වර්ෂ 2018 ක්වූ අප්‍රේල් 23 වැනිදා සඳුදා




ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමා සම්මාන. . .
ජපන් චිත්‍රපට උලෙළක් BMICH හිදී
මේ අභිමානවත් සම්මානය දිනන තරුණ සිනමාකරු කවුද?
දින සීයයි චිත්‍රපට දහයයි
වසර 9 කට පසු නිරාශා මල්ලවාරච්චි ලංකාවට ඇවිත්
ජැක්සන්ගෙන් අසමසම වාර්තාවක්
මේ අභිමානවත් සම්මානය දිනන තරුණ සිනමාකරු කවුද?
සරසවිය නවක සිනමාකරු වෙත පිදෙන ආචාර්ය . . .
බැද්දේ කුලවමිය රයිගම් ඩැහැගනී
සරසවිය නවක සිනමාකරු වෙත පිදෙන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්
පරපුරක විහිද ගිය අතු ඉති
“සඳ කිනිති නැමී” සමඟ ලක්ෂ්මන් විජේසේකර
සරසවිය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමා සම්මානය මෙවර දිනාගන්නේ කවුද?
නොයෙල් රාජ් සනිධප හැර යයි
ධනංජයගේ බිරිය ශෂිනිගේ පළමු ගීතය
විජය ගී මෙලෙස ඇසුණි
කොළඹ මුල්ම නගරාධිපතිනියට සරසවිය සුබපැතුම්
අනුර ශ්‍රීනාත්ගේ සුන්දර තිස්පහ වෙනුවෙන් කලාකරුවන්ට උපහාර
තුන්වැනි යාමය රැක ගන්න ඔබටත් එයට දායකවිය හැකිය
විජයබා කොල්ලයට සැරසේ
ප්‍රථම සිංහල ඩයලොග් විනෝදේ App චිත්‍රපටය . . .
ලංකාව-හොලිවුඩ්-බොලිවුඩ් එක්කොට අති දැවැන්ත චිත්‍රපටයක් හේමාල් චිත්‍රපට 12 ක් අතහරී

ලංකාව-හොලිවුඩ්-බොලිවුඩ් එක්කොට අති දැවැන්ත චිත්‍රපටයක් හේමාල් චිත්‍රපට 12 ක් අතහරී

හේමාල් ප්‍රධාන චරිතයට

ප්‍රසන්න විතානගේ නවතම සිනමා නිර්මාණය

ශ්‍රී ලංකාව, බොලිවුඩ් - හොලිවුඩ් එක් කරන අති දැවැන්ත නිර්මාණයක් මේ වසරේ වැඩ ඇරඹෙයි. ඒ සම්මානනීය සිනමාවේදී ප්‍රසන්න විතානගේ වෙතිනි.

නිරන්තරයෙන්ම තම සිනමා කෘතීන් වෙනස් තේමාවන් ඔස්සේ නිර්මාණය කරන ප්‍රසන්න මෙවර කතිකා කෙරෙනුයේ තවත් එවන් වූ අපූර්ව මාතෘකාවක් ගැනය. මෙම චිත්‍රපටය නම් කොට ඇත්තේ ගාඩි යනුවෙනි.

ගාඩි නිෂ්පාදනය කරනුයේ මෙරට ප්‍රධාන පෙළේ සමාගමක් සමඟ සුප්‍රකට හොලිවුඩ් චිත්‍රපට සමාගමක් සහ සුප්‍රකට බොලිවුඩ් සිනමා සමාගමක් එකමුතුවෙනි.

එම රටවල්හි ද තිරගතවීමට සූදානමින් පවතින ගාඩි සිනමාපටයේ ප්‍රධාන චරිතය සඳහා තෝරාගෙන ඇත්තේ හේමාල් රණසිංහයි. ගාඩි චරිතය වෙනුවෙන් හේමාල්ගේ ස්වරූපය වෙනස් කර ගනිමින් රංගනයේ යෙදෙයි.

