යතුරු හිලෙන් බලන්න

පෙබරවාරි 20, 2020

 රේ කුනී නම් බ්‍රිතාන්‍යයේ ප්‍රමුඛ පෙළේ ප්‍රහසන නාට්‍ය කරුවාගේ ‘ටූ ඉන් ටු වන්’ නම් නාට්‍යය ඇසුරින් කුමාර සිරිවර්ධන පිටපත රචනා කළ “යතුරු හිලෙන් බලන්න” වේදිකා නාට්‍යය සම්මානනීය ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ තුසිත ද සිල්වා ගේ අධ්‍යක්ෂණයක් ලෙසින් දොරට වඩී.

ශ්‍රියන්ත මෙන්ඩිස්, අජිත් ලොකුගේ, කුසුම් රේණු, පබෝධා සංදීපනී, කුමාර සිරිවර්ධන, වික්‍රම අත්තනගම මේ සදහා රංගනයෙන් එක්වෙති.

රංජිත් රද්දල්ගොඩ සංගීත සංයෝජනයෙන් හා තරංග රුක්මල්වල ගේ වේශ නිරූපණයෙන් එක්වන යතුරු හිලෙන් බලන්න වේදිකා නාට්‍යය සමන් නානායක්කාර හා කාමිනී රාජපක්ෂගේ නිෂ්පාදනයකි. යතුරු හිලෙන් බලන්න ශ්‍රී ලාංකේය වේදිකාවට එක්වන නව ආකෘතියක දේශපාලන ප්‍රහසනයකි.