි කියන්නේ. සෑහෙන්න ලොකු සහයෝගයක් මට උමාලිගෙන් ලැබෙනවා. අපි දෙන්නාගේ මුළු ජවනිකාවම පළවෙනි වතාවෙන්ම රූගත කරන්න පුළුවන් කියලා අධ්‍යක්ෂවරයා පවා කියලා තියෙනවා. අපි දෙන්නාගේ සංයෝගය නිසා ලේසියෙන් රූගත කිරීම් කරන්න පුළුවන්. උමාලි කියන්නේ වැරදි අඩුපාඩු හදාගෙන හරිම පහසුවෙන් වැඩ කරන්න පුළුවන් කෙනෙක්.

 

ඔබ මේ චරිතය ගොඩනඟන්නේ ප්‍රවීණ නවක රංගන ශිල්පීන් රාශියක් සමඟ. ඔවුන්ගෙන් ලැබෙන්නේ කොයිවගේ සහයෝගයක්ද?

 

මේනක රාජපක්ෂ, චන්දික නානායක්කාර, මීනා කුමාරි, සංජීවනී වීරසිංහ, හසිනිකා කරලියැද්ද, රොහාන් විජේතුංග ඇතුළු දක්ෂ ඒ වගේම ප්‍රවීණ රංගන ශිල්පීන් රාශියක් Race  ටෙලිනාට්‍ය සඳහා සම්බන්ධ වෙනවා. ඒ වගේම මේක තාරුණ්‍ය ටෙලි නිර්මාණයක් නිසා බහුතරයක් ඉන්නේ තරුණ තරුණියෝ. මේ හැමෝගෙන්ම මට මේ චරිතය ගොඩනඟන්න ලොකු සහයෝගයක් ලැබෙනවා.

 

උවිඳුගේ චරිතයට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර කොහොමද?

 

ඉතාම ඉහළයි. ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා සමාජ මාධ්‍යවලින්. "ඇයි කලා නිර්මාණවලට සම්බන්ධ වෙන්නෙ නැත්තෙ?" කියලා සමාජ මාධ්‍යවල ඉන්න මගේ ප්‍රේක්ෂකයෝ නිතරම අහනවා. ලංකාවේ තරුණ පරපුර කොරියනු රංගන ශිල්පීන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන් ගොඩක රසිකයෝ වෙලා තියෙනවා. ගොඩක් අය මගේ පෙනුම ඔවුන්ට සමාන කරනවා. ඒ නිසා ගොඩක් ටීනේජස්ලා මාව කලා නිර්මාණවලින් දකින්න කැමතියි. අචජඥ ටෙලිනිර්මාණය වටා ඒ ඔක්කොම රොක් වෙලා ඉන්න බවක් මට ලැබෙන ප්‍රතිචාරවලින් තේරෙනවා. ප්‍රේක්ෂකයන් ඔවුන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් වල පවා මේ ටෙලි නිර්මාණය ගැන යම් යම් දේවල් ශෙයාර් කරනවා මම දකිනවා. ඒක ගොඩක් වටිනවා. ඒ වගේම රේස් කිව්වට මේක රේස් විතරක්ම පදින කතාවක් නෙමෙයි. සමාජ ප්‍රශ්න ගැන කතා කරන, නාගරික ලුම්පන් පංතියේ සැබෑ ස්වරූපය හැමෝටම පෙන්වන කතාවක් මේක. ඉතින් ප්‍රේක්ෂකයන් මේ ටෙලිනාට්‍ය ආසාවෙන් බලනවා සහ හොඳ ප්‍රතිචාර අපි හැමෝටම ලැබෙනවා.

 

හේෂාන් නැවතත් රංගනයට එන්න හිතුවේ ඇයි?

