වර්ෂ 2017 ක්වූ ඔක්තෝබර් 17 වැනිදා අඟහරුවාදා




ආචාර්ය උපාධියෙන් පිදුම් ලැබූ ප්‍රථම ගායිකාව
සොඳුරු ආඥාදායකයා
විජය ගී අසන්නට 9 වැනිදා සවස “ගඟ අද්දර”ට එන්න
පතිරාජගේ ‘ස්වරූප’ දැන් තිරයේ
අක්කා මෙහෙයවන්න නංගී සැරසේ
මෙවර සුමති පිදුණේ මෙහෙමයි
ජෝ අබේවික්‍රම හය වැනි ගුණ සමරුව
දින 65 ක් තුළ ප්‍රේක්ෂකයෝ ලක්ෂ 7 ක් ධර්ම යුද්ධය නරඹලා
ළමා මනස හඳුනා ගනිමු
"යෝධයන්ගේ අඩවිය" චිත්‍රපටයේ මුහුරත් උලෙළේ විශේෂ අවස්ථා
ප්‍රතිබැහැ දැක්ම විශේෂ අවස්ථා
විසන්ගමනයේ මුහුරත් උලෙළේ විශේෂ අවස්ථා
ගායක - ගායිකාවන්ට විශ්‍රාම වැටුප් පිරිනැමේ
ජාත්‍යන්තර ඡායාරූප ප්‍රදර්ශනය 15, 16, 17
දුක්මුසු පුවතක්
බොලිවුඩ් ලොක්කෝ පොඩ්ඩන්ට නම් දාපු හැටි
ඉලන්දාරින්ගේ සිනමා ගැස්ම COINS සිනමා උලෙළ
සම්පූර්ණ ආදායම ලක්ෂ 1000 ට ආසන්නයි
මාතා ගැන කතාබහක්
ආචාර්ය පතිරාජගේ කෘති 3 ක් දොරට වඩී
ජෝ අබේවික්‍රම හය වැනි ගුණ සමරුව

ජෝ අබේවික්‍රම හය වැනි ගුණ සමරුව

සිංහල සිනමාවේ විශිෂ්ඨ රංගන ශිල්පියකු වූ ජෝ අබේවික්‍රම සිනමාවේදියාගේ හය වැනි ගුණානුස්මරණය වෙනුවෙන් ඉකුත් 21 වැනිදා බොරැල්ල කනත්තේ පිහිටි එතුමාගේ ස්මාරකය අභියස පූජෝපහාරයක් පැවැත්විණි. ජෝ අබේවික්‍රම මහතාගේ දියණිය වන උදේනි කුමාරි අබේවික්‍රම මහත්මියගේ සහභාගිත්වයෙන් පැවැති මෙම පූජෝපහාරය එක්සත් ජාතික කලා සංසදය මඟින් සංවිධානය කෙරිණි.

රංගන ශිල්පී රෙක්ස් කොඩිප්පිලි, ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ තිස්ස ලියනසූරිය, චිත්‍රපට සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩල සභික සනෝජා බිබිලේ, චිත්‍රපට අධ්‍යක්ෂ සුනිල් අරුණ වීරසිරි, බර්මින් ලයිලි ප්‍රනාන්දු, ප්‍රවීණ කලා ශිල්්පීන් වන මියුරි සමරසිංහ, උදේනි චන්ද්‍රසිරි, රත්නසිරි රත්නසිංහ, බන්දුල නානායක්කාර, ජයතිලක හේරත්, අනුර ශ්‍රීනාත්, ටවර්හෝල් පදනමේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ප්‍රේමරත්න, චිත්‍රපට ශබ්ද පරිපාලක ලයනල් ගුණරත්න, නිශ්චල ඡායාරූප ශිල්පී මහේෂ් නිශාන්ත, ප්‍රවීණ ගීත රචක සමන් චන්ද්‍රනාත් වීරසිංහ, වාද්‍ය ශිල්පී සමන් ප්‍රනාන්දු ඇතුළු කලා ශිල්පීන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

ඡායාරූප - මහේෂ් නිශාන්ත