වර්ෂ 2017 ක්වූ ජූලි 22 වැනිදා සෙනසුරාදා




සෝමපාල රත්නායක කලුරිය කරයි
පුතුන් ත්‍රී මූර්තියෙන් යළිත් වසන්තය සිඩ්නි නුවරට
ධර්මයුද්ධය කොළඹ-යාපනය ඇතුළු සිනමා ශාලා පනහක
ප්‍රින්ස් වෙනුවෙන් ‘ආදරණිය ප්‍රින්ස්’ ප්‍රසංගය හෙට
අධිරජ ධර්මාශෝක ධර්මා
ජලය විදුලිය කෙටි චිත්‍රපටයට රවිඳු සම්මාන දිනයි
අනේ මගේ නඩුව අසනු එච්.එස්.පෙරේරා බිරිය රාණිගෙන් ඉල්ලීමක්
ජුනි 30 සිට රස ගුවනට
සරල විහිළු නෑ
“පතිට පනහයි” ධර්මසේන පතිරාජ නිර්මාණාවලෝකනය ජුනි 26 දා
මහාචාර්ය සේන නානායක්කාරට සම්මානයක්
සුභාවිත 17 දා
ITN නව පරිපාලන ගොඩනැගිල්ල ජනපති අතින් . . .
සිනෙස්ටාර් පදනමේ වෛද්‍ය සායනය
සු.මි සමුගනී
සඳ පහනින් ඇඳි රූ
රන්ජන් ජයතිලකගේ ‘තිනුලි’ ජනපති සුරතට
රයිගම් ටෙලීස් දිනන්නේ කවුද?
සිබිල් වෙත්තසිංහ - අයිරාංගණී සේරසිංහ සමඟ රංගනයට එක්වෙති
අභින එළිමහන් රංග පීඨය මගේ දිගුකාලීන සිහිනයක්
වෙසක් පෝයට දමයන්තිගෙන් ගීත පූජාවක්
වසන්ත ඔබේසේකරයන් ගේ අභාවය වෙනුවෙන් විශේෂයෙනි

වසන්ත ඔබේසේකරයන් ගේ අභාවය වෙනුවෙන් විශේෂයෙනි

පළඟැටියෝ සොයන්න වසන්ත සමඟ ආමර්වීදියට ගියෙමි

‘මචං, මේ වසන්ත ඔබේසේකර . . . සත් සමුදුරේ’

ලාල් දිසානායක මට හඳුන්වා දුන්නේය.

‘සහාය අධ්‍යක්ෂ. සම තිර නාටක රචක. මම අහල තිබුණට දැක්කේ අද?’ මම වසන්තගේ අත අල්ලා ගතිමි.

‘දැන් මූට අපේ දෙවෙනි චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්න දීලා තියෙන්නේ. නම – ‘වෙස් ගත්තෝ’ ලාල් කීවේය.

මගේ මතකය හරි නම් ඒ 1968 වසරය. ආනන්දයේ සිසුන් නිර්මාණය කළ රංජිත් ලාල් අධ්‍යක්ෂණය කළ ‘නිම්වළල්ල’ චිත්‍රපටයේ සංස්කරණ ශිල්පියා වූ ලාල් වූ අතර මම එහි කලා අධ්‍යක්ෂවරයා වීමි. ලාල් ‘සත් සමුදුර’ චිත්‍රපටය නිෂ්පාදනය කළ දොස්තර ලීනස් දිසානායකගේ පුතාය.

වසන්ත හා මා මුල්වරට හඳුනා ගත්තේ ලාල් දිසානායකගේ වෝඩ් පෙදෙසේ පිහිටි නිවසේ ඔහුගේ සංස්කරණ මැදිරියේදීය. එදා හඳුනා ගත් වසන්ත නැවතත් හමු වූයේ 1969 වසරේ ලේක්හවුසියේ පඩි පෙළ නඟිද්දීය.

එවකට වසන්ත ‘ඩේලිනිව්ස්’ පත්‍රයේ උප කතුවරයකු වූ අතර මා ‘සරසවිය’ කර්තෘ මණ්ඩලයට අනුයුක්තව සිටියේය. වසන්ත ප්‍රකට මිනීමැරුම් කිහිපයක රසවත් විශේෂාංග ලියමින් සිටියේය.

‘මචං මේ දවස්වල මම ‘වෙස්ගත්තෝ’ ඉවර කරමින් ඉන්නේ’ ඔහු කීවේ ලේක්හවුස් කැන්ටිමේ තේ බොන අතරය.

