History

1964 මැයි මස 10 වැනි දින කොළඹ අශෝකා සිනමාහලේ දී ආරම්භ කරන ලද සරසවිය සිනමා උලෙළ ලංකික සැබෑ සිනමාවේ හැරවුම් ලක්ෂයක් විය. එය සිනමාව පිළබඳ එවකට නැග එමින් තිබුණු නව මතවාද කෙරෙහි අවධානය යොමු කරන ලද සිනමා උලෙළක් විය. උලෙළෙ හි චමත්කාර ජනක බව අභිබවා නැගී ආවේ එහි විනිශ්චයන් විසින් ලබා දුන් විශිෂ්ට තීන්දු වල ගෞරවයයි. එය වඩා පැහැදිලි වූයේ මුල්ම සරසවිය සම්මාන උලෙළේ හොඳම චිත්‍රපටය ලෙස සම්මාන දිනූ ගම්පෙරළිය 1965 වසරේ ජනවාරි මස 21 වැනි දින ඉන්දියාවේ නවදිල්ලියේ දී පැවැත්වුණු තුන් වැනි අන්තර් ජාතික ඉන්දියානු සිනමා උලෙළේ දී හොඳම චිත්‍රපටයට හිම් රණ මයුර සම්මානය දිනා ගැනීමෙනි. එය මෙරට වෘතාන්ත චිත්‍රපටයක් ජාත්‍යන්තර සම්මානයක් දිනා ගත් මුල්ම අවස්ථාව විය.


සරසවිය සම්මාන තුන් වර්ගයකි. ප්‍රධාන සම්මාන  විනිශ්චය මණ්ඩලයේ මගින් පිරි නැමේ. විනිශ්චය මණ්ඩලය සිනමා  කලාවන් පිළබඳ ප්‍රමාණවත් දැනුමෙන් යුත් වද්වත් මණ්ඩලයකින් සමන්විතය. සාමාජික සංඛ්‍යාව උපරිම වශයෙන් 9 දෙනෙකි. අවමය පස් දෙනෙකි. ජනප්‍රිය සම්මාන පිරි නැමෙනුයේ ලාංකික සිනමා ප්‍රේක්ෂකයන්ගේ මනාපයෙනි. තුන් වැනි සම්මාන ලේක් හවුස් ආයතනය මගින් පිරි නැමෙන සිනමා කර්මාන්තයේ සහ සිනමා සාහිත්‍ය වෙනුවෙන් කළ යාවජීව කර්තව්‍ය වෙනුවෙනි. වර්තමානයේ මෙරට සියලු කලා උත්සවයන්ගේ ආරම්භයේ දී සරස්වතී දෙවඟන වෙනුවෙන් ගැයෙන සරස්වතී අභිනන්දන ගීතය චන්ද්‍රරත්න මානවසිංහයන් විසින් රචනා කරන ලද්දේ ද පණඩිත් අමරදේවයන් විසින් ගායනා කරන ලද්දේ ද සරසවිය සම්මාන උලෙළ වෙනුවෙනි.