වර්ෂ 2024 ක්වූ March 19 වැනිදා Tuesday
වේදිකාවේ වර්ණ යාග
වේදිකාව යනු සජීවී ප්‍රකාශන මාධ්‍යයකි. කොතරම් අවහිර බාධක තිබුණත් නාට්‍යකරුවන් වේදිකාව හැර නොයන්නේ එහි ඇති අපූර්වත්වය නිසාය. මෙවර සරසවිය සිනමා පුවත්පතේ පසු කවරය වෙන් වනුයේ එවන් වූ නාට්‍යයක් වෙනුවෙනි. වර්ණ යාග නම් වූ එය අනුර පෙරණගමගේ ගේ අධ්‍යක්ෂණයකි.
වර්ණයාග නිර්මාණය වුණේ කොහොමද? එහි තේමාව කුමක්ද? අධ්යක්ෂවරයා ඒ ගැන පැවසුවේ මෙහෙමයි.ඔය ස්වභාව ධර්මය තියෙනවා නේද අපිට ඒකෙන් පිට පනින්න බැහැ. සොබා දහමේ රීතිය ඉක්මවා ගිය පිරිසට අත් වුණේ නොසිතූ ව