වර්ෂ 2018 ක්වූ අප්‍රේල් 23 වැනිදා සඳුදා




ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමා සම්මාන. . .
ජපන් චිත්‍රපට උලෙළක් BMICH හිදී
මේ අභිමානවත් සම්මානය දිනන තරුණ සිනමාකරු කවුද?
දින සීයයි චිත්‍රපට දහයයි
වසර 9 කට පසු නිරාශා මල්ලවාරච්චි ලංකාවට ඇවිත්
ජැක්සන්ගෙන් අසමසම වාර්තාවක්
මේ අභිමානවත් සම්මානය දිනන තරුණ සිනමාකරු කවුද?
සරසවිය නවක සිනමාකරු වෙත පිදෙන ආචාර්ය . . .
බැද්දේ කුලවමිය රයිගම් ඩැහැගනී
සරසවිය නවක සිනමාකරු වෙත පිදෙන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්
පරපුරක විහිද ගිය අතු ඉති
“සඳ කිනිති නැමී” සමඟ ලක්ෂ්මන් විජේසේකර
සරසවිය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමා සම්මානය මෙවර දිනාගන්නේ කවුද?
නොයෙල් රාජ් සනිධප හැර යයි
ධනංජයගේ බිරිය ශෂිනිගේ පළමු ගීතය
විජය ගී මෙලෙස ඇසුණි
කොළඹ මුල්ම නගරාධිපතිනියට සරසවිය සුබපැතුම්
අනුර ශ්‍රීනාත්ගේ සුන්දර තිස්පහ වෙනුවෙන් කලාකරුවන්ට උපහාර
තුන්වැනි යාමය රැක ගන්න ඔබටත් එයට දායකවිය හැකිය
විජයබා කොල්ලයට සැරසේ
ප්‍රථම සිංහල ඩයලොග් විනෝදේ App චිත්‍රපටය . . .
පරපුරක විහිද ගිය අතු ඉති

පරපුරක විහිද ගිය අතු ඉති

දුනුකෙයියා මලක් වගේ සුවඳ දැනෙනවා

ලලිත කලා මාතා විමලා කාන්තා

මෙරට කලා ක්ෂේත්‍රයට විවිධ කලා කුසලතාවයන්ගෙන් පිරිපුන් පරපුරක් බිහි කරලීමේ මුල් පුරුක ලෙස විමලා කාන්තා හැඳින්විය හැකිය. ටවර් හෝල් යුගයේ නාට්‍ය ශිල්පිණියක, ගායන ශිල්පිණියකව ක්ෂේත්‍රයට පැමිණි ඇයගෙන් බිහි වූ කලා පරපුර අද අතු ඉති දා දලුලා වැඩෙමින් මෙරට සුවිශාලම කලා පවුල ලෙසින් නම් දරා සිටින්නීය. වත්මන් කලා ක්ෂේත්‍රයේ බැබළෙන බොහෝ තාරකාවන් හි මුල් පුරුක ඇයට සම්බන්ධ වන බව අද බොහෝ දෙනෙක් නොදන්නා කරුණකි. එදා අද මෙන්ම හෙට ද මේ පරපුර කලාවට මතු පරපුරක් එකතු කරමින් සිටී.

මේ සුවිසල් පරපුරක ආරම්භකයා දිවියෙන් සමු ගත්තේ 1993 දීය. එනම් මීට අවුරුදු 25 කට ඉහතදීය. විමලා කාන්තා නම් වු ඇය මිය ගොස් විසිපස් වසරක් සපිරීම වෙනුවෙන් ‘ලලිත කලා මාතා - විමලා කාන්තා’ නමින් ප්‍රසංගයක් මෙම මස 25 වැනි ඉරිදා සවස 6.30 ට කොළඹ මරදාන ටවර් රඟහලේදී පැවැත්වේ. මෙම ලිපිය ඒ නිමිත්තෙනි.

