වර්ෂ 2017 ක්වූ දෙසැම්බර් 16 වැනිදා සෙනසුරාදා




දෙරණ 07 වන ඩ්‍රීම්ස් ස්ටාර් කිරුළ සුනීරට
ජංගි හොරා දිල්ලි දිනයි
රන්ජන් රාමනායකගේ ඩොක්ටර් නවරියන් හෙට
ශිෂ්‍යත්වය - උසස් පෙළ සිනමාහලේ
මතකය ඉතිරිකර රුවන් නික්ම ගියේය
රන්ජන් රාමනායකගේ සුපිරි වැඩක් ඩොක්ටර් නවරියන් දෙසැම්බරයේ
ජැක්සන් ඇන්තනි කේරළ සිනමාවට රූ ගැන්වීම් . . .
නිර්මාල් ගේ යෝධයන්ගේ අඩවිය රූ ගැන්වීම් නිමවෙයි
සහෝදරයා සෙනසුරාදා
සරුංගල් ළඟදීම තිරයට
හොඳම නිළිය ලෙස අනෝමා ජනාදරී ජගත් සම්මාන දිනයි
තුන්දෙනෙක් එක්වී තුන්දෙනෙක් සාදති
සුළං රැල්ලේ පාව එන්නේ ඔබගේ නාමය වේ
නන්දා මාලිනිය සමඟ සංගීත ආශ්‍රමයට
ආදරවන්තියන්ගේ පාර්ලිමේන්තුව අද
පැරණි ගී අහන්න අද ටවර් එන්න
විවාහයෙන් පසුව මීනා ප්‍රසාදිනී ඕස්ට්‍රේලියාවට
ජංගි හොරා බූසාන් යයි
ආචාර්ය උපාධියෙන් පිදුම් ලැබූ ප්‍රථම ගායිකාව
සොඳුරු ආඥාදායකයා
විජය ගී අසන්නට 9 වැනිදා සවස “ගඟ අද්දර”ට එන්න
මතකය ඉතිරිකර රුවන් නික්ම ගියේය

මතකය ඉතිරිකර රුවන් නික්ම ගියේය

රුවන් වීරසේකර අපට සිටි ප්‍රවීණ සංගීතඥයෙකි. සංගීතවේදීන් අතර මිශ්‍ර සංගීත ආරට බෙහෙවින් ප්‍රියකළ ඔහු හුදු ස්වර රටා මත පමණක් පදනම්ව සිය වාදන ඉදිරිපත් කළ ශිල්පියෙකු නොව, ශ්‍රැතිය මත පිහිටමින් මිනිස් සන්තානයේ මනරම් චිත්ත රූප මැවීමට සමත් නොයෙක් සංගීතමය හැඩතල මතු කිරීමට සමත් වු විරල ගණයේ අති දක්ෂ වාද්‍ය ශිල්පියෙකි.

කලක් රෝගී තත්ත්වයකින් පසුවූ රුවන් වීරසේකර පසුගියදා අභාවප්‍රාප්ත විය.

වාණිජවේදී උපාධිධරයෙකු වූ රුවන් පසු කලෙක සංගීතය පිළිබඳ ගැඹුරින් අධ්‍යයනය කිරීමට යොමු වූවෙකි. පෙරදිග, බටහිර, ඔපෙරා, අප්‍රිකානු, රුසියානු, චීන මෙන්ම ලොව බොහෝ ප්‍රචලිත සංගීත සම්ප්‍රදායන් දිගු කලක් ඇසුරු කරමින් ප්‍රගුණ කළ රුවන්, කලක් මුළුල්ලේ රුසියාවේ සංගීතය පිළිබද කථිකාචාර්යවරයෙක් ද විය.

සෑම විටෙකම සංගීතයේ නැවුම් අත්දැකීම් හඹා ගිය රුවන්, තිස්ස ගුණවර්ධනයන් විසින් නිර්මාණය කළ 'මොනරවිල', 'පැදුරු මාලිගා', 'අශ්වකරත්තය', 'පරෙවි පියැස්ස', 'දුටුගැමුණු' යනාදී වේදිකා නාට්‍ය ගණනාවක් සඳහා සංගීත අධ්‍යක්ෂණය කළේය.

රුවන් අපි ඔබට නිවන් සුව පතමු.


