රජා මං වහලා නරඹමු! කියවමු

චාමික හත්ලහවත්ත
ඔක්තෝබර් 24, 2019

මම පුංචිකාලේ තරමක අසමත් දරුවෙක්. ඒත් නාට්‍යකරණය නිසා තමයි මම අධ්‍යාපනය, වෙහෙස නොතකා වැඩ කිරීම වගේ බොහෝ දේ ලැබුවේ. මට සමාජයට කියන්න තිබෙන දේවල් කිව හැකි හොඳම මාධ්‍යය වගේම මම බොහෝ සෙයින් හැදෑරුවේ, නැරඹුවේ වේදිකා නාට්‍ය. මට මාව හඳුනගන්න ලැබුණේ වේදිකා නාට්‍ය නිසා. කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨයේ නාට්‍ය හා රංගකලාව පිළිබඳ කථිකාචාර්යවරයකු ලෙස ගුරුවරුන් පුහුණු කිරීම වගේම මගේ ආචාර්ය උපාධියේ පර්යෂණ නිබන්ධනය ළමා නාට්‍යකරණය පිළිබඳ රචනා කරමින් ඉන්නේ නාට්‍යකරණය නිසා. මම කැමති දේ වෙහෙස දරලා කරන්න පුළුවන් බව වැටහු‌ණේ වේදිකාව නිසා. එසේ කියමින් නාට්‍යවේදී, ශාස්ත්‍රපතී චාමික හත්ලහවත්ත බුක්මාර්ක් සමඟ සිය කෘතිය එළි දැක්වීම පිළිබඳ කතාබහක යෙදුණි.රජා මං වහලා නාට්‍ය පිටපතත් සමඟ එහි ක්‍රියාකාරීන්ගේ අත්දැකීම් පොතක් ලෙස එළි දක්වන්න ඔබ හිතුවේ ඇයි?

ඇත්තෙන්ම සාහිත්‍ය පිටපත පමණක් නැතිව නිෂ්පාදන ක්‍රියාවලිය මෙහි ඇතුළත් වන්නේ මම හිතන විදිහට වේදිකා නාට්‍යයක් පොතක් බවට පෙරළන්න බැරි නිසා. වේදිකා නාට්‍යයක් පවතින්නේ වේදිකාව මත එය වේදිකාගත වන මොහොතේ පමණයි. පොතක් කියන්නේ එහි සාහිත්‍ය පිටපත පමණයි, නාට්‍යය නැහැ. ඉතින් කොහොමද මේ නාට්‍යයම පොතකට ගේන්නේ කියන කාරණය කල්පනා කරද්දි තමයි මේ ආකෘතිය මතු වුණේ. හිතන්නකො අපි පුළුවන් කාලයක් මේ නාට්‍යය රඟදක්වලා ඉවර වුණාම නාට්‍යය ඉතුරු වෙන්නේ නෑනේ. ඉතුරු වෙන්නේ පිටපත විතරයි. එකකොට ඇත්තටම ඉතිහාසයට එකතු වෙන්නේ නාට්‍ය අධ්‍යක්ෂවරයා සහ රචකයා පමණයි. හැබැයි ශිල්පීන්ගේ කාර්යය ඉතිහාසගත වන්නේ නැහැ. අපට ලංකාවේ වුණත් තිබෙන්නේ නාට්‍යකරුවන්ගේ ඉතිහාස පමණයි. පසුතල නිර්මාණකරුවන්, ආලෝකකරණ ශිල්පීන්, වේදිකා පරිපාලකයන්, රංගවස්ත්‍ර, වේශනිරූපණ වගේම රංගන ශිල්පීන්ගේ පවා නම් ඇතුළත් වුණාට නාට්‍යය වෙනුවෙන් ඔවුන්ගේ කාර්යභාරය කොයි වගේද යන්න සොයාබලන්නේ කොහොමද? අපි හිතමු නාට්‍යකරණය පිළිබඳ උසස් අධ්‍යාපනයකට හදාරන්නකුට පර්යේෂණයක් කරන්න වුණොත් තිබෙන්නේ සාහිත්‍යමය පිටපත් පමණයි. ශිල්පීන්ගේ කාර්යභාරය නැහැ. මගේ මකරට නාට්‍යයේදීත් මම උත්සාහ කළා සාහිත්‍යමය පිටපතක් නැතිව කොහොමද නාට්‍යයක් විදිහට පිටපතක් ලියන්නේ කියන දේ සහ ඒ තුළ නිෂ්පාදන ක්‍රියාවලිය ඇතුළත් කරන්නේ කොහොමද කියන දේ. ඇත්තටම එය තරමක් දුෂ්කර වෙහෙසකර ක්‍රියාවක්. ඒත් මේ ක්‍රියාවලිය සමාජගත කරන්න, අනාගතයට ඉතුරු කරන්න ඕනා කියන හැඟීම නිසායි මේ විදිහට පොත එළිදක්වන්නේ.බ හිතන දේ මෙයින් පමණක් කළ හැකිද?