ඔහු හා මා ‘මචං’, ‘උඹ‘ කියා ගත්තද මට වඩා වසන්ත වසර 10 කින් පමණ වැඩිමහලුය.

‘මචං උඹේ ෆිල්ම් එකේ පින්තුර ටිකක් ගෙනත් දියන්. අපි පින්තූර පිටුවක් දාමු’ මම කීවෙමි.

පසුදා ඔහු පින්තූර රැසක්ම ගෙනත් දුන්නේය. සරසවිය පුවත්පතේ කලා සංස්කාරකවරයා වූ මිස්ටර් නිමල් (නිමල් පෙරේරා අභයවර්ධන) මම පින්තුර පෙන්නුවෙමි.

‘මේකට ‘ස්ටෝරි බෝඩ්’ එකකුත් රංජිත්ම ලියන්න’ මිස්ට නිමල් මට කීවේය.

මම වසන්තට උපරිම සහාය දුනිමි. ඔහු අප ආයතනයේ උප කතුවරයෙකි. සරසවිය නියෝජ්‍ය කර්තෘ ලක්ෂ්මන් වික්‍රමසිංහ ද වසන්ත හා පේරාදෙණියේ ලංකා විශ්වවිද්‍යාලයේ සමකාලීන ශිෂ්‍යයන් වීම නිසාත් වසන්තගේ කලාත්මක සිනමාවට ඇති නැඹුරුවට අපි සහාය දුන්නෙමු. කෙසේ වුවද අප නිර්මාණය කළ නිම්වළල්ල 1970 නොවැම්බර් 18 තිරගත වූ අතර වසන්තගේ ‘වෙස්ගත්තෝ’ 1970 දෙසැම්බර් 10 වෙනිදා ද තිරගත වූහ.

සත්‍ය කතා ඇසුරෙන් චිත්‍රපට ලිවීමේ ආසාවක් කුතුහලයක් වසන්තට තිබුණි. විශේෂයෙන් මිනීමැරුම් කතාය. එකල ඉමහත් ආන්දෝලනයකට ලක් වූ කඩුගන්නාවේ මිනීමැරුම ගැන ඔහු බොහෝ දිනවල ලේක්හවුස් කැන්ටිමේදී කතා කළේය.

‘මචං ඔය මිනීමැරුමට සම්බන්ධ අච්චු කන්තෝරුව තිබුණේ ආමර් වීදියේ කැපිටෝල් සිනමා එක ළඟ. ඒක තාම තියෙනවා. ප්‍රෙස් එකේ නම ‘මන්ත්‍රී ග්‍රෙගරි ප්‍රෙස්’. මා උපන්න කොස්ගස් හන්දිය පේන මානයේ තිබුණේය. ප්‍රෙස් එකේ අකුරු ඇමුණූ තරුණයාගේ නම ටෙනිසන්ය.

ප්‍රෙස් එක අයිතිකාරයාගේ නම මන්ත්‍රී ග්‍රෙගරිය. ද්‍රවිඩ ජාතිකයෙක්. අයිතිකාරයාගේ දුව රාණි. ටෙනිසන් රාණිට ආදරය කළා. පස්සේ තාත්තාගේ විරෝධය මැද මේ දෙන්නා පැනලා ගියා. පත්තරවල පළ වෙලා තිබුණා කඩුගන්නාව පැත්තේ ළිඳකින් නාඳුණන තරුණියකගේ මළ කඳක් හමු වුණා කියලා. පස්සේ තමයි හෙළි වුණේ ඒ රාණිගේ මළ කඳ කියලා.’

‘උඹ දන්න දේවල්. ෂාඞ මට පොටක් පෑදුණා. රාණිගේ තාත්තා තාම ඇති මගෙ හිතේ’ වසන්ත කුතුහලයෙන් ඇසුවේය.

‘ඔව් ඔව් මගේ තාත්තගේ යාළුවෙක් ග්‍රෙගරි මහත්තයා. අපේ තාත්තටත් ප්‍රින්ටින් ප්‍රෙස් එකක් තිබුණා. ඔය ග්‍රෙගරි මහත්තයාගේ ප්‍රෙස් එක ගාව අන්සාරි පොත් සාප්පුව තිබුණේ. ඒක අයිති අන්සාරි මාමා තාත්තගේ ගජයා. හැන්දෑ වරුවක අන්සාරි මාමා බලන්න ගියාම මේ දෙන්නා ග්‍රෙගරි මහත්තයාගේ ප්‍රෙස් එකට යනවා. ඔය මිනීමැරුම ගැන අම්මයි තාත්තයි කතා කරනවා මම අහගෙන ඉන්නේ කුතුහලයෙන්.

