වර්ෂ 2021 ක්වූ January 18 වැනිදා Monday
ඇල්බෙයා කැමූගේ පරාභව
අප්‍රේල් 11, 2019

'වැව් බැඳි රාජ්ජේ සවාරියක්' ග්‍රන්ථය ඇතුළු කෘති ගණනක් රචනා කර ඇති එඩ්මන් ජයසූරිය විසින් පරිවර්තනය කළ අලුත්ම කෘතිය 'පරාභව' (ඒතඡඥපබ ඛ්චථභඵ - ඊඩඥ ජ්චතත) මෙම මස 23 වැනිදා කොළඹ මරදානේ දයාවංශ ජයකොඩි සහ සමාගමයේ පොත් ප්රදර්ශනාගාරයේදී එළිදැක්වේ.
ප්‍රංශ සම්භවයක් සහිත ඇල්ජීරියාවේ උපන් ඇල්බෙයා කැමූගේ ළමා කාලය ඉතා දුක්බර විය. වයස අවුරුදු හතළිස් හතේදී මෝටර් රථ අනතුරකින් කැමූ මිය යන විට නොබෙල් සාහිත්‍ය සම්මානය ද දිනා සිටි අතර ඔහු ලෝකප්‍රකට සම්භාවනීය ලේඛකයකු බවට පත් වී සිටියේය. විකාරරූපී සංකල්පය ඔහු විසින් නූතන දර්ශනවාදයට දායාද කළ බව ලෙස සැලකේ.
නිශ්ශංක