1911 දෙසැම්බර් මස 27 වැනි දින විමලා කාන්තා උපත ලබනුයේ ග්රූටිරූටි මාග්‍රට් වොල්බියෝන් පෙරේරා යන නම ලබමිනි. ඇගේ පියා ඉංග්‍රීසි ජාතිකයෙකු වන අතර මව ශ්‍රී ලාංකිකයෙකි. ජෝන් විලියම් වොල්බියොන් නම් ඉංග්‍රීසි ජාතික පොලිස් නිලධාරියා ලංකාවට පැමිණෙනුයේ සිය පියා සමඟ මෙහි නිවාඩුවක් ගත කිරීමටය. මෙම නිවාඩුව අතරතුර ‘බැලසන්ත’ නාඩගම රඟදක්වනු බැලීමට ඔහුට අවස්ථාව සැලසී ඇත. එහි රංගනයේ යෙදුණු එක්තරා යුවතියක් වෙත සිත යන ජෝන් ඇය පිළිබඳ සොයා බැලීය. ඇය හෙට්ටිආරච්චිගේ ජේන්නෝනා නම් විය. ජේන් නෝනාට පෙම් බැඳි ජෝන් ඇයව කරකාර බැඳගෙන ශ්‍රී ලංකා පොලීසියට අනුයුක්තව මෙහිම පදිංචි වූයේය.

ජෝන් වොල්බියෝන්ටත්, ජේන් නෝනාටත් දාව ග්රූටිරූටි මාග්‍රට් ඉපදිණ. පියා ඉංග්‍රීසි ජාතිකයෙකු වුව ද මවගේ ආරට යමින් ග්රූටිරූටි හැදුණේ වැඩුණේ සිංහල ක්‍රමයටය. ඇයට වයස 11 ගතවෙද්දී ඇගේ මෑණියන් මිය ගියාය. මවගේ කලා හැකියාවනුත් සමඟ කලාවට කැමැත්තක් දැක් වූ ඇය 1934 වර්ෂයේදී තම උප්පැන්න සහතිකයේ නම වෙනුවට ‘විමලා කාන්තා’ නමින් ටවර් හෝල් රංගන ශිල්පිණියක ලෙස දොරට වඩින්නීය.

තාරුණ්‍යයට එළඹි විමලා කාන්තා විවාහ වනුයේ පොලිස් නිලධාරියකු මෙන්ම නළුවෙකු ද වන මුදුන්කොටුව ආරච්චිගේ ධර්මදාස පෙරේරා සමඟය. මේ දෙදෙනා දරුවන් පස් දෙනෙකුගේ මවුපියන් වූහ. ලලිතා පෙර්රා හෙවත් ෆ්ලෝරි දේවි, ධර්මසිරි පෙරේරා, විශාරද සුජාතා අත්තනායක, සුසිල් පෙරේරා හා රංජනී පෙරේරා මේ දරුවන් පස් දෙනාය. කලා ලෝකය වසා පැතිරෙන පවුල් ගසේ ආරම්භය සිදු වන්නේ එතැනිනි.

විමලා කාන්තා 1934 ‘මානාභරණ’ නාට්‍යයෙන් වේදිකාවට එක් වී ඇති අතර ඉන් පසුව ශ්‍රී වික්‍රම, විධුර, හෙළදිව, පුරඟන, රොඩී කෙල්ල, බලගතු කාසිය වැනි නාට්‍ය රැසකට සිය රංගන දායකත්වය සපයා ඇත. නීතිඥ ජෝන් ද සිල්වා, නීතිඥ චාල්ස් ඩයස් වැනි නූර්ති යුගයේ දැවැන්ත නාට්‍යවේදීන් ලෙස නමක් දිනාගත් නාට්‍යවේදීන්ගේ නිර්මාණයන්ට ඇයට සම්බන්ධවීමට අවස්ථාව හිමි වී ඇත. පසුව සිරිසේන විමලවීර, යූ. බෙන්ජමින් ප්‍රනාන්දු, ලුවී රුද්‍රිගු වැනි අයගේ නිර්මාණවලට ද ඇය දායක වූවාය. 1948 තිරගත වූ ‘දිව්‍ය ප්‍රේමය’ චිත්‍රපටය සඳහා විමලා කාන්තා රංගනයෙන් එක් වූවාය.

