ප්‍රවීන ගායන ශිල්පී උපාලි කන්නන්ගර අභාවප්‍රාප්ත වෙයි

දෙසැම්බර් 12, 2018

ප්‍රවීන ගායන ශිල්පීයෙකු මෙන්ම කණ්ඩායම් සංගීත කලාවේ දක්ෂතම වාදකයෙකු වූ උපාලි කන්නන්ගර අභාවප්‍රාප්ත විය. 67 වැනි වියේ පසු වූ ඔහු සිය සංගීත දිවිය ආරම්භ කළේ සුපර් ස්ටාර් සංගීත කණ්ඩායමේ ලීඩ් ගිටාර් වාදන ශිල්පියා ලෙසිනි. පසුව සුපර් ස්ටාර් සංගීත කණ්ඩායමේ ද කටයුතු කළ ඔහු ගායන ක්ෂේත්‍රයට පිවිසියේ කලක් විදෙස්ගත වී සිට පැමිණි පසුවය. "පාරට කිට්ටුව", "දුම්බර මිටියාවත පැත්තේ", "ගෙලේ රන් මාල දා හැඩ වී", "ඉවසිල්ලක් නෑ දකින තුරා" ඔහු විසින් ගැයූ ජනප්‍රිය ගීත කිහිපයකි.


ඔහුගේ දේහය මේ වන විට අංක 19 ඒ, 4 වැනි පටුමග, ජම්බුගස්මුල්ල මාවත, නුගේගොඩ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත්කර ඇති අතර අවසන් කටයුතු සෙනසුරාදා (දෙසැම්බර් 15) පස්වරු 4.00ට කොහුවල සුසාන භූමියේදී සිදුකිරිමට නියමිතය.

Add new comment