ආචාර්ය අරෝෂගෙන් තවත් වාර්තාවක්

මුල්ම මොබයිල් චිත්‍රපටය මෙන්ම මොබයිල් ටෙලි වෘත්තාන්තයත් නිපදවයි

මෙරට ප්‍රථම මොබයිල් ටෙලි සිත්තම වන සන්නාසි ප්‍රේමය එහි නිෂ්පාදක ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු විසින් පසුගියදා ඩයලොග් ආයතනයට බාර දුනි. එය ජනකාන්ත නළු ලකී ඩයස් ගේ අධ්‍යක්ෂණයකි. මෙරට ප්‍රථම මොබයිල් චිත්‍රපට නිපදවූයේ ද ආචාර්ය අරෝෂය. ඒ අනුරුද්ධ ජයසිංහ අධ්‍යක්ෂණය කළ එක දවසක් අපි චිත්‍රපටය වේ. ඉතා කෙටි කලක් තුළදි කොටස් පහළොවකින් යුතු මෙම ටෙලි සිතුවම නිමවීම සුවිශේෂ කරුණකි. සන්නාසි ප්‍රේමය ලබන වසරේ මුලසිට ඩයලොග්හි විනෝදේ ඇප් එකතුළින් විකාශයවීමට නියමිතය.


‘ඩාන්සින් සුපර් ස්ටාර්’ මංගල දර්ශනය ලුම්බිණි රඟහලේදී

අනූෂා දමයන්ති මුල්වරට වේදිකාවේ

ලංකාවේ ප්‍රථම වරට වේදිකා නාට්‍යයක් තුළ රියලැටි වැඩ සටහනක් සමඟින් අසෝක සෙනරත් මුදලිගේ නිෂ්පාදනය කරන 'ඩාන්සින් ස්ටාර් මිස් නාගිතා' නව නිර්මාණයේ මංගල දර්ශනය දෙසැ. 01 හැව්ලොක්ටවුන් ලුම්බිණි රඟහලේදී සවස 6.30 ට පවත්වනු ලබයි. ජනප්‍රිය නර්තන, චිත්‍රපට, ටෙලි නාට්‍ය නිළි අනූෂා දමයන්ති ප්‍රථම වතාවට මෙවන් නිර්මාණයක් තුළින් ප්‍රධාන චරිතයක් රඟපාමින් ප්‍රසිද්ධ වේදිකාවට පිවිසීම විශේෂයකි.

මෙහි සරත් පීරිස්, සුරංගි නිලුෂනි, මුණිදාස කණ්ඩම්බි, ශෂි ප්‍රියංකර, ඇන්ටන් බටේපොල, සමන්තා ආටිගල, ඉමේෂ් අයේන්ද්‍ර, එච්. ජී චන්ද්‍රවතී, කාංචනා නන්දනී, තුෂානි සිල්වා, උදිත ප්‍රනාන්දු, රවීන්ද්‍ර ප්‍රදීප්, අතුල රම්‍යසිරි රඟපාති. සංගීතය රමේෂ් ජයසිංහ වේෂ නිරූපණය සංඛ රණසිංහ, වේදිකා පරිපාලනය, නිෂ්පාදන කළමනාකරණය ඉමේෂ් අයේන්ද්‍ර යන අය විසින් සිදු කරනු ලබයි.


බෙනට්ගේ මව මියයයි

චිත්‍රපට අධ්‍යක්ෂ බෙනට් රත්නායකගේ ආදරණීය මෑණියන් වූ නන්දා රත්නායක මහත්මිය අභාවප්‍රාප්ත විය. ඇය රංගන ශිල්පී උදාර රත්නායක සහ රංගන ශිල්පිනී භාග්‍යා රත්නායකගේ මිත්තණිය වන අතර චිත්‍රපට නිෂ්පාදිකා සමන්මලි හේවාමාන්නගේ නැන්දණිය ද වේ. මිය යන විට ඇගේ වයස අවුරුදු 95 කි. දරුවන් සය දෙනෙකුගේ මවක වූ ඇගේ අවසන් කටයුතු ඉකුත් දා බොරැල්ල සුසාන භූමියේදී සිදු විය.


සියැලි සර බලන්න එන්න ආරාධනා

සියැලි සර නමින් විචිත්‍රවත් සංගීතමය සැඳෑවක් මෙම මස 02 වැනිදා කොළඹ ශාන්ත ජෝශප් විදුහලේ පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය. එහි සංවිධායක කමිටුව වෙනුවෙන් අගරදගුරු පදවි ජනසන්නිවේදන කේන්ද්‍රයේ අධ්‍යක්ෂ ගරු එඩ්මන්ඩ් තිලකරත්න පියතුමා අදහස් දැක් වූ අයුරුයි මේ.

