වර්ෂ 2017 ක්වූ ජූලි 22 වැනිදා සෙනසුරාදා




සෝමපාල රත්නායක කලුරිය කරයි
පුතුන් ත්‍රී මූර්තියෙන් යළිත් වසන්තය සිඩ්නි නුවරට
ධර්මයුද්ධය කොළඹ-යාපනය ඇතුළු සිනමා ශාලා පනහක
ප්‍රින්ස් වෙනුවෙන් ‘ආදරණිය ප්‍රින්ස්’ ප්‍රසංගය හෙට
අධිරජ ධර්මාශෝක ධර්මා
ජලය විදුලිය කෙටි චිත්‍රපටයට රවිඳු සම්මාන දිනයි
අනේ මගේ නඩුව අසනු එච්.එස්.පෙරේරා බිරිය රාණිගෙන් ඉල්ලීමක්
ජුනි 30 සිට රස ගුවනට
සරල විහිළු නෑ
“පතිට පනහයි” ධර්මසේන පතිරාජ නිර්මාණාවලෝකනය ජුනි 26 දා
මහාචාර්ය සේන නානායක්කාරට සම්මානයක්
සුභාවිත 17 දා
ITN නව පරිපාලන ගොඩනැගිල්ල ජනපති අතින් . . .
සිනෙස්ටාර් පදනමේ වෛද්‍ය සායනය
සු.මි සමුගනී
සඳ පහනින් ඇඳි රූ
රන්ජන් ජයතිලකගේ ‘තිනුලි’ ජනපති සුරතට
රයිගම් ටෙලීස් දිනන්නේ කවුද?
සිබිල් වෙත්තසිංහ - අයිරාංගණී සේරසිංහ සමඟ රංගනයට එක්වෙති
අභින එළිමහන් රංග පීඨය මගේ දිගුකාලීන සිහිනයක්
වෙසක් පෝයට දමයන්තිගෙන් ගීත පූජාවක්
ධර්මයුද්ධය කොළඹ-යාපනය ඇතුළු සිනමා ශාලා පනහක

ධර්මයුද්ධය කොළඹ-යාපනය ඇතුළු සිනමා ශාලා පනහක

කැපිටල් මහරාජා ආයතනය නිෂ්පාදනය කළ අති දැවැන්ත සිනමාපටය ධර්මයුද්ධය මෙම මස 14 වැනිදා එනම් හෙට සිට රීගල් - කොළඹ, මැජෙස්ටික් - බම්බලපිටිය, ලිඩෝ - බොරැල්ල, ලිබර්ටි ලයිට් - කොල්ලුපිටිය, ඕඩියන් - ගල්කිස්ස, සිටි සිනමා - ගල්කිස්ස, ඇමිටි ලයිට් - මහරගම, මෙට්රෝ - නුගේගොඩ, සිනේ ලේඛා - හෝමාගම, ස්කයි ලයිට් - මාලඹේ, එමෙස් - මොරටුව, ටී, පී සිනමා - කඩුවෙල, හිමාලි - කිරිබත්ගොඩ, නිකාඩෝ - කඩවත, විස්ටා ලයිට් - ජා-ඇල, රීගල් - ගම්පහ, නයෝමි - ගම්පහ, රෝයල් - මීගමුව, සීගිරි - වේයන්ගොඩ, මිහිර - මීරිගම, මාෂා - පානදුර, චිත්‍රා - කළුතර, ප්ලාසා - කළුතර, දුල්ම්ණී - හොරණ, නිව් ජානකී - මතුගම, පි‍්‍රන්ස් - ගාල්ල, නිව් සිනමා - මාතර, ස්කයි ලයිට් - මාතර, රුහුණු - තංගල්ල, නිව් විශාකා - ඇඹිලිපිටිය, චන්ද්‍රා - අවිස්සාවේල්ල, නිව් ඉම්පීරියල් - රත්නපුර, නිව් ඉම්පීරියල් - කුරුණෑගල, ශ්‍රියා - වාරියපොල, මහලේකම් - කුලියාපිටිය, සරසවි - අලව්ව, නීලා - දංකොටුව, දර්ශණ - කොස්වාඩිය, රීගල් - මහනුවර, එරීනා - කටුගස්තොට, ජයබිම - ගම්පොල, මිලානෝ - කෑගල්ල, සිනේශා - නාවලපිටිය, විජේන්‍ද්‍ර - අනුරාධපුර, සිනේ ස්ටාර් - අනුරාධපුර, එච් එච් පී - මොණරාගල, රෙක්ස් - බදුල්ල, සීගිරි - බණ්ඩාරවෙල, නිව් ලයින් - දඹුල්ල, මැජෙස්ටික් - යාපනය ඇතුළු සි. ඊ. එල්. මණ්ඩලයේ සිනමා ශාලා පණහක තිරගතවීම ඇරැඹේ. මහරාජා ආයතනය නිපැයූ තෙවැනි සිනමාපටය වන ධර්මයුද්ධය ප්‍රකට මලයාලම් සිනමාපටයක් වන දෘෂ්‍යම් අනුසාරයෙන් නිර්මාණය වී තිබේ. එම සිනමාපටයම දමිල, තෙලිඟු සහ හින්දි බසින් ද නිර්මාණය වී තිබීම විශේෂත්වයකි.