රංගන කටයුතුත් සමඟම තම දරු පවුල රැක බලා ගැනීම ද ඇගේ ජීවිතයේ ප්‍රමුඛ කාර්යයක් විය. දරුවන් කුඩා කල ඔවුන් ද රැගෙන නාට්‍ය රංගනයන්ට සහභාගි වූ අවස්ථා පිළිබඳ මතකය පසුගියදා ඇගේ එක් දියණියක වන ගායිකා රංජනී පෙරේරා සිහිපත් කළාය.

විමලාගේ වැඩිමල් දියණිය ලලිතා පෙරේරා හෙවත් ෆ්ලෝරි දේවි ද අම්මාගේ මඟ අනුගමනය කරමින් නිළියක, නර්තන ශිල්පිණියක මෙන්ම ගායන ශිල්පිණියක වූවාය. දෙවැන්නා ධර්මසිරි පෙරේරා ප්‍රකට තබ්ලා වාදකයෙක් හා සංගීත ගුරුවරයෙකි. තුන්වැන්නී වර්තමානයේත් සංගීත ක්ෂේත්‍රයේ ඉහළින්ම පිදුම් ලබන විශාරද සුජාතා අත්තනායකය. සිවුවැන්නී ගායන ශිල්පිනී රංජනී පෙරේරා. පස්වැන්නා ජෑස් ඩ්‍රම්ස් වාදනය ප්‍රගුණ කළ වාද්‍ය ශිල්පියෙකු වන සුසිල් පෙරේරාය.

සුවිසල් පරපුරක ආරම්භක පුරුක අනුස්මරණය කරනු පිණිස පැවැත්වෙන මෙම උපහාර ප්‍රසංගය ගායන, වාදන, නර්තන, නාට්‍යාංගවලින් සමන්විත විචිත්‍රවත් වූවකි. මේ සඳහා දායක වනුයේ ද ඇගේම උරුමයෙන් මෙරට කලා ලෝකය තුළ ගමන් කරන ශිල්පීන්, ශිල්පිණියන්ය.

විමලාගේ වැඩිමල් පුත් ධර්මසිරි පෙරේරා දියණිය, සුජාතා අත්තනායක, දියණිය රංජනී පෙරේරා, බාල පුතා සුසිල් පෙරේරා, ඥාති පුතු සුදත් සමරසිංහ, ඥාති දියණිය කුමාරි පෙරේරා (සෝමා කාන්තාගේ දියණිය) රංග වීරකෝන් (කුයින්ටස් වීරකෝන්ගේ පුතා), සුදේශ් කුමාර දේවනාරායණ, ඉන්දික විජයබාහු (රංජනි පෙරේරාගේ බාල පුතු) නාට්‍යවේදිනී රත්නශිලා පෙරේරා, සජීව කුමාර දේවනාරායණ, පමලි භාග්‍යා මුතුමාල, හේලි අත්තනායක (සුජාතාගේ වැඩිමල් පුතු) නෝමන් සිල්වා (රොම්ලස් සිල්වා පුතු), රවීනා, දුල්ෂාරා දසන්ති (චන්ද්‍රිකා සිරිවර්ධන මිණිබිරිය), ජීවනී නිරූපා කුමාරි (මීනා කුමාරි නැඟණිය), ඩේමින් ද අල්විස් (චන්ද්‍රිකා සිරිවර්ධන මුනුපුරා) දර්ශි ගවේෂනි ලෝගුස්, කළිඳු පන්සිළු මෙම ප්‍රසංගයට නිර්මාණ දායකත්වය සපයති. කථනයෙන් කුමාරි පෙරේරා සමඟ ලාල් ආනන්ද අබේධීර එක් වෙති. මෙම ප්‍රසංගයේ ප්‍රධාන සංවිධායක නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (ජාතික අධ්‍යාපන ආයතනය) සුදත් සමරසිංහ සමඟ රම්‍යා මුතුමාලය. වේදිකා පරිපාලනයෙන් කේ. ඩී. ඒ. පෙරේරාත්, විදුලි ආලෝකකරණයෙන් ටවර්හෝල් රඟහල පදනමත්, ශබ්ද සංයෝජනයෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවත් දායක වේ.