වර්ෂ 2017 ක්වූ ජූලි 22 වැනිදා සෙනසුරාදා




සෝමපාල රත්නායක කලුරිය කරයි
පුතුන් ත්‍රී මූර්තියෙන් යළිත් වසන්තය සිඩ්නි නුවරට
ධර්මයුද්ධය කොළඹ-යාපනය ඇතුළු සිනමා ශාලා පනහක
ප්‍රින්ස් වෙනුවෙන් ‘ආදරණිය ප්‍රින්ස්’ ප්‍රසංගය හෙට
අධිරජ ධර්මාශෝක ධර්මා
ජලය විදුලිය කෙටි චිත්‍රපටයට රවිඳු සම්මාන දිනයි
අනේ මගේ නඩුව අසනු එච්.එස්.පෙරේරා බිරිය රාණිගෙන් ඉල්ලීමක්
ජුනි 30 සිට රස ගුවනට
සරල විහිළු නෑ
“පතිට පනහයි” ධර්මසේන පතිරාජ නිර්මාණාවලෝකනය ජුනි 26 දා
මහාචාර්ය සේන නානායක්කාරට සම්මානයක්
සුභාවිත 17 දා
ITN නව පරිපාලන ගොඩනැගිල්ල ජනපති අතින් . . .
සිනෙස්ටාර් පදනමේ වෛද්‍ය සායනය
සු.මි සමුගනී
සඳ පහනින් ඇඳි රූ
රන්ජන් ජයතිලකගේ ‘තිනුලි’ ජනපති සුරතට
රයිගම් ටෙලීස් දිනන්නේ කවුද?
සිබිල් වෙත්තසිංහ - අයිරාංගණී සේරසිංහ සමඟ රංගනයට එක්වෙති
අභින එළිමහන් රංග පීඨය මගේ දිගුකාලීන සිහිනයක්
වෙසක් පෝයට දමයන්තිගෙන් ගීත පූජාවක්
ප්‍රින්ස් වෙනුවෙන් ‘ආදරණිය ප්‍රින්ස්’ ප්‍රසංගය හෙට

ප්‍රින්ස් වෙනුවෙන් ‘ආදරණිය ප්‍රින්ස්’ ප්‍රසංගය හෙට

ආදරණීය ප්‍රින්ස් අප අතරින් වෙන් වී මේ වන විට මාසයක් ඉක්මවා ගොසින්. එහෙත් ඔහුගේ ගී හඬ කෙදිනකවත් ජන හද තුලින් නික්මී නොයන බව නම් සහතිකයි. ගීමල් කළඹක් අප වෙත දායාද කරමින් ගී ලොව කුමාරයා ලෙස විරුදාවලිය ලත් ප්‍රින්ස්ගේ අකල් මරණය සිදු වුණේ පිරවිය නොහැකි හිදැසක් ඉතිරි කරමින්. දැඩි ලෙස රෝගාතුරව වසර දෙකකට ආසන්න කාලයක් ඔහු ප්‍රතිකාර ලැබුවා. ප්‍රින්ස්ව ප්‍රකෘති තත්ත්වයට ගෙන එමට ඔහුගේ නැගණිය නොගත් උත්සාහයක් නැහැ.

ප්‍රින්ස්ගේ රෝහල් බිල ගෙව්වේ ද ගේදොර ඉඩකඩම් විකුණමින්. එහෙත් ඔහුට මෙලොව නතරවීමට නොහැකි වුණා. ප්‍රින්ස් මිය යන විට ප්‍රතිකාරගත රෝහලෙහි බිල රුපියල් විසිපන් ලක්ෂ තිස් අට දහසක්. එය ගෙවා ගැනීමට ප්‍රින්ස්ගේ නැගණියට හැකියාවක් ලැබුණේ නැහැ.

රෝහලේ ප්‍රධානි ජයන්ත ධර්මදාස මහතාගේ මැදිහත්වීම මත පසුව බිල ගෙවා දැමීමේ පොරොන්දුව මත ප්‍රින්ස්ගේ දේහය මුදාහරනු ලැබුවා. ප්‍රින්ස්ගේ ඒ ගාස්තුව ගෙවා දැමීමට ගායක ගායිකා සංගමයේ සභාපති කීර්ති පැස්කුවල්ගේ මූලිකත්වය ගෙන ප්‍රසංගයක් පැවැත්වීමට සූදානම් වෙනවා. ඇත්තටම එය මහත් වූ පුණ්‍යකර්මයක්. ප්‍රසංගයේ නම 'ආදරණිය ප්‍රින්ස්'. මෙම මස 14 එනම් හෙට දින සවස 6.30 ට මහරගම තරුණ සේවා සභාවේ යොවුන් රඟහලේදීය.