මෙම ප්‍රසංගය අප සංවිධානය කිරීමට අපේක්ෂා කළේ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ සංකල්පයකට අනුව. එතුමාණන්ට අවශ්‍ය වුණා දැනට වෙසෙන වයෝවෘද්ධ කලාකරුවන් වෙනුවෙන් අරමුදලක් පිහිටුවන්න. එහි පළමු පියවර තමයි සියැලි සර ප්‍රසංගය. අමරසිර පීරිස්, කීර්ති පැස්කුවල්, චන්දන ලියනාරච්චි, සුරේන්ද්‍ර පෙරේරා සහ සෙව්වන්දි රණතුංග ප්‍රසංගය ගායනයෙන් රස ගන්වනවා. මහින්ද බණ්ඩාර ප්‍රමුඛ වාද්‍ය වෘන්දය මගිනුයි ප්‍රසංගය සංගීතවත් කරන්නේ. මේ වන විට අප විසින් වාර්ෂිකව වයෝවෘද්ධ කලාකරුන්ට උදව් කිරිම සිදු කරමින් පවතිනවා. අපට අවශ්‍යයි ඔවුන් ගැන මීට වඩා සොයා බලන්න. ඒ වගේම රක්ෂණාවරණයක් පිහිටුවන්නත් අපේක්ෂා කරනවා. මෙවැනි සුභාවිත අරමුණුවලින් හෙබි සියැලි සර ප්‍රසංගය නරඹන්නට එන්න කියලා සංගීතයට ළැදි ප්‍රේක්ෂක ඔබට මා විවෘත ආරාධනාවක් කරනවා යැයි පියතුමන් ඉල්ලීමක් කළා.


සැනට්ට සම්මානයක්

දශක හතරකටත් වැඩි කාලයක් රංගන ක්ෂේත්‍රයේ නම රැන්දූ සැනට් දික්කුඹුර කලාකරුවා මෙතෙක් කළ සේවාව අගයමින් විශේෂ උපහාරයක් ප්‍රසාද් සමරතුංග අධ්‍යක්ෂණය කළ ඉස්කෝලෙට මං ආවා සිනමාපටයේ කණ්ඩායම මගින් සිදුකරන ලදී. එම සිනමාපටයේ නිෂ්පාදක සඳුන් දොලමුල්ල විසින් ඔහුගේ සංකල්පයකට අනුව සැනට් හට ජීවිත කාලය පුරාවට විශ්‍රාම වැටපක් ලබාදීම ආරම්භවීමද එදින සිදුවිය. එම අවස්ථාවට සමගාමීව අහස්ගව්වෙන් මතුවුණ කලා පව්වේ සැනට් සලකුණ නමැති සැනට් දික්කුඹුර ගැන නිර්මාණයවූ වාර්තා වැඩසටහනද අන්තර්ජාලයට එක්කිරිමද සිදුවිය.


සවනට ගී මධු 600

ශ්‍රීමත් ඉන්ද්‍රජිත් සහ දමයන්තිට ටෝනි හසන්ගෙන් සම්මාන

ඊව්ඹ් සහ සියත ඊඍ ඔස්සේ පුරා වසර 12 කට අධික කාලයක් අසීමිත ප්‍රේක්ෂක ප්‍රසාදයට පාත්‍ර වෙමින් විකාශිත ශ්‍රී ලංකාවේ දීර්ඝතම සිනමා විචිත්‍රාංගය වන 'සවනට ගී මධු 600' වැනි දැක්ම වෙනුවෙන් ප්‍රවීණ ගුවන් විදුලි - රූපවාහිනී නිවේදක, රංගන ශිල්පී ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේ සහ රූපවාහිනී නිවේදිකා, රංගන ශිල්පිනී දමයන්ති වීරවර්ධන පසුගියදා සම්මානයෙන් පිදුම් ලැබූහ.

අතුරුගිරිය පොලිස් ස්ථානය සහ කලා සිත් රූ පදනමේ මෙහෙයවීමෙන් මෙම සම්මාන උලෙළ පැවැත්විණි.

ප්‍රවීණ ගායක ශිල්පි ටෝනි හසන් මහතා විසින් අදාළ සම්මාන ශ්‍රිමත්ට සහ දමයන්තිිට පිරිනැමූ අයුරු ඡායාරූපවලින් දැක්වේ.