මෙම චරිතය නිසා හේමාල් චිත්‍රපට 12 ක් ප්‍රතික්ෂේප කොට තිබේ. ළඟදීම රූගත කිරීම් ඇරැඹීමට නියමිත ගාඩි සඳහා නළු නිළියන් තේරීම මේ දිනවලදී සිදු වෙමින් පවතියි.


 වැලිකතර තිරරචනය එළිදැක්වෙයි

සිංහල සිනමා වංශකතාවේ නව පිටුවක් පෙරළූ චිත්‍රපට අතර 'වැලිකතර' චිත්‍රපටයට ලැබෙන්නේ පළමු ස්ථානයකි. ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ආචාර්ය ඩී.බී. නිහාල්සිංහ අධ්‍යක්ෂණය කළ 'වැලිකතර' චිත්‍රපටයේ ඒ විශිෂ්ට තිරරචනය ලියන ලද්දේ ප්‍රවීණ චිත්‍රපට තිරරචකයකු මෙන්ම අධ්‍යක්ෂවරයකුද වන තිස්ස අබේසේකර ය.

ඔහු ලියන ලද 'වැලිකතර' චිත්‍රපටයේ තිරරචනය සුරස කෘතියක් ලෙසින් පසුගියදා එළිදැක්විණි. එලෙස 'වැලිකතර' චිත්‍රපටය තිරරචනයක් ලෙස එළිදැක්වීමේ කාර්ය සඳහා මූලික වූයේ තිස්ස අබේසේකරගේ බිරිය වන අසංකා අබේසේකරයි. 'වැලිකතර' වැනි තිරරචනාවක් මුද්‍රණද්වාරයෙන් එළිදැක්වීමෙන් සිනමා සාහිත්‍ය පෝෂණය වනවා පමණක් නොව සිනමාව හදාරන විද්‍යර්ථීන්ට හා සිනමාවට එළැඹෙන අංකුර සිනමාකරුවන්ට මගහසර සැලසීමක්ද වෙයි. මේ තිරරචනය තිරරචනයට පිවිසෙන තිරරචකයන්ටද මහඟු කෘතියක් වනු නොඅනුමානය.


අස්වැන්න ඵලදරයි

1971 වර්ෂයේ දි රාජ්‍ය සම්මානයේන් පිදුම් ලද ජයසේන ජයකොඩි ශුරින්ගේ අස්වැන්න නව කතාව ටෙලි සිතුවමකට නැගේ. ඒ වෙනුවෙන් පැවති මුහුරත් උළෙල පසුගිය දින කොළඹ කිංග්ස්බරි හෝටල් පරිශ්‍රයේදි පැවැත්විණි.

වන ජිවි හා බුද්ධශාසන අමාත්‍ය ගරු ජයවික්‍රම පෙරේරා,උතුරු මැද පළාත් මහාමාත්‍ය පේෂල ජයරත්න,ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු,ජනාධිපති සම්බන්ධිකරණ ලේකම් සේනක අබේගුණසේකර,ජේෂ්ඨ මාධ්‍යවේදි එඩිවින් අරියදාස,යන මහත්වරු එහි ප්‍රධාන ආරාධිතයන් ලෙසින් සහභාගි වුහ.

අස්වැන්න සදහා සැම්සන් කුමාරගේ අධ්‍යක්ෂණයෙන්ද ,අජිත් ගුණතිලක නිෂ්පාදනයෙන් එක්වේ.මෙහි රංඟනයට දායකවන ජගත් චමිල,නිල්මීණි තෙන්නකෝන්,පාලිත සිල්වා,ක්ලීටස් මෙන්ඩ්ස්,ඩබ්ලිව් ජයසිරි,ආනන්ද වික්‍රමගේ,සරත් චන්ද්‍රසිරි,කාංචන කොඩිතුවක්කු,ජනිත් වික්‍රමගේ,සනෝජා බිබිලේ,මුතු තරංගා,ලක්ෂිකා ජයවර්ධන,රෝෂානා ඔන්ඩචිචි,උපුල් විරසිංහ,රින්ස්ලි විරරත්න,යසෝධා රසදුනි, සහ හදුන්වා දෙන ළමා නළුවන් වන සචින් කුමාරගේ,ශමීන්ද්‍ර කුමාරගේ ,යන නළු නිළියන් රුසකගේ සහභාගිත්වයෙන් වර්ණ ගැන්වුනු මෙම මුහුරත් උළෙල විශේෂ අවස්ථා සරසවිය කැමරා ඇසේ සටහන් කරගත්තේ මෙසේය.