මම එතකොට වයස 15 ක් විතර ඇති. මම දිනමිණ පත්තරෙන් විස්තර කියෙව්වා. මට තාම මතකයි රාණිගේ ඉදිමුණු මුහුණ සහිත පින්තූරයක් පත්තරේ ගියා.’

‘මරු තොරතරු ටිකක් උඹ දුන්නේ. වෙලාවක අම්මයි, තාත්තයි, අන්සාරියි, ග්‍රෙගරියි බලන්න යමුද?’ වසන්ත කීය.

‘අම්මා නං ජීවතුන් අතර නෑ. තාත්තා හුඟක් විස්තර දන්නවා ඇති’ මම කීවෙමි. ඊට කාලයකට පසු වසන්ත අධ්‍යක්ෂණය කළ ‘පළගැටියෝ’ චිත්‍රපටයට පසුබිම් වුණේ ටෙනිසන් හා රාණිගේ ඛේදවාචකයය.

‘මචං මම ලේක්හවුස් එකට ආවේ ඩිග්‍රි එක කරපු ගමන්. මට දුන්නේ ඔය නඩුව රිපෝට් කරන්න. එතකොට ෆිල්ම්ස් ගැන උනන්දුව තිබුණා. මම පේරාදෙණියේ ඉන්න කාලේ ෆිල්ම් සොසයිටි එකට බැඳිලා හිටියා.

ඒකේ සභාපති සරත් අමුණුගම. උප සභාපති පාලිකා ද සිල්වා (පසුව අමුණුගම) ඩී. බී. නිහාල්සිංහ, එච්. එච්. බණ්ඩාර, ලයනල් ප්‍රනාන්දු, එච්. එල්. සෙනෙවිරත්නත් හිටියා. මහාචාර්ය සිරි ගුණසිංහ අනුශාසකය. මේ සංගමය ඔස්සේ ඔවුහු උසස් ගණයේ යුරෝපීය චිත්‍රපට නැරැඹූහ.

වසන්ත ඔබේසේකර තම සිනමා සම්ප්‍රාප්තිය ගැන ආචාර්ය නුවන් නයනජිත් කුමාර ලියූ ‘නිහාල්සිංහ : පුරෝගාමි තෙවැනි ඇස’ (2012) කෘතියේ මෙසේ සඳහන් කර ඇත. එහි ආ මෙතෙක් ඔහු ගැන නෑසූ පුවතක් ද අනාවරණය වෙයි.

‘නිහාල්සිංහයි මායි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමකාලීන ශිෂ්‍යයෝ. ඔහුට ඒ යුගයේ පටන්ම විත්ති කතා හා වාර්තා චිත්‍රපට තනලා අත්දැකීම් තිබුණා.

මහාචාර්ය ගුණසිංහට චිත්‍රපට අධ්‍යක්ෂණය කිරීමට ආසාවක් තිබුණා. ඇමරිකාවේදී ඔහු සිනමා පාඨමාලාවක් හැදෑරූ බවත් කීවා. සිරි ගුණසිංහයි, මායි මුලින්ම ලෙනාඩ් වුල්ෆ්ගේ The Village in the Jungle (බැද්දේගම) නවකතාව පාදක කොට තිර නාටකයක් ලීවා. ඊට පෙර මා ලෙනාඩ් වුල්ෆ් හමු වී ඔහු හා සාකච්ඡා කොට කරුණු රැස් කළා.

අපි පේරාදෙණියේ විශ්වවිද්‍යාලයේ නිසා රු: 5,000 ක වැනි අඩු මුදලකට ඔහු මේ චිත්‍රපටගත කිරීමේ අවසරය අපට දුන්නා. ඉන්පසු සිලෝන් තියටර්ස් සමාගමට ගිහින් අපි මේ ගැන සාකච්ඡා කළා. මේ චිත්‍රපටයට ගීත යොදා ගත හැකි ද යන පැනය ඔවුන් මතු කළා.

පසුව අපේ මේ ගිවිසුම ගැන අවබෝධයක් තිබූ මා දන්නා කෙනෙකුගේ මැදිහත්වීමෙන් මේ අවස්ථාව අපට අහිමි වුණා. මා ලෙනාඩ් වුල්ෆ්ගෙන් මේ ගැන ඇසුවාම ‘අයියෝ මං හිතුවේ මං අත්සන් කළේ ඔයාගේ ගිවිසුමකට කියලයි’ වසන්ත පවසා තිබුණි.

