ජගත්, සැම්සන්, සරත් අලුත් පුටුවලට

නොවැම්බර් 29, 2018

ජාතික චිත්‍රපට සංස්ථාවේ අභිනව නව සභාපතිවරයා ලෙසට චිත්‍රපට නිෂ්පාදක ජගත් එම්. යාපා පත් විය. තෑන්ක් යූ බර්ටි, ස්පන්දන වැනි සිනමාපට නිෂ්පාදනය කළ ඔහු කුරුණෑගල ප්‍රදේශයේ සුප්‍රකට ව්‍යාපාරිකයකුද වේ. සැම්සන් කුමාරගේ සංස්ථාවේ නව ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයා ලෙස පත් විණි. සුදු වලස්සු, අකුණු පහර, අළුයට ගිනි. ජයග්‍රහණය චිත්‍රපට අධ්‍යක්ෂණය කළ සැම්සන් හපනා, බැද්දෙ සෙනෙහස, අස්වැන්න (විකාශය වීමට නියමිත) ආදී ජනප්‍රිය ටෙලි නිර්මාණ රැසක අධ්‍යක්ෂවරයාය. රැඟුම් පාලක මණ්ඩලයේ නව සභාපතිවරයා වනුයේ සම්මානනීය අධ්‍යක්ෂ තිර කතා රචක සරත් ධර්මසිරිය. ස්වයංජාත ටෙලි සිතුවමේ රූපවාහිනී රචකයා ලෙසට සම්මාන දිනූ හෙතෙම ගිනි කිරිල්ලී, භේරුණ්ඩ පක්ෂියා, සූවිසි විවරණ (තිරගතවීමට නියමිත) චිත්‍රපටත්, ඇත්කඳ ලිහිණියා. මුරුගසන් වරුසාව, සත්පතිනි ඇතුළු ටෙලි නාට්‍ය රැසක් අධ්‍යක්ෂණය කරන ලදී.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.