වර්ෂ 2018 ක්වූ මැයි 28 වැනිදා සඳුදා




නිහාල්සිංහ ඡායාරූපය නිරාවරණය කරයි
රෝගීන් සුවපත් කරන නාට්‍ය උලෙළක්
සරසවිය සම්මාන දිනූ ඉනෝකා රූපවාහිනියේ මුල්පුටුවට
25 වසරක සැමරුම දා නුර්තිය පණ ලබයි
දේශීය සිනමාවේ උන්නතිය උදෙසා නිර්දේශ ඉදිරිපත් කිරීමට . . .
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමා සම්මානය දිනන තරුණ සිනමාකරු කවුද?
දේශීය සිනමාවේ උන්නතිය උදෙසා නිර්දේශ ඉදිරිපත් කිරීමට
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමා සම්මාන. . .
ජපන් චිත්‍රපට උලෙළක් BMICH හිදී
මේ අභිමානවත් සම්මානය දිනන තරුණ සිනමාකරු කවුද?
දින සීයයි චිත්‍රපට දහයයි
වසර 9 කට පසු නිරාශා මල්ලවාරච්චි ලංකාවට ඇවිත්
ජැක්සන්ගෙන් අසමසම වාර්තාවක්
මේ අභිමානවත් සම්මානය දිනන තරුණ සිනමාකරු කවුද?
සරසවිය නවක සිනමාකරු වෙත පිදෙන ආචාර්ය . . .
බැද්දේ කුලවමිය රයිගම් ඩැහැගනී
සරසවිය නවක සිනමාකරු වෙත පිදෙන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්
පරපුරක විහිද ගිය අතු ඉති
“සඳ කිනිති නැමී” සමඟ ලක්ෂ්මන් විජේසේකර
සරසවිය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමා සම්මානය මෙවර දිනාගන්නේ කවුද?
නොයෙල් රාජ් සනිධප හැර යයි
විජයබා කොල්ලය තිරයට මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණයක්

විජයබා කොල්ලය තිරයට මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණයක්

බුද්ධි කීර්තිසේන නිෂ්පාදනයක් තිස්ස අබේසේකර තිරරචනයක්

මුල්ම කථානාද චිත්‍රපටය තිරගත කර 71 වසර සපිරෙන මෙම 21 වැනි දින අති දැවැන්ත චිත්‍රපටයක වැඩ ඇරැඹෙයි. ඒ මහ ගත්කරු ඩබ්ලිව්. ඒ. සිල්වා ශූරීන්ගේ විජයබා කොල්ලයයි.

මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කරන විජයබා කොල්ලය නිෂ්පාදනය කරනුයේ බුද්ධි කීර්තිසේනය. සුභ මොහොතින් ඇරැඹෙන විජයබා කොල්ලය මුහුර්ති උලෙළ සඳහා ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සිතේන්ද්‍ර සේනාරත්න, සිනමා කිවිඳිය සුමිත්‍රා පීරිස්, රවීන්ද්‍ර රන්දෙණිය, ආචාර්ය නන්දා මාලිනී, ශ්‍රියානි අමරසේන ප්‍රධාන ආරාධිතයින් වශයෙන් සහභාගීවීමට නියමිතය.

විජයබා කොල්ලය නවකතාව ඇසුරෙන් රචනා කළ තිර පිටපත සැකසී ඇත්තේ වසර ගණනාවකට එපිටින්ය. ඒ අභාවප්‍රාප්ත විශිෂ්ට සිනමාවේදී ආචාර්ය තිස්ස අබේසේකරයන් අතිනි. මෙම කලාකරුවන්ගේ සුරතින් මැවෙන විජයබා කොල්ලය මෙරට සිනමාවේ අපූර්ව සිනමාපටයක් වනු නොඅනුමානය. මෙහි විධායක නිෂ්පාදනය බූඩි කීර්තිසේනගෙනි.