සිරි ගුණසිංහ ඊළඟට යොමු වී ඇත්තේ දොස්තර ලීනස් දිසානායක වෙතය. ඔවුන්ගේ අරමුණ වූයේ ගුණසේන ගලප්පත්තිගේ ‘මූදු පුත්තු’ තිරයට නැඟීමටය. සිරි ගුණසිංහත්, වසන්තත් එක්ව තිර නාටකය ලියුවත් (එය ඉංග්‍රීසියෙන් ලියූ අතර සිංහලයෙන් තිබී ඇත්තේ දෙබස්) එයත් අතරමග නතර වූ පසු විශ්වවිද්‍යාලයේ හිටිය නිහාල්සිංහ හා එඩ්මන් විජේසිංහ එකතු කරගෙන සිරිත්, වසන්තත් ‘සත් සමුදුර’ තිර නාටකය ලියූහ. චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ සිරි ගුණසිංහය.

‘සත් සමුදුර’ වාණිජ අතින් අසාර්ථක වුවත් දොස්තර ලීනස් වසන්තට අපූරු යෝජනාවක් කර ඇත. එඥ චපඥ දධ ඒදඨඥතඵ නමැති චිත්‍රපටය ඇසුරෙන් හිරෙන් පැන යන හිරකාරයන් තිදෙනකුගේ අත්දැකීම් සහිත හාස්‍යෝත්පාදක තිර රචනයක් ලිවීමටය ඒ.

‘වසන්තයෝ උඹම මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරපන්’ දොස්තර ලීනස් දුන් අභියෝගය වසන්ත පිළිගත්තේය. මෙහි ප්‍රධාන චරිත රඟපෑවේ සිරිල් වික්‍රමගේ, සෝමසිරි දෙහිපිටිය හා නාමෙල් වීරමුණිය. එවකට රාජ්‍ය චිත්‍රපට සංස්ථාව බිහි වී එහි මහා කළමනාකරු වූයේ නිහාල්සිංහය.

දොස්තර ලීනස් එහි අධ්‍යක්ෂවරයෙකි. මේ වන විට වසන්ත ‘වල්මත් වූවෝ’ චිත්‍රපටය නිපදවීමට සැලසුම් කොට තිබුණි. පළමුවරට චිත්‍රපටයකට 50% ක් ණය දෙන ක්‍රමය යටතේ වසන්තට ‘දියමන්ති’ කිරීමට අවස්ථාව උදා විය. ඊට පසුව සංස්ථාව 100% ණය දීම යටතේ මුලින්ම තෝරා ගත්තේ ද වසන්ත ලියූ ‘පළගැටියෝ’ ය.

1937 දෙසැම්බර් 29 වෙනිදා අලුත්ගම මීගම උපත ලැබූ වසන්ත ඔබේසේකර හොරණ රජයේ විද්‍යාලයක උගෙන ලංකා විශ්වවිද්‍යාලයට ගොස් ඇත.

ඔහුගේ පියා කොළඹ දේශීය වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්ය ඩී. ඩී. උබේසේකර මහතාය. දොන් ඩේවිඩ් ඔබේසේකර නම් ඔහු අනගාරික ධර්මපාලතුමාගේ අනුගාමිකයකුව ‘දොන් ඩේවිඩ්’ නාමය අත්හැර ‘ඩී. ඩී. උබයසේකර’ නමින් වෛද්‍ය ග්‍රන්ථකරණයෙහි යෙදුණු විද්වතෙකි.

ඔහු ලියූ වෛද්‍ය පොතපත අතර ‘අවිනිශ්චිත ඖෂධ’ (1966) වඩාත් කැපී පෙනෙයි. මෙම ග්‍රන්ථයෙන් පිටපතක් මට තෑගි කළ වසන්ත තම පියා හා වැඩිමහල් අයියා ගැන මට තොරතුරු කියා ඇත.

මෙම ලියුම්කරුගේ විවාහ වූ දිනයේ මහාචාර්ය සුනිල් ආරියරත්න හා වසන්ත සහභාගි වූ මේ ඡායාරූපය ලාල් හෑගොඩගෙනි.

‘මගේ අයියා මහාචාර්ය ගනනාත් ඔබේසේකරය. ඔහු ඇමෙරිකාවේ නිව්ජර්සි හි ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයේ මානව විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයා ලෙස කටයුතු කොට දැන් මහනුවර පදිංචිව සිටිනවා. ඔහු කලකට ඉහත අමරදාස වීරසිංහ සමඟ හෙන්රික් ඉබ්සන්ගේ ‘ඩෝල්ස් හවුස්’ නාට්‍ය ‘සෙල්ලම් ගෙය’ නමින් සිංහලයට පරිවර්තනය කළා.