එක්තරා ප්‍රමාණයකට. ඒ නිසා මීටත් වඩා සංවිධිත විදිහට ඉදිරියේදී කටයුතු කරන්න, බෝම්බයක් ඉතුරුයි නාට්‍යයේ නම් පුහුණුවීම් පවා රූගත කළා. ඒ ඩීවීඩී පටයකුත් දෙන්න සැලසුම් කරගෙන. මොකද නාට්‍යයකදී අපි කරන සමහර දේවල් වචනවලට පෙරළන්න බෑ. උදාහරණයකට සරච්චන්ද්‍ර මහත්මයාගේ නාට්‍ය පුහුණු කළ ආකාරය පිළිබඳ අත්දැකීම අපට ලබන්න තිබුණානම් කොහොමද? ඒ නාට්‍යය ඩීවීඩී එකකින් බලලා වැඩක් නැහැ. ඒවා පුහුණු කිරීමේදී වුණ ක්‍රියාවලියයි වැදගත්. කවුරු මොනවා කීවත් සරච්චන්ද්‍ර මහත්මයා පර්යේෂණ කළ නිසානේ ඒ කලාව ඉදිරියට ගියේ. මටත් ඇත්තටම වුවමනා කළේ ලාංකික ප්‍රේක්ෂකයාට ගැළපෙන නාට්‍ය කලාවක් පිළිබඳ සොයා බලන්න. ඒ අතරතුර මම අධ්‍යයනය කරන දේ, අන්තර්ජාතික නාට්‍ය උලෙළවලට සහභාගි වෙලා ලැබූ අත්දැකීම් අනුව නාට්‍යයක් කරන්න මම උත්සාහ කළා. එනිසා තමයි කතන්දර කීමේ කලාව මුල් කරගෙන රජා මං වහලා නාට්‍යය බිහි වුණේ. ඒ සඳහා මම විවිධ කතන්දර සොයාගෙන ගියා.

සුරංගනා කතාව ලියැවුණේ එහෙම. එය විතරක් මදි නිසාත්, එපික් නාට්‍යවලට මගේ ඇති කැමැත්ත වගේම එකිනෙකට සම්බන්ධ නොවන ඒත් සියුම් හුයකින් බැඳුණු දේවල් එකට ගත හැකි නිසාත් පස්සේ හිතුවා සමකාලීන කතාවක් ගන්නවා කියලා. මගේ විශ්වවිද්‍යාල මිතුරියකගේ සොහොයුරියකට වූ සිදුවීමක් වර්තමාන කතාව ලෙස ගත්තේ ඒ නිසා. පස්සේ ඉතිහාස කතාවකුත් ආවානම් හොඳ බව දැනෙද්දි මුලින්ම හිතට ආවේ දුටුගැමුණු රජුගේ කතාව. ඒ අනුව පෙළ ගැස්වීම මුලින් සුරංගනා කතාව, දෙවැනුව ඉතිහාස කතාව සහ අවසානයේ වර්තමාන කතාව ලෙස පෙන්නුවාම ප්‍රේක්ෂකයා පොළොවේ පය ගැස්විය හැකි හොඳම විදිහ එය බව තේරුණා.

වීරයන් පෙන්නලා පෙන්නලා වර්තමාන සමාජයේ වීරයාට මොකද වෙන්නේ. අපි දරුවන්ට කියන්නේ හොඳට ඉගෙන ගන්න, දහම්පාසල් යන්න ආගමට දහමට ගරු කරන්න කියලා. ප්‍රේමතිලක කියන්නේ පාසල් අධ්‍යාපනයෙන් බිහි වූ හොඳම ශිෂ්‍යයා. දහම්පාසල් විභාගයට විශිෂ්ට සම්මාන හතරක් ගන්නවා කියන්නේ කොයි තරම් හිත ගැන අවබෝධයක් තිබිය යුතුද ප්‍රේමතිලකට? ඒත් ඔහුට එක මොහොතක හිත පාලනය කරගන්න බැරුව ගියා. ඒ කියන්නේ කොයි තරම් ප්‍රායෝගික නොවන, සිද්ධාන්ත පමණක් පිරවූ හදවත් නැති ඔළුගෙඩි පමණක් බිහි කරන, වැඩ කරන්න බැරි, ආත්මාර්ථකාමී පිරිසක් බිහිකරන අධ්‍යාපනයක්ද අපට තිබෙන්නේ. ආවේදනත් නැහැ මනෝචාලකත් නැහැ. මේ දේවල් මට නාට්‍යයේදි පෙන්වනවා මිස පොතේ වචනවලින් පුරවන්න බැහැ.

