නාට්‍යවේදීන්ට මධ්‍යස්ථානයක්

පෙබරවාරි 20, 2020

 ශ්‍රී ලාංකික නාට්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගමනය සඳහා ගත යුතු ක්‍රියා මාර්ග පිළිබඳ නාට්‍යවේදීන්ගේ අදහස් හා යෝජනා ලබා ගැනීම සඳහා සංවිධානය කළ සුහද හමුව පසුගියදා විජේරාම මාවතේ පිහිටි ටවර්හෝල් රඟහල පදනමේ සව්සිරිපාය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

එහිදී නාට්‍යකරුවන් වෙනුවෙන් අරමුදලක් ඇති කිරීම, මාධ්‍ය භාවිතයේදී නාට්‍යවලට වැඩි ඉඩක් ලබාගැනීම, ජාතික නාට්‍ය පාසලක් ඇති කිරීම, නාට්‍යකරුවන්ට මුණගැසීමට, පුස්තකාලයක් පරිශීලනය කිරීම හා පිටපත් සකස් කිරීමේ කටයුතු සඳහා වෙනම මධ්‍යස්ථානයක් ඇති කිරීම ආදි නාට්‍යකරුවන්ට හා නාට්‍ය ක්ෂේත්‍රය සඳහා වැදගත් තීරණ කිහිපයක් ගැනිණි. මේ අවස්ථාවට වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ අවධි කිහිපයක් නියෝජනය කරමින් නාට්‍යකරුවන් බොහෝදෙනෙක් සහභාගි වී සිටියහ.