කලකට පසුව ඩෙන්සිල් යළිත් වේදිකාවට

ඔක්තෝබර් 10, 2019

ඩෙන්සිල් ප්‍රනාන්දු කලාවට අවතීර්ණ වන්නේ කලකට ඉහතදීය. ඔහු රංගනයෙන් දායක වූ පළමු නිර්මාණය ජොසපිනාගේ පින ටෙලි නාට්‍යයි. පසුකාලීනව රංගනයෙන් ඉවත්ව බොරැල්ල රිට්ස් සිනමා ශාලාවේ රැකියාවට යන ඩෙන්සිල් වසර දහ අටක් පමණ එහි සේවය කරයි. ඒ අතරතුරදි වරින් වර විවිධ අංශ යටතේ නිර්මාණයන්ට දායක වන ඩෙන්සිල් යළිත් නාට්‍ය කලාවට පැමිණ සිටියි. ඔහු නිර්මාණය කරන පළමු වේදිකා නාට්‍යය නම් කොට ඇත්තේ ‘නැහැ වැටුණේ සිනමාව අවදි කරමු මතකය’ ලෙසිනි. එහි පිටපත රචනා කොට ඇත්තේ ද ඩෙන්සිල් විසිනි. නවක නළු නිළියන් රංගනයේ යෙදෙන මෙම නාට්‍යයෙහි පුහුණුවීම් මේ දිනවල සිදුවේ. මේ සඳහා පැරැණි චිත්‍රපට ගීත දොළහක් ඇතුළත් කර තිබීම ද විශේෂත්වයකි. ඩෙන්සිල්ගේ කුලුඳුල් වේදිකා නාට්‍යය දෙසැම්බර් මාසයේදි වේදිකා ගතවීමට නියමිතය.

   

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.