සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදයේ නව නිළධාරී මඩුල්ල

මාර්තු 21, 2019

මෙයට වසර හයකට පෙරාතුව ක්ෂේත්‍රයේ දීර්ඝකාලීන අභිවෘද්ධිය සඳහා පිහිටුවා ගන්නා ලද, චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ සංසදයේ, 2019 - 2020 වර්ෂ සඳහා නව නිළධාරීන් තෝරා පත්කර ගැනීම පසුගිය දා සිදු විය. ඒ අනුව සංසදයේ නව සභාපති ලෙස සරත් ධර්මසිරි මහතා ද, ලේකම් ලෙස සෙනේෂ් බණ්ඩාර දිසානායක මහතා ද, භාණ්ඩාගාරික ලෙස සුනෙත් මාලිංග ලොකුහේවා මහතා ද පත් වූ අතර, උපසභාපති ලෙස ආචාර්ය සෝමරත්න දිසානායක, උපලේකම් ලෙස රොහාන් වැලිවිට, සංවිධායක ලෙස සමීර නාඔටුන්න සහ සංස්කාරක ලෙස සුදත් මහදිවුල්වැව යන මහත්වරුන් ද තේරී පත් විය. සංසදයේ සෙසු විධායක කමිටු සාමාජිකයන් වනුයේ, නීතිඥ සමන් වීරමන්, බෙනට් රත්නායක, ජැක්සන් ඇන්තනි, ජයන්ත චන්ද්‍රසිරි, අශෝක හඳගම, උදයකාන්ත ව3⁄4ණසූරිය, අනුරුද්ධ ජයසිංහ, පරාක්‍රම ජයසිංහ, සුරංග ද අල්විස්, සුදේශ් වසන්ත පීරිස්, සරත් වීරසේකර, සුන ිල් ප්‍රේමරත්න, වෛද්‍ය කපිල සූරියආරච්චි, සංජීවපුෂ්පකුමාර යන මහත්වරුන් ය.

මෙහි දී සිනමාවේ දැනට පවතින ගැටළු බොහෝමයක් අතරින් ඉතා ඉක්මණින් විසඳුම් සෙවියයුතු කරුණු ක ිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණු අතර, ඒවාට ඉක්මන් ක්‍රියාකාරී පිළියම් යෙදීමට සංසදය විසින් තීරණය කරන ලදි. මීළඟට යෙදෙන විධායක කමිටු සභා වාරයේ සිට, සෑම මසක මපවත්වනු ලබන විධායක සභාවේ සභා වාර්තාව, ශ්‍රී ලංකාවේ සෑම සිනමා අධ්‍යක්ෂවරයෙකු වෙත ම විද්යුත් තැපැල් මඟින් යැවීම සඳහා නව වැඩ පිළිවෙලක් ආරම්භ කිරීමට ද තීරණය කෙරිණි. එමඟින් වර්තමානයේ සිනමා ක්ෂේත්‍රයේ පවතින තත්වයන් පිළිබඳව සෑම අධ්‍යක්ෂවරයෙකු ම යාවත්කාලීන කිරීමටත්, එම`ගින් බොහෝ දෙනෙක =ගේ අදහස් එ ්කරාශී වන පොදු මතයක් වෙනුවෙන් කටයුතු කිරීමටත් හැකියාව ලැබෙනු ඇතැයි විශ්වාසය පළ කළේ ය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.