ශ්‍රියාපාලගේ ශක්‍ර භවන යූ ටියුබ් එයි

දෙසැම්බර් 20, 2018

නාට්‍යවේදී ඊ. ඩී. ශ්‍රියාපාල ගැයූ ශක්‍ර භවන ගීතය පසුගියදා අන්තර්ජාලයට නිකුත් විය. එය යූ ටියුබ් ඔස්සේ ශ්‍රියාපාලගේ නම සටහන් කොට රස විඳිය හැකිය. සුවසෙත කලාකවය ඇතුළු නාට්‍ය සංගම් කිහිපයක ආරම්භකයා වූ ශ්‍රියාපාල ඉකුත් දා ශ්‍රී විභූති සම්මානයෙන් ද පිදුම් ලැබීය.


7 වැනි යෞවන චිත්‍රපට උලෙළ හෙට

ජාතික තරුණ සේවා සභාව විසින් සංවිධානය කරන 7 වැනි යෞවන චිත්‍රපට උලෙළ හෙට (දෙසැම්බර් 21) ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනි සිනමා ශාලාවේදී ආරම්භ කෙරේ. චිත්‍රපට උලෙළ ආරම්භ කෙරෙන්නේ මොහොමඩ් ෆවුස්තින්දුස් අධ්‍යක්ෂණය කළ Gray Umbrella  නම් ඉරාන චිත්‍රපටයෙනි. චිත්‍රපට උලෙළේ සම්මාන ප්‍රදානය දෙසැම්බර් 23 වැනිදා සිදුකිරීමට නියමිතය.

මෙම සිනමා උලෙළෙ නියෝජනය කරන අනෙකුත් චිත්‍රපට මෙසේය

 

MR.BOX (සිංහල/ කෙටි)

තාරක අබේසිංහ

 

Life of Baththalangunduwa (සිංහල/වාර්තා)

රෂාන් හර්ෂණ සේනාධීර

 

හොර සල්ලි (සිංහල/කෙටි)

එම්. එච්. රාහුල ජයසේකර

 

Day of Doom (සිංහල/කෙටි)

නිලූෂ හේවාගම

 

අරුමැසි දිවයින ඩෙල්ෆ් (සිංහල/වාර්තා)

ටී. අයි. ශම්මි ශ්‍රී ලාල්

 

My Other (සිංහල/කෙටි)

අමිල චින්තක

 

The Silent Killer (දෙමළ/වාර්තා)

ආර්. ජෙයෙල් ජෙරස්

 

MPD  (දෙමළ/කෙටි)

ඩී. රොබින්සන්

 

Add new comment