තව විශේෂම කාරණයක් තමයි වේදිකා නාට්‍ය පිළිබඳ අපේ රටේ සිදුකරන විචාර පිළිබඳ නාට්‍යකරුවකු විදිහට මගේ එතරම් පැහැදීමක් නැහැ. සාපේක්ෂව නාට්‍ය පිළිබඳ සියලු මාධ්‍යවල විචාර පළවනවා අඩුයි. සිංහල විශේෂ උපාධිය කළ අය නාට්‍ය හා චිත්‍රප‌ට විචාරය කරන විට ඔවුන් සලකා බලන්නේ දෙබස් පිළිබඳ විතරයි. නාට්‍යයක් දෙබස් මත විචාරය කිරීම සම්පූර්ණ වැරැදියි. උදාහරණයක් විදිහට රජා මං වහලා නාට්‍යයේ සමකාලීන යුගයේ කතාව ඒ ආකාරයෙන්ම තිබුණු බව කියමින් එක විචාරයක් තිබුණා.

කතාව ඒ ආකාරයෙන්ම තිබුණාට මම නාට්‍යමය දේවල් බොහෝමයක් එහි වෙනස් කර තිබෙනවා. උදාහරණයකට නිල්මිණී ප්‍රේමතිලකගේ ප්‍රේමය ප්‍රතික්ෂේප කරද්දි ප්‍රේමතිලක වතුරෙන් මූණ හෝදද්දි නිල්මිණි වටේ දුවනවා. වේදිකාවේ නිල්මිණිලා දෙන්නෙක් සහ ප්‍රේමතිලකලා දෙන්නෙක් ඉන්නවා. එහෙම වුණ ගමන් අර්ථය ද්විත්ව වෙනවා. මේ දේ වෙන කිසිම මාධ්‍යයකින් කරන්න බැහැ වේදිකාවට හැර. එය වේදිකාවට සුවිශේෂියි. ඒ වගේම අවශ්‍යතාව අනුව නාට්‍යයෙන් නාට්‍යයට සංස්කරණය වෙන්න පුළුවන් වේදිකා නාට්‍යයකට විතරයි. ඒ ව‌ගේම නාට්‍යය දකින්නේ එක් අවස්ථාවයි. ඒ මොහොතේ තේරුම්ගත යුතුයි. එයත් වේදිකාවට සුවිශේෂියි. මේ දේවල් කියවගන්නේ නැතිව විචාරය කිරීම තේරුමක් නෑ. සාහිත්‍ය පිටපත මරාගෙනයි නාට්‍යය බිහිවන්නේ. ඒ අභියෝගය ජයගන්නයි මේ පොත මේ ආකාරයෙන් සකස් කළේ.ට්‍ය පෙළට අමතරව නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳ මී‌ට පෙර නාට්‍ය ලෝකයේ උදාහරණ ඔබට ලැබුණාද?

එහෙම ලියැවුණු අවස්ථා තිබෙනවා. ශේක්ස්පියර්ගේ කාලෙ ඉඳන් ලියැවුණු ඒවාත් තිබෙනවා. හැබැයි මට හිතෙන විදිහට අපේ පොතේ සියලුම දෙනාගේ කාර්යභාරය උපරිමයෙන් ඇතුළත් වෙලා තිබෙනවා. එය හොඳම ශාස්ත්‍රීය මට්ටමෙන් තිබෙනවා කියා මම කියන්නේ නැහැ. ඉතින් මට හිතෙනවා මේ පොත කියවන කෙනකුට නිෂ්පාදනය ගැනත් යම් අදහසක් ලැබෙනවා කියලා. මමත් උත්සාහ කළා පුළුවන් තරම් සාහිත්‍යයෙන් මිදිලා නාට්‍යකරණයේ ආකාරයෙන් රංග විධාන පවා ඇතුළත් කරන්න. දයානන්ද ගුණවර්ධනගේ මධුර ජවනිකා පිටපත කුඩායි. උපග්‍රන්ථය ඒ වගේ කීපගුණයක් විශාලයි. මධුර ජවනිකා තේරුම්ගන්න නම් නාට්‍යය බලලා පොත කියවලා ආපසු නාට්‍යය බලන්න ඕනා. ඉතින් වේදිකා නාට්‍යය කියන්නේ අධ්‍යාපනික කාරණයක්. රජා මං වහලා බලපු අය මේ පොත බලලා ආයේ නාට්‍යය බැලුවොත් කොච්චර හොඳට රස විඳීන්න පුළුවන් වෙයිද?බ ප්‍රොසීනියම් වේදීකාවට පමණක් සීමා නොවන ආකාරයෙන් අනුශාංගිකාංග භාවිත කරන බවක් පේනවා?

