යකාගේ කතාවක් 21 දා ටවර්හිදී

දෙසැම්බර් 19, 2019

සිරිනාථ වික්‍රමසිංහ නාට්‍ය නිර්මාණය මේක යකාගේ කතාවක් මෙම මස 21 වැනිදා සවස මරදාන ටවර් රංග ශාලාවේදී වේදිකාගතවේ. ලක්ෂ්මන් අමරසේකර, දයා හේවගේ, රුවන් මදනායක, නිරෝෂා මෛත්‍රී, හිරුණි රණසිංහ, සඳනි රණවීර මෙහි රංගනයේ යෙදෙති. සනත් පීරිස් සංගීත අධ්‍යක්ෂණයෙන් එකතුවේ. ප්‍රියන්ත ඊෂ්වරගේ රචනයකි. උපුලිත තිලංක රණසිංහගේ වේදිකා පරිපාලනයකි. මෙහි අධ්‍යක්ෂ සිරිනාථ අංග රචනා ශිල්පියකු කලා අධ්‍යක්ෂවරයකු මෙන්ම නාට්‍ය නිෂ්පාදකවරයකු වශයෙන් කටයුතු කරයි. අල්ලපුගෙදර, ජේලර් උන්නැහේ, නිරෝගේ රඟමඬල ඔහු මීට ප්‍රථම නිර්මාණය කළ නාට්‍ය අතර වේ.