අනුර ශ්‍රීනාත්ට උපහාර උලෙළක්

දශක තුනහමාරකට ආසන්න කාලයක් කලාවේ රැඳී සිටි අනුර ශ්‍රීනාත්ගේ කලා දිවිය සමරමින් ඔහු වෙනුවෙන් සංවිධානය කළ විශේෂ උපහාර උලෙළක් මෙම මස 07 වැනිදා සවස ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කුමාරතුංග මැදිරියේදී පවත්වනු ලැබේ.

මෙහිිදී අනුර ශ්‍රීනාත් හට අතහිත දුන් කලාකරුවන් 25 දෙනෙකුට උපහාර සම්මාන පිදීමක් ද සිදු කෙරේ. එයට අමතරව තෝරා ගත් පාසල් දරුවන් 35 දෙනෙකුට ශිෂ්‍යාධාර ලබාදීමක් ද සිදු කෙරෙනු ඇත. අනුරගේ තිස්පස් කලා දිවිය හි මතක සැමරුම් අළලා සම්පාදනය කළ සුන්දර 35 සඟරාව ද මෙදින එළිදැක්වේ.

ඔහු ලියූ, ගැයූ ළමා ගීත ඇතුළත් සමනලයෝ රූප සංයුක්ත තැටිය ද මෙදින ජනගත කෙරෙනු ඇත. 1982 වසරේ අහස කඩා වැටේ වේදිකා නාට්‍ය සමඟින් වේදිකාවට පිවිසි අනුර අනතුරුව හීන්සැරය ඇතුළු වේදිකා නාට්‍ය හැත්තෑ පහකට අධික ප්‍රමාණයකට රංගන දායකත්වය සපයා තිබේ.

ක්‍රිස්තු චරිතයෙන් ඇරැඹි ඔහුගේ සිනමා චාරිකාව මධුර චාරිකා දක්වා විහිද වූයේ චිත්‍රපට විසි පහකට අධික ප්‍රමාණයකට රංගනයෙන් දායකවෙමිනි. ටෙලි නාට්‍ය සියයකට අධික ප්‍රමාණයකට විවිධ චරිත ඔස්සේ අනුර ශ්‍රීනාත්ගේ හැකියාව අපට දැක බලා ගත හැකි විය. ඔහුගේ මෙම උපහාර උලෙළ සුන්දර අසූවේ සහෘදයින්ගේ එකමුතුව මඟින් සංවිධානය කෙරෙන්නකි.


නිසල්යා ‘18 ඡායාරූප ප්‍රදර්ශනය 5-6-7 තෙදින

කිරිබත්ගොගඩ විහාර මහා දේවි බාලිකා විද්‍යාලයේ උසස් පෙළ කලා අංශයේ ශිෂ්‍යාවක වූ අනුදි නිසල්යා වීරසිංහගේ නිසල්යා '18 කුලුඳුල් ඡයාරූප ප්‍රදර්ශනය මේ මස 5 - 6 - 7 තෙදින කොළඹ 7 හෝර්ටන් පෙදෙසේ ජේ. ඒ. ඩී. පෙරේරා කලාගාරයේදී පැවැත්වේ.

පළමු දින ප්‍රධාන ආරාධිතයා ලෙස ප්‍රවිණ නිවේදක හේම නලින් කරුණාරත්න මහතා, කිරිබත්ගොඩ විහාර මහා දේවී බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය ඇතුළු පිරිසක් අතින් ප්‍රදර්ශනය විවෘත වේ. සෑම දිනකම පෙරවරු 9.30 සිට පස්වරු 7.00 දක්වා එය විවෘතය. අනුදි නිසල්යා වීරසිංහ මීට පෙර ඡායාරූප තරඟ කිහිපයකින්ම ජයග්‍රහණ ලබා සිටී.