කපුටා සහ කේජු මුහුරත් උලෙළදා

දෙසැම්බර් 13, 2018

කීර්ති බණ්ඩාරයන්ගේ නවතම වේදිකා නාට්‍ය නම් කර ඇත්තේ 'කපුටා සහ කේජු' නමිනි. එම වේදිකා නාට්‍යයේ මුහුරත් උළෙල පසුගිය දින කිරිබත්ගොඩ කර්ඕඒ ශාලාවේදී අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්විනි. සම නිෂ්පාදනය ඩබ්. ඇම්. ඩබ්. කරුණාරත්න ගෙනි. සංගීතය රංජිත් නවරත්න, අංග රචනය ගාමිණී කොස්තා, නර්තන නිර්මාණය ජයනා චාමිනී දායක වෙති.

මෙම වේදිකා නාට්‍යයේ රොහානි වීරසිංහ, දයානන්ද හේවගේ, මිලින්ද පෙරේරා, ජයතිලක හේරත්, චාන්දනී මල්ලිකා, නෙලුම් වන්නිආරච්චි, තිලකරත්න ලියනගේ, චින්තක පතිරණ, දනුෂ්ක අබේකෝන්, කැලුම් සංජීව, ජයනා චාමිනී, සමින්ද සංජීව, ච්. ර්. ඛ්. දිසානායක, ම්.ර්‍ථ. දිල්රුක්ෂි, පංචාල පතිරගේ, හිරුනි ලියනගේ, ඉෂාරා මධුෂානි, මංගලා සෙනවිරත්න, සඳලි වීරසිංහ, මයුරි වත්සලා, තිලකා කුමරි හේරත්, තරිඳු සඳරුවන්, හර්ෂණි හෙරත්, නයනා හේමන්ති, රඟපාති. වේදිකා පරිපාලනය තිලකරත්න ලියනගේ සමඟ තරිඳු සඳරුවන්, මංගලා සෙනවිරත්න, නිෂ්පාදන කළමණාකරු, චින්තක පතිරණ, සහය තිලකා කුමාරි හේරත් සමඟ සඳලි වීරසිංහ යන අයගෙනි.