ජැක්සන් ඇන්තනි, දිල්හානි ඒකනායක, ඩග්ලස් රණසිංහ, කුසුම් රේණු, කුමාර තිරිමාදුර, තිසුරි යුවනිකා, විනුම් වනසදි, ආරියසේන ගමගේ, වසන්ත කුමාරසිරි, අවන්ති අපෝන්සු, රොෂාන් පිලපිටිය, ආනන්ද අතුකෝරල, ධනුක දිල්ෂාන් ධර්මයුද්ධයහි චරිත මවති.

ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂ වෙයියාර් රවිගේ අධ්‍යක්ෂණයක් වූ මෙය ෂන්මුගම් සරවනන්ගේ කැමරා අධ්‍යක්ෂණයකි. ජීතු ජෝෂප් කතාව සැකසූ ධර්මයුද්ධය හි දෙබස් ප්‍රගීත් රත්නායකගෙනි. ගිහාන් රංග බණ්ඩාර සම අධ්‍යක්ෂවරයාය.


ආචාර්ය ලෙස්ටර් වෙනුවෙන් චිත්‍රපට සංරක්ෂණය පිළිබඳ දෙසුමක්

දේශීය චිත්‍රපට සංරක්ෂණය කිරීමේ රජයේ ව්‍යෘපෘතියට සමගාමීව ඒ සම්බන්ධයෙන් ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු පාර්ශ්වයන් දැනුම්වත් කරනු පිණිස ඉන්දියාවේ මුම්බායි ෆිල්ම් හෙරිටේජ් ෆවුන්ඩේෂන් හි නිර්මාතෘ සහ ජාත්‍යන්තර චිත්‍රපට සංරක්ෂණ සංවිධානයෙහි කමිටු සාමාජික සිවේන්ද්‍ර සිංග් ඩුන්ගර්පුර් විසින් චිත්‍රපට සංරක්ෂණය සහ ප්‍රතිෂ්ඨාපනය යන මැයෙන් විශේෂ දේශනයක් මෙම මස 14 වැනි දින සවස ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවත්වනු ඇත. මෙම දේශන මාලාව නම්කොට ඇත්තේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරිස් මහා සිනමාවේදියාගේ නමිනි. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් පදනම සහ ගාමිණී ෆොන්සේකා පදනම මෙය සංවිධානය කරනු ලබයි.


ජෝති උපහාර උලෙළ 16 වැනිදා ලේ දන්දීමක් 15 දා

හෙළයේ නොමියෙන ගී රාවය එච්. ආර්. ජෝතිපාලයන්ගේ තිස්වැනි ගුණ අනුස්මරණය නිමිති කර ගනිමින් ජෝති උපහාර උලෙළක් මෙම මස 16 වැනිදා උදෑසන කෑගල්ල නගර ශාලාවේදී පැවැත්වේ. මෙයට සමගාමීව 15 වැනිදා දවස පුරා ලේ දන්දීමේ කඳවුරක් ද එහිදීම පැවැත්වෙනු ඇත. ජෝති උපහාර උලෙළ අතරතුර දේශීය කලාව වෙනුවෙන් අභිනවයෙන් පළවන රසදෝත නමැති සාහිත්‍යමය මාසික කලා සංග්‍රහයේ මංගල කලාපය නිකුත් කිරීමට ද සංවිධායක මණ්ඩලය සූදානමින් සිටියි. මෙහි ප්‍රධාන අනුශාසක ලෙස ප්‍රවීණ සංගීතවේදී ප්‍රේමනාත් කොඩිතුවක්කු කටයුතු කරයි.


වාමන යාමය සෑම ඉරු දිනකම

සේනක එදිරිසිංහ අධ්‍යක්ෂණය කළ වාමන යාමය ටෙලි නාට්‍ය පසුගිය ජූලි මස 02 වැනිදා සිට සෑම ඉරු දිනකම රාත්‍රී 8.35 ට ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය ඇරැඹිණ. සුරාජ් ජයවික්‍රම නිෂ්පාදනය කළ වාමන යාමය හි තිර රචනය උවනි චාමිකා සහ සේනක එදිරිසිංහයි. දිනේෂ් වලස්මුල්ල සහාය අධ්‍යක්ෂවරයාය.

සරත් කොතලාවල, නිරෝෂන් විජේසිංහ, ජෙහාන් අප්පුහාමි, ගාමිණී ජයලත්, විශාකා ජයවීර, දිලිනි ලක්මාලි, උමයංගනා වික්‍රමසිංහ, නිල්මිණි කෝට්ටේගොඩ වාමන යාමයහි චරිත මවති. දර්ශන රුවන් දිසානායක සංගීත අධ්‍යක්ෂණයෙන් ද, රංජිත් වික්‍රමසිංහ, සිසිකිරණ පරණවිතාන කැමරා අධ්‍යක්ෂණයෙන් ද, චාමිකර බොකරගොඩ කලා අධ්‍යක්ෂණයෙන් ද මෙයට දායක විය. ශාන් අල්විස්ගේ සංස්කරණයකි.


සපුගේ පුතු විවාහ වූදා

ප්‍රවීණ ගීත රචක කුමාරදාස සපුතන්ත්‍රිගේ සහ කුමාරි සපුතන්ත්‍රිගේ පුත් ලක්රිව් සුලාර සපුතන්ත්‍රිගේ විවාහ උත්සවය කලාකරුවන් රැසකගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ගල්කිස්ස පාම්බීච් හෝටලයේදී පැවත්වුණි. සුලාර අතගත් මනාලිය වූයේ නිමාෂා ජයතිලකයි.