එකෝඩිං ටු මැතිව් ගැන කතාබහක් 23 දා

මාර්තු 21, 2019

චන්ද්‍රන් රත්නම් අධ්‍යක්ෂණය කළ එකෝඩිං ටු මැතිවු සිනමා කෘතියේ විශේෂ දැක්මක් සහ ඒ පිළිබඳ සංවාදයක් මෙම මස 23 වැනිදා සවස මරදාන ඩීන්ස් පාරේ සමාජීය සහ සාමයික කේන්ද්‍රයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජිත් රොහාන්, මාධ්‍යවේදී මහින්ද නාමල්, තිලිණ අලහකෝන්, මාධ්‍යවේදී ගයාන් ගාල්ලගේ යන මහත්වරුන් මේ සඳහා සහභාගී වන අතර නුවන් ලියනගේ පූරක වශයෙන් එකතුවේ. මෙම චිත්‍රපට දැක්ම සහ සංවාදය ඛ්අධ් කලා කෙත සංවිධානය කරනු ලබයි.