ලාංකික සිනමාවට පාදක වන මුල්ම නවකතාව රචනා කරන ලද්දේ ද ඩබ්ලිව්. ඒ සිල්වා ශූරීන්ය. ඒ කැලෑහඳ නවකතාවයි. එයින් පසු ඔහු විසින් රචනා කරන ලද රදළ පිළිරුව, සිරියලතා, දෙයියන්ගේ රටේ, දෛවයෝගය, හඳපාන, හිඟන කොල්ලා යන ඩබ්ලිව්. ඒ. සිල්වා කෘතීන් සිනමාවට නැඟිණ. මෙම චිත්‍රපට සියල්ල ඉහළ ආදායම් ලැබීමට සමත් විය.


 අජිත් ගලප්පත්ති ලියූ චිත්‍රපට නාමාවලිය එළිදකියි

ශ්‍රී ලංකාවේ ජාතික චිත්‍රපටි නාමාවලිය විමසුම ග්‍රන්ථය එළිදකී. ඒ දේශිය සිනමාවේ 71 වන සැමරුම වෙනුවෙනි.

මෙතෙක් ප්‍රදර්ශනය කෙරී ඇති සිංහල, දෙමළ හා ඉංග්‍රීසි චිත්‍රපට සියල්ල එක්ව ගෙන විධිමත් ක්‍රමවේදයකට අනුව ලැයිස්තු ගත කෙරෙන ජාතික චිත්‍රපටි නාමාවලිය විමසුම් ග්‍රන්ථය දේශීය සිනමාවට වසර 71ක් හා ජාතික චිත්‍රපට සංස්ථාවට වසර 46ක් පිරිමෙන් 2018 ජනවාරි 21 දින ප්‍රකාශයට පත් කෙරේ. ජාතික චිත්‍රපටි සංස්ථාවේ සභාපති, සිතේන්ද්‍ර සේනාරත්න මහතාගේ යෝජනාවකට අනුව මෙම පර්යේෂණ ග්‍රන්ථය රචනා කරනුයේ සිනමා විචාරක අජිත් ගලප්පත්ති විසිනි.

1947දී පළමු කතානාද චිත්‍රපටය ලෙස ඉන්දියාවේදී තැනූ කඩවුණු පොරොන්දුවෙ මෙහි පෙන්වා වසර 71කට පසු හා 1972 දී ජාතික චිත්‍රපට සංස්ථාව බිහි කොට වසර 46කට පසු ශ්‍රී ලංකාවේ මෙවන් විධිමත් ජාතික චිත්‍රපටි නාමාවලියක් සැකසෙයි. 1898-1947 යුගයේ මෙරට සිනමාවේ හා දේශීය දෙමළ සිනමාවේ ජාතිකත්ව ලක්ෂණ මෙන්ම මෙරට චිත්‍රපට නාමාවලියේ අර්බුදකාරී තැන් ගැනද මෙම ග්‍රන්ථය තුළ විමර්ශනය කෙරේ.

ශ්‍රී ලංකාවේ චිත්‍රපටි නාමාවලිය විමසුම ග්‍රන්ථය ජාතික චිත්‍රපටි සංස්ථාවේ ප්‍රකාශනයකි.