මහාචාර්ය ඔබේසේකරගේ බිරිඳ රංජනී ඔබේසේකර බර්නාඩාගේ ‘සිපිරි ගෙය’ නමින් කලකට ඉහත අනුවර්තන නාට්‍යයක් කළා. අයියා වගේම තාත්තත් පර්යේෂණ කරපු කෙනෙක්.

1954 තාත්තා දේශීය වෛද්‍ය විද්‍යාලයෙන් විශ්‍රාම ගැනීම නිමිති කොට ඒ වෙනුවෙන් ශිෂ්‍යයන් සංවිධානය කළ උත්සවයකදී ඉතා උසස් වර්ගයේ පාකර් පෑනක් ඔහුට පිළිගන්වා ඔවුන් කියා ඇත්තේ මේ පෑනින් වන ඖෂධ ගැන පොත් ලියන හැටියටයි. තාත්තා ‘රස ශාස්ත්‍ර’ හා ‘අවිනිශ්චිත ඖෂධ‘ නමින් පොත් දෙකක් හා තවත් පොත් කිහිපයක් ලිව්වා.’

වසන්තට සිනමාව ගැන මුලින්ම ඇල්ම ඇතිව ඇත්තේ තම අයියා (ගණනාත ඔබේසේකර) 1953 බිහි වූ ‘සංස්කෘති’ සඟරාවට (සංස්කාරකවරු - අමරදාස වීරසිංහ, ගණනාත ඔබේසේකර හා ඇස්. ජී. සමරසිංහ) ලියූ සිනමාව පිළිබඳ ලිපිය. 1954 අයියා සංස්කෘති සඟරාවට ලිව්ව ‘කැලෑහඳ’ චිත්‍රපට විචාරය මගේ සිනමා රස වින්දනය අමුතු මානයකට ගෙන ගියා. එදා ඔහු ලියූ විචාරයේ මාතෘකාව ‘ගැමි සංස්කෘතිය නැසීමට උදව් වන චිත්‍රපටයක්’ එහි කොටසක් වේ.

‘කැලෑහඳ අධ්‍යක්ෂවරයා චිත්‍රපට නිෂ්පාදනය කලාවක් බව වටහා ගත් බව නොපෙනේ. සැලෝලයිඩ්වලට නැඟූ ඡායාරූප පෙළක්, තත්පරයක විසිහතර බැගින් තිරයක පෙන්වීම චිත්‍රපට කලාව යැයි ඔහුගේ වැටහීමයි. මේ චිත්‍රපටයේ ඡායාරූපවලට නඟා අති අන්දම දුර්වලය.’

වසන්ත වෘත්තාන්ත චිත්‍රපට 13 ක් නිර්මාණය කර ඇත. වෙස්ගත්තෝ - වල්මත් වූවෝ - දියමන්ති – පළඟැටියෝ - දඩයම – කැඩපතක ඡායා - මාරුතය - දොරකඩ මාරාව - තිර්ථ යාත්‍රා - සලෙලු වරම – අසනි වර්ෂා - සෙව්වන්දි - ආගන්තුකයා මේ චිත්‍රපටයි.

ඔහු 1971 වසරේ Conservatoire Independent Du Cinema Francais, Paris හි සිනමාව පිළිබඳ ඩිප්ලෝමාව දිනාගත් අතර ‘ළමයෙක්’, ‘බැඳුණු බැමි’, Agenda for a Small Planet, Meeting Two Worlds (ලෝක දෙකක් හමුවීම) වාර්තා චිත්‍රපට ඔහු නිර්මාණ කර ඇත.

එක් කලක වසන්ත පදිංචිව සිටි බම්බලපිටියේ ලෝරිස් පාරේ නිස එකල සරසවි මණ්ඩපයක්ම විය. විජය කුමාරතුංග, සෝමසිරි දෙහිපිටිය, ධර්මසේන පතිරාජ, ඩබ්ලිව්. ජයසිරි, සිරිල් වික්‍රමගේ, ප්‍රසන්න විතානගේ, ක්‍රිෂ්ටි ෂෙල්ටන්, සනත් ගුණතිලක ආදීන්ගෙන් පිරි ඉතිරී යති. වසන්තගේ ප්‍රිය වචන, සිනා හඬ, තර්ක, විතර්ක පිරීඉතිරී යයි. ඒ ප්‍රිය සමාගමට කිහිපවතාවක් එක් වූ මට ඔහු මියගිය බව කෙසේ සිතන්නද?