වර්ෂ 2024 ක්වූ March 19 වැනිදා Tuesday
‘ගී්රස් යකා Returns’ පෙබරවාරි 1 වැනිදා
2019 රාජ්‍ය නාට්‍ය උලෙළේ හොඳම නාට්‍ය, අධ්‍යක්ෂණය, ස්වීය රචනය ඇතුළුව සම්මාන 10ක් දිනාගත් රජිත හෙට්ටිආරච්චි සහ නිශාන්ත ද සිල්වා රචනය සහ අධ්‍යක්ෂණය කළ ‘ගී්රස් යකා Returns' නාට්‍යය පෙබරවාරි 1 වැනිදා සවස 7.30ට කොළඹ එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකා ගත වේ.
එසේ ම ඉන්දියාවේ පැවැත්වෙන ප්‍රධානතම නාට්‍ය උලෙළක් වන භාරත් රංග මහෝත්සව නාට්‍ය උලෙළ සඳහා ද මෙවර ‘ගී්රස් යකා Returns' නාට්‍යය තේරී පත් වී ඇත. ඒ අනුව මේ නාට්‍යය පෙබරවාරි 6 වැනිදා නව දිල්ලියේ ද, පෙබරවාරි 8 වැනිදා උත්තරකාන්ද් හිදී ද වේදිකා ගත කිරීමට නියමිත ය.
Ananda Drama විසින් නිෂ්පාදනය කළ ‘ගී්රස් යකා Returns' ද්විභාෂා නාට්‍යයකි. මෙහි 30ක පමණ රංගන ශිල්පීහු හා ශිල්පිනියෝ පිරිසක් රංගනයෙන් දායකත්වය දක්වති.
- තිලානි ශානිකා