සටහන- නිශ්ශංක


සිනමාවේ 71 සංස්ථාවේ 46 සැමරේ

දේශීය සිනමාවට වසර 71 ක් සහ ජාතික චිත්‍රපට සංස්ථාවට වසර 46 ක් සපිරීම නිමිති කර ගනිමින් විශේෂ සැමරුම් උලෙළක් මෙම මස 21 වැනිදා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්වේ. මෙහිදී ප්‍රධාන දෙසුම ආචාර්ය ප්‍රණීත් අබේසුන්දර විසින් පවත්වනු ලැබේ. උත්සවයේ ප්‍රධාන ආරාධිතයන් වශයෙන් රාජ්‍ය පරිපාලන සහ කළමනාකරණ අමාත්‍ය රන්ජිත් මද්දුම බණ්ඩාර, නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචි නිලමේ සහ අමාත්‍යාංශ ලේකම් ජේ. ජේ. රත්නසිරි යන මහත්වරුන් සහභාගි වනු ඇත. මෙහිදී සිදුවන විශේෂ වැඩ කටයුතු අතර හිටපු සභාපතිවරුන්ගේ සේයාරූ විවෘත කිරීම, රුක් රෝපණය, සංස්ථාව ආරම්භ කිරීමට පුරෝගාමී වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ පිළිරුවට පුෂ්පෝපහාරය, චිත්‍රපට සඟරාව ජනගත කිරීම, දේශිය චිත්‍රපට නාමාවලිය ජනගත කිරීම සිදුවේ. උත්සවය අවසානයේදී මෙරට පළමු කථානාද චිත්‍රපටය වූ කඩවුණු පොරොන්දුව කොටස් වශයෙන් ප්‍රදර්ශනය කරන අතර සිනමා වංශ කතාවේ විග්‍රහයක් ද සිදු කෙරේ.


ලූෂන්ගෙන් ඇරයුමක්

සම්මානනීය නාට්‍යවේදී ලූෂන් බුලත්සිංහල අපූරු වේදිකා නාට්‍යයක් නිර්මාණය කිරීමට මේ දිනවල සූදානම් වෙයි. එහි රංගනයට අවස්ථාව ලබා දෙමින් නවකයන් කිහිප දෙනෙකු හඳුන්වා දීමට ඔහු අපේක්ෂා කරයි. ඒ වෙනුවෙන් නවක නළු නිළියන් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයක් මේ වස 21 වැනිදා දවස පුරා බොරැල්ල නාමෙල් මාලිනී පුංචි තියටර්හිදී පැවැත් වෙයි. සිංහල, දෙමළ සහ මුස්ලිම් යන සිංහල කතා කළ හැකි ඕනෑම ජාතිකයෙකුට මෙම අවස්ථාව විවෘත වන අතරම ඔවුන්ට ගායන හැකියාව ඇති අය මෙහිදී විශේෂයෙන් සලකා බැලෙන බව ලූෂන් සරසවියට දන්වා සිටියි.


ධනංජය ඇලඩින් වෙයි චිත්‍රපටය ළඟදීම

අරාබි නිසොල්ලාසයේ එන අතිශය ජනප්‍රිය කතා පුවතක් වන ඇලඩින් සහ පුදුම පහන ඇසුරෙන් නිම වූ සිනමාපටයක විශේෂ දර්ශනයක් පසුගියදා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්විණ. ඇලඩින් සුමිත් කුමාර අධ්‍යක්ෂණයකි. සුමිත් මීට ප්‍රථම කුරුලු පිහාටු සිනමාපටය අධ්‍යක්ෂණය කොට ඇති අතර මේ ඔහුගේ දෙවැනි සිනමාපටයයි. ඇලඩින් සහ පුදුම පහන සිනමාපටයේ ඇලඩින් ලෙස ධනංජය සිරිවර්ධන රංගනයේ යෙදෙයි. එහි රාජ කුමරිය වනුයේ උදාරි වර්ණකුලසූරියයි. නිමල් පල්ලෙවත්ත, ඩී. බී. ගංගොඩතැන්න, දිල්හාරා රාජපක්ෂ, සේනක ටයිටස්, නෙතු ප්‍රියංගිකා, ප්‍රියන්ත මංසිලු, රෝහිත ඩයස්, බිංදු බෝතලේගම ඇලඩින් සහ පුදුම පහන සිනමාපටයේ රංගනයේ යෙදෙන සෙසු නළු නිළියන්ය. රවිඳු එන්ටර්ටේන්මන්ට් ඉදිරිපත් කිරීමක් වන මෙය ප්‍රසාද් විජේසූරියගේ නිෂ්පාදනයකි. කැමරා අධ්‍යක්ෂණය නිලන්ත චූලරත්නගෙනි. අජිත් මෙන්ඩිස් තිර රචනා කළ ඇලඩින් සහ පුදුම පහන ශාන් අල්විස්ගේ සංස්කරණයකි.