ඇත්තටම ලෝකේ උත්සාහ කරන්නේම ප්‍රොසීනියම් වේදිකාවෙන් මිදෙන්න. අපි තමයි දූපත් මානසිකත්වයෙන් තාමත් හැමදේටම හිරවෙලා ඉන්නවා වගේ වේදිකාවෙත් හතර කොණේ හිරවෙලා ඉන්නේ. හැබැයි ඒ ගැලවීම වෙනුවෙන් මුලින්ම පිටපත ලියන මොහොතේ සිට මම ඉඩහසර තබනවා. රංග විධාන ලියන්නේ නැහැ. පසුතල නිර්මාණ දර්ශනයෙන් දර්ශනයට වෙනස් විය යුතු ආකාරය නිශ්චිත කරන්නේ නැහැ. එහෙම වුණාම නළුවන් ඇතුළු අනෙක් අයට ඉඩ තිබෙනවා තමන්ගේ දේ මේ නාට්‍යය තුළට ගේන්න. අපි බැරල් භාවිත කළේ බැරලිස්ම්වලින් ගත් සමහර දේවල් නිසාම නෙවෙයි. පිටකොටුවේ ඔහේ ඇවිදින අතර ගැළපෙන දේවල් හොයන්න, අපේ නළුවන්ට පහසුවෙන් භාවිත කරන්න පුළුවන්, උඩ නඟින්න, සංගීත භාණ්ඩ විදිහට ගන්න ආදී සියලු කාරණා නිසායි. අවසානයේ ඒවා බැරල් බවින් පවා මිදිලා රංගභාණ්ඩ පමණක් බවට පත් වුණා.

පිරිසක් එක්ව කරන වැඩ බිමක් බවට නාට්‍යය පත්වද්දි එකිනෙකාගේ තිබෙන සීමා, බැඳීම් පුපුරුවා ගිහින් අලුත් දෙයක් හැදෙනවා. ඒ ව‌ගේම ශිල්පීන් පස් දෙනෙක් චරිත ගණනාවක් කරනවා. කතන්දර කරුවන් කතාව කියන නිසා රංගවස්ත්‍රවලින් චරිත සුවිශේෂි කරන්න බැහැ. මෙහි ‌බ්‍රෙෂ්ට්ගේ නියමයන් හොඳටම භාවිත කරනවා. ප්‍රේක්ෂකයා චරිතයට බැඳෙන්නේ නැහැ. නිදහස්. වාද්‍ය වෘන්දයක් නැහැ. මේ මොනවා කළත් මට නිශ්චිත අරමුණක් තිබෙනවා නාට්‍යය අවසානයේ යා යුත්තේ කොතැනටද කියලා. ඒ අරමුණ වෙනුවෙන් සියල්ල අවසානයේ ගොනු කර ගැනීමට කටයුතු කරනවා. ඉන්දියානු අන්තර්ජාතික උලෙළෙදි මෙය බොහොම අගය කෙරුණා.ද නාට්‍ය ලාව?

අද භයානකම දේ තමයි පාසල්වලට විවිධ තේමාවලින් නාට්‍ය ගෙන යෑම. මත්රකුසාගෙන් බේරෙන්න කියලා නාට්‍ය පෙන්වනවා. මත් රකුසාගෙන් බේරිල්ල කෙසේ වෙතත් ළමයින්ගේ නිර්මාණ බංකොළොත්භාවයට ඒ නාට්‍ය කියන ඒවා බලපානවා. මම විශ්වාස කරනවා තාක්ෂණය සමඟ නාට්‍ය කලාව වෙනස්විය යුතුයි කියලා. සාහිත්‍යමය කො‌ටසින් නාට්‍යය මිදිය යුතුයි. මට එවැනි පර්යෂණයකට යන්න දැඩි වුවමනාවක් තිබෙනවා. ඒත් තවම සාර්ථකත්වය පිළිබඳ සැකයි.ජාමං වහලා පොත එළි දැක්වෙන්නේ?

මේ මාසේ 28 වැනිදා සවස 5.00ට කොළඹ විශ්වවිද්‍යාලයේ නවකලාගාරයේදී එළිදැක්වෙනවා

ගුණසේන සමාගමේ ජයම්පති රාජකරුණා. නිෂ්පාදන ක්‍රියාවලියට සහාය දුන් ගංගා ඇතුළු ශිෂ්‍යයන්ට, වීඩියෝ කළ අනුද ඇතුළු පිරිස, උත්සවය සංවිධානය කරන නිරෝෂ් ඇතුළු නාට්‍ය කණ්ඩායමේ සියලු දෙනා ඇතුළු මේ වෙනුවෙන් කැපවන මගේ බිරිඳ සහ දරුවන් දෙදෙනාට මගේ පූර්ණ ස්තුතිය පුද කරන්නත් ඕනෙ.

නිශ්ශංක විජේරත්න

Add new comment