තවත් අධ්‍යක්ෂවරියක් දොරට වඩී සෝමලතා හේරත් මැණිකේ ගේ ‘කතා කරන හීන’ හෙට තිරයට

මාර්තු 14, 2019

සෝමලතා හේරත් මැණිකේ අධ්‍යක්ෂණය කළ කතා කරන හීන සිනමාපටය මෙම මස 15 වැනිදා සිට රිත්මා මණ්ඩලයේ සිනමා ශාලාවන්හි තිරගත කෙරේ. මෙම සිනමාපටය ප්‍රදර්ශනය කෙරනුයේ ගැප්රිලීස් ක්‍රමයටය. බුද්ධික ජයරත්න, සේමිණි ඉද්දමල්ගොඩ, චන්ද්‍රසෝම බිංදුහේවා, ආනන්ද අතුකෝරළ, අංජන ප්‍රේමරත්න ඇතුළු පිරිස මෙහි රංගනයේ යෙදෙති. කතා කරන හීන සිනමාපටයේ ගීත රචනය, තිර රචනය, නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය සෝමලතා හේරත් මැණිකේගෙනි.