මෙම විචිත්‍රවත් වූ ප්‍රසංගය පැවැත්වෙන්නේ ජාතික තරුණ සේවා සභාවේ සභාපති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ එරංදික වැලිඅංගගේ සුවිශේෂී සහයෝගීත්වයෙන් සංවිධානය වූ මෙම ප්‍රසංගයෙහි සංගීතය සපයනු ලබන්නේ යූත් එක්ස්ට්‍රීම් වාද්‍ය වෘන්දයයි. කීර්ති පැස්කුවල්, මධුමාදව අරවින්ද, ටිරෝන් මද්දුමගේ, සේනක උබේසිංහ සහ නුවන් සමරසිංහගේ සංවිධාන ශක්තියෙන් පැවැත්වෙන ආදරණීය ප්‍රින්ස් ප්‍රසංගයෙහි ගායන දායකත්වය ටී. එම්. ජයරත්න, අමරසිරි පීරිස්, එඩ්වඩ් ජයකොඩි, කරුණාරත්න දිවුල්ගනේ, ප්‍රියා සූරියසේන, කීර්ති පැස්කුවල්, නාමල් උඩුගම, ආත්මා ලියනගේ, නිරෝෂා විරාජිනි, චරිතා ප්‍රියදර්ශනී, සමිතා එරන්දතී, රෝහණ බෝගොඩ, මරියසෙල් ගුණතිලක, ජගත් වික්‍රමසිංහ, නෙලූ අධිකාරි, ජානක වික්‍රමසිංහ, භාතිය ජයකොඩි, සංතුෂ් වීරමන්, උමාරියා සිංහවංශ, කසුන් කල්හාර, අමල් පෙරේරා, චාමර වීරසිංහ, චන්දන ලියනාරච්චි, සෝමසිරි මැදගෙදර, චන්ද්‍රසේන හෙට්ටිආරච්චි, මධුමාදව අරවින්ද, රොහාන් ද සිල්වා සහ ටිරෝන් මද්දුමගේ යන අයගෙනි.

කථනයෙන් සේනක උබේසිංහ දායක වෙනවා. සංගීත අධ්‍යක්ෂණය නුවන් සමරසිංහ සහ මාධ්‍ය සම්බන්ධිකරණය ඇන්ටන් ජේ. ප්‍රනාන්දුගෙනි. ආදරණීය ප්‍රින්ස් ප්‍රසංගය නරඹන්න එන්න යැයි ප්‍රසංගයේ ප්‍රධාන සංවිධායක කීර්ති පැස්කුවල් ප්‍රින්ස්ට ළැදි ඔබට විවෘත ආරාධනාවක් කරනවා. ප්‍රසංගය නරඹා ඔබ ලබාදෙන ඒ මුල්‍යමය දායකත්වය සැබවින්ම මියගිය ප්‍රින්ස් වෙනුවෙන් කරනා මහඟු පින්කමක් වේවි.


හර්ෂන, වොල්ගා අලුත් වැඩක

හර්ෂන් බෙත්මගේ සහ වොල්ගා කල්පනී කියලා කියන්නේ කලා ලොවේ ජනප්‍රිය යුවළක්. පසුගිය දිනෙක ඔවුන් පුංචි ව්‍යාපාරයක් ආරම්භ කළා. ඒක දැන්වීම් කළමනාකරන ආයතනයක්. නම වොලොන්රෝ මීඩියා. සියලුම වීඩියෝ නිෂ්පාදන නිර්මාණය සහ විවිධ විශේෂ අවස්ථා කළමනාකරණය කිරීම මෙමඟින් සිදු වෙනවා. තලවතුගොඩ ඔස්ටේෂියා ආයතනපරිශ්‍රයේ වොලොන්රෝ මීඩියා ආරම්භය සිදු වූ දින අවස්ථා කිහිපයක් නිශ්ශංක විජේරත්නගේ උපනෙතට හසු වූයේ මේ අයුරින්.

මේ අවස්ථාව හැඩ ගැන්වීමට ප්‍රවීණ රංගවේදී සනත් ගුණතිලක, අධ්‍යක්ෂ රවීන්ද්‍ර විජේරත්න ඇතුළු අමුත්තන් රැසක් සහභාගී වී සිටියා.


සිනමා වැඩමුළුවක් හෙට

සිනමා ප්‍රේක්ෂක රසවින්දනය ප්‍රවර්ධනය සඳහා ජාතික චිත්‍රපට සංස්ථාවේ අධ්‍යාපන ප්‍රවර්ධන හා සංස්කෘතික අංශය මඟින් දීප ව්‍යාප්තව සිදුකරනු ලබන 'ජීවිතයට සිනමාව' රසවින්දන වැඩමුළුව 2017 ජූලි මස 14 වන (සිකුරාදා) දින කොලොන්නාව බාලිකා විද්‍යාලයේ පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

එම රසවින්දන වැඩසටහනේ දේශන, සංවාද හා චිත්‍රපට ප්‍රදර්ශන පැවැත්වෙන අතර මෙම වැඩමුළුව සඳහා ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි හා චිත්‍රපට අධ්‍යක්ෂ සරත් ධර්මසිරි යන සිනමා අධ්‍යක්ෂවරු එදිනට සහභාගි වනු ඇත.