වර්ෂ 2019 ක්වූ December 08 වැනිදා Sunday
මෙතෙර ටෙලි නාට්‍යවලට එතෙරදී සම්මාන

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පැවැත් වූ 3ඛ්ඉ ශ්‍රී ලාංකේය ටෙලි සම්මාන උලෙළකදී හොඳම නළුවා ලෙස ඉසුරු හෙට්ටිආරච්චි හා හොඳම නිළිය ලෙස චාන්දනී සෙනෙවිරත්න සම්මාන දිනූහ. මෙම උලෙළ එහි වෙසෙන චාලක ජයසිංහ සහ ශානිකා ජයසිංහගේ සංවිධානයකි.
මෙවර උලෙළේදී ජනප්‍රිය නළු නිළි යුවළ වූයේ රවීන් කනිෂ්ක සහ නයනතරා වික්රමආරච්චිය. වසරේ නැගී එන නළුවා චානුක ප්‍රබෝධ සහ නැගී එන නිළිය හැටියට වොල්ගා කල්පනි සම්මාන දිනා ගත්හ. 2013 සිට 2017 දක්වා නිර්මාණය වූ ටෙලි නාට්‍ය හා සිනමාපට රංගනයෙන් පෑ දස්කම් වෙනුවෙන් සුරාජ් මාපා සහ උමයංගනා වික්‍රමසිංහට සම්මාන පිරිනැමිණි. හොඳම ටෙලි නාට්‍යය වූයේ කූඹියෝය. උලෙළේ උපහාර සම්මාන වෙන් වූයේ චම්පා බුද්ධිපාල සහ ගාමිණී පෙරේරාටය. ශී‍්‍ර ලංකාව ජාත්‍යන්තර කීර්තියට ඔසවා තැබීම උදෙසා මෝටර් රථ ධාවන ශූර ඩිලංක මාලගමුවටත්, කායවර්ධන ශූර ලූෂන් පුෂ්පරාජ් හටත් විශේෂ සම්මාන පිරිනමන ලදී. උලෙළේ නර්ථන නිර්මාණය විශ්ව නර්ථන රේඛා කණ්ඩායමෙනි. 3ඛ්ඉ සම්මාන උලෙළ පැවැත් වූයේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි බන්ජිල් ප්ලේස්හිදීය. වසරක් පාසා මෙම සම්මාන උලෙළ පැවැත්වීමට අපේක්ෂා කරන බව සංවිධායකවරු සඳහන් කෙරුවෝය.