 

මම මීට කලින් රඟපාන්න එද්දි රංගනය හදාරලා නැහැ. ක්ෂේත්‍රයට ආපු ගමන් මට අවස්ථා ගොඩක් ලැබුණා. නමුත් කාලයක් ගියාම තමයි මට තේරුණේ රංගනය හදාරන්න ඕනෙ කියලා. මහේන්ද්‍ර පෙරේරා මහත්මයාගේ වැඩමුළු කීපයක සම්බන්ධ වෙලා රංගනය ගැන ඉගෙන ගත්තා. එතකොට තමයි මේක හතරැස් ද රවුම් ද කියලා මට තේරුණේ. අපි වගේ නවකයන්ට එක දිගට නිර්මාණ ලැබුණොත් ඒ ලැබෙන චරිත හරහා ක්ෂේත්‍රය පිළිබඳ යම් දැනුමක් යම් පුහුණුවීමක් ලැබෙනවා. ආර්ථිකමය වශයෙන් ස්ථාවරයක් නැති නිසා රංගන ක්ෂේත්‍රයට පැමිණි මුල්කාලේ මම ඇතුළු නවකයන් හැමෝටම පොඩි පීඩනයක් එනවා මේක හරියට කරගන්න කරගන්න පුළුවන්ද කියලා. නමුත් දැන් මම රංගනය ටිකකට පැත්තක තියලා ආර්ථික වශයෙන් ස්ථාවර වෙන එක ගැන හිතුවා. මම දැන් මගේ ඒ ඉලක්කවලට ගිහින් තියෙනවා. දැන් මට ඒ පීඩනය අවමයි. මම ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න ඉන්න අලුත් කෙනෙක්ට වුණත් කියන්නේ මුලින්ම ආර්ථිකමය වශයෙන් ස්ථාවර වෙන්න කියලා. මොකද එහෙම නැත්නම් තෝරාගැනීමක් කරන්නෙ නැතුව ලැබෙන හොඳ නරක හැම නිර්මාණයකටම සම්බන්ධ වෙන්න වෙනවා. එහෙම වුණාම වෙන්නේ කාලයක් ගිහිල්ලා නැවත ආපසු හැරිලා බලනකොට සම්බන්ධ වුණ ගුණාත්මක නොවන චරිත පිළිබඳව පසුතැවීමක් ඇති වෙන එක. පසුගිය කාලය මට ලැබුණ නිර්මාණ ප්‍රතික්ෂේප කරන්න ප්‍රධාන හේතුව වුණේ පිටපත. ඒ නිර්මාණවල පිටපත දෙන්නේ එවෙලේ. ජවනිකාවට විනාඩි ගාණකට කලින්. මම ඉගෙන ගත්ත දේවල් අනුව රංගන ශිල්පියෙක්ට පිටපත ලැබෙන්න ඕනේ රූගත කිරීම්වලට කාලයකට කලින්.

 

රංගනය තුළ හේෂාන්ට මීට වඩා යමක් කරන්න තිබුණා කියලා හිතෙන්නේ නැද්ද?

 

එහෙම එකෙක් හිතෙනවා. නමුත් මම ඒ ගැන පසුතැවෙන්නේ නැහැ. මම වැඩිය කලා නිර්මාණවකට සම්බන්ධ නොවෙන්න ප්‍රධාන හේතුව නිර්මාණවල ගුණාත්මක භාවයක් නැතිකම. නිරූපණ ශිල්පියෙක් විදිහට වැඩ කරද්දී විදේශ රටවල් ගණනාවක වෙළෙඳ දැන්වීම්වලට මම පෙනී ඉඳලා තියෙනවා. ඒවායේ වැඩ කරලා ලංකාවේ නිර්මාණවලට සම්බන්ධ වුණාම ඒ වැඩ කරන විදිහ අහසට පොළොව වගේ කියලා තේරුණා. මොකද ලංකාවේ ගොඩක් කලා නිර්මාණ හැදෙන්නේ පෙර සැලසුමකට නෙමෙයි. ඒකට හේතු ගොඩක් තියෙනවා. ලංකාවට රංගන පාසලක් නැහැ. නිර්මාණ හැදෙන්නේ ආර්ථික ප්‍රතිලාභ ගැන හිතලා විතරයි. ඒ නිසා ඇත්තටම නිර්මාණකරණයේ යෙදෙන්නන් ඒ වෘත්තියට සුදුසුද කියල ප්‍රශ්නයක් එනවා ඒ නිසා වැඩ කරන්න අමාරුයි. මම කැමතියි වැඩක් පෙර සැලසුමකට අනුව වැඩ කරන්න. රංගන ශිල්පීන් පවා වෙලාවට වැඩ නොකරන, සැලසුමකට අන්ව වැඩ නොකරන බව පෙනෙනවා. මම නිරූපණ ක්ෂේත්‍රයේත් වැඩ කරන නිසා මට කාලය හරි වටිනවා. ඒ නිසා මම පසුගිය කාලයේ මට ලැබුණු නිර්මාණ කීපයක්ම බොහොම කාරුණික විදිහට ප්‍රතික්ෂේප කළා.

 

රංගනය ගැන තව හදාරන්න අදහසක් නැද්ද?

 

අනිවාර්යයෙන්ම තියෙනවා. මම තව රංගන වැඩමුළු හොයාගෙන ගිහින් ඒවාට සම්බන්ධ වෙනවා. මේ කොරෝනා වසංගතය නිසා ඒ වැඩමුළු හැමදේම අත්හිටුවලා තියෙන්නෙ. මම රංගනය ගැන හදාරන්න ආසයි. ඇත්තටම මට රඟපාන්න ඕනෙත් නැහැ. මම රඟපානවාට වැඩිය රංගනය ගැන හදාරන්න කැමති කෙනෙක්.

 

හේෂාන් මනුල කියන්නේ නිරූපණ ක්ෂේත්‍රයේ දීර්ඝ කාලයක් නිරත වන කෙනෙක්?

 

ඔව්. දැනට ක්ෂේත්‍රයේ රැඳීලා ඉන්න නිරූපණය ශිල්පීන්ගෙන් ජ්‍යෙෂ්ඨතම නිරූපණ ශිල්පියා මම. මම විදේශ රටවල පවා හොඳම විලාසිතා සන්නාමවල නිරූපණ ශිල්පියා විදිහට වැඩ කරලා තියෙනවා. මම ක්ෂේත්‍රයට එන්නේ නිරූපණ ශිල්පියෙක් විදියට. ඊටපස්සේ නාළිකා තුනක වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් විදිහය වැඩ කළා. මම ක්ෂේත්‍රයට ඇවිත් දැන් අවුරුදු 14ක් වෙනවා.

ලංකාවේ විලාසිතා ක්ෂේත්‍රය ගැන මොකද හිතෙන්නේ?

 

ඉතා හොඳ ඉහළ තැනක තියෙනවා. ඒකට හේතුව අද වෙනකොට ලංකාවේ තරුණ විලාසිතා නිර්මාණ ශිල්පීන් සහ ජ්‍යෙෂ්ඨ විලාසිතා නිර්මාණ ශිල්පීන් එකතුවෙලා ලංකාවේ විලාසිතා ක්ෂේත්‍රය හොඳ තැනකට අරගෙන ගිහින් තියෙනවා. ඒ වගේම අද වෙනකොට ලංකාවට විදේශ රටවලින් පවා ඇවිත් නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා තියෙනවා.

 

ලංකාවේ හොඳ නිරූපණ ශිල්පියෝ නැති නිසාද විදේශ රටවල නිරූපණ ශිල්පියෝ මෙරට විලාසිතා ක්ෂේත්‍රයට එන්නේ?

 

ලංකාවේ හොඳ නිරූපණ ශිල්පියෝ ඉන්නවා. හැබැයි අතේ ඇඟිලි ගාණටත් අඩුවෙන් ඉන්නේ. ඊධන ර්ධඤඥත කෙනෙක් කියන්නේ ඉහළ වෙළඳ සන්නාමයක් යටතේ ජ්චඵඩඪධද ඵඩධඹඵවල නිරූපණ කටයුතු කරන අයට. ලංකාවේ මේ තත්ත්වයේ ඉන්න නිරූපණ ශිල්පියෝ ඉන්නේ බොහොම ටිකදෙනයි. ඒ නිසයි පිටරටින් නිරූපණ ශිල්පියෝ ගෙන්වන්න වෙන්නේ. ඒ වගේම විලාසිතා නිර්මාණ ශිල්පීන් විලාසිතා නිර්මාණය කරන්නේ විවිධ වර්ණවලින් යුක්ත මිනිස්සුන්ට. ඒ නිසා විවිධ වර්ණවලින් නිරූපණ ශිල්පීන් අවශ්‍ය නිසාත් විදේශයන්ගෙන් නිරූපණ ශිල්පීන් එනවා.

 

නිරූපණ ක්ෂේත්‍රය කොයිතරම් දියුණු වුණත් තවමත් ලංකාවේ නිරූපණ ශිල්පියෝ ගැන මිනිස්සුන්ට තියෙන්නේ වැරදි ආකල්පයක්. ඒ ගැනත් කතා කරමු?

 

මේ ක්ෂේත්‍රය ගැන නොදැනුවත් අය ඒ වගේ විවේචන කරනවා. විශේෂයෙන් දැන් නිරූපණ ක්ෂේත්‍රයට එන අය ක්ෂේත්‍රයේ ඉන්න හැඩගැන්වීම් ශිල්පීන්ට, ඡායාරූප ශිල්පීන්ට රැටටෙනවා. ඒ තුළින් බිහි වෙන්නේ බාල නිරූපණ ශිල්පීන්. ඒ වගේම ලංකාවේ මිනිස්සු තාමත් ඉන්නේ ඇඳුම් තියෙන්නේ විලි වහගන්න විතරයි කියන මතයේ. ඒ අයට ටචඵඩඪධද ගැන ඵබරතඥ ගැන අවබෝධයක් නැහැ. ඒ නිසා ර්ධඤඥතඪදඨ ගැන වැරදියට පේන එක සාධාරණයි.

 

නිරූපණය ක්ෂේත්‍රයේ පවතින ගැටලු මොනවාද?

 

ප්‍රධානම ගැටලුව ලංකාව පවත්වන ගුණාත්මක නොවන පැජන්ට්. ඒවා වහාම නියාමනය කරන්න ඕනේ කියලා මම හිතනවා. ලංකාවේ ලොකු මාෆියාවක් යනවා ඡායාරූප ශිල්පීන් සහ නිරූපණ ශිල්පීන් තමන්ගේ තැන හදාගන්න අය කරන්නේ නැතිව නොමිලේ වැඩ කරන්න පුරුදු වෙලා. ඒ නිසා මේ ක්ෂේත්‍රය බාල්දු වෙලා තියෙන්නේ. ඒ වගේම නිරූපණ ශිල්පීන් නොවන අය නිරූපණ ශිල්පීන් යැයි කියා ගැනීමත් ලොකු ගැටලුවක්.

හේෂාන්ගේ පෞද්ගලික විස්තර ගැන කිව්වොත්?

 

මගේ පවුලේ ඉන්නේ අම්මයි තාත්තයි අයියයි අක්කයි. අයියයි අක්කායි දෙන්නාම විදේශගත වෙලා ඉන්නේ. මම ඉන්නේ අම්මායි තාත්තායි අක්කාගේ දුවයි පුතායි දෙන්නායි එක්ක.

 

විවාහ වෙන්න බලාපොරොත්තුවක් නැද්ද?

 

මම ටිකක් නිදහස බලාපොරොත්තු වෙන කෙනෙක්. ඒ වගේම අනිත් පාර්ශ්වයට අසීමිත නිදහසක් දෙන කෙනෙක්. ලංකාවේ සංස්කෘතිය එක්ක හැදුණු ගෑනු ළමයි බහුතරයක් කැමති සැමියාගේ නීති එක්ක එක රාමුවකට කොටුවෙලා පවුල් ජීවිතේ ගත කරන්න. ඒ නිසා ගෑනු ළමයි මාව තේරුම් ගනීවිද කියලා ගැටලුවක් තියෙනවා. ඒ වගේම මම තනිකඩ ජීවිතේ සෑහෙන්න විඳීනවා. නමුත් විවාහ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. ගෙදරින් පවා දැන් සෑහෙන්න ඒ ගැන කියනවා. ඒත් සුදුසු කෙනෙක් මුණගැහෙන්න ඕනේ.