නව යුවළත්‍රයට 'සරසවිය' සුබපැතුම්

ජනවාරි 24, 2019

වර්තමාන තරුණ පරපුරේ ජනප්‍රිය තරු ත්‍රිත්වයක් වන මාධවී, අකිල, සජිත විවාහ මංගලෝත්සවය පසුගියදා එකම මෙහොතේ සිදුවිණි. ඒ වෙන්නප්පුව ඇවෙන්ඩ්‍රා හෝටලයේදීය. ඔවුන් තිදෙනා රංගවේදී ජැක්සන් ඇන්තනි හා කුමාරි මුණසිංහගේ ආදරණීය දරුවන්ය. අඛිල ධනුද්ධර අත ගත්තේ ඇමෙන්ඩා නිකොලාය. සජිත අනුත්තර බුවිනිකා මනිෂාගේ ද, මාධවී මිලාන් ධනංජයගේ ද අතිනත ගැනීම කලාකරුවන් හා විශේෂ ආරාධිත අමුත්තන් පිරිවරා සිදු විණි. එහිදී ඔවුන්ගේ විශේෂ ඡායාරූප කිහිපයක් “සරසවිය” හසු කරගත් අවස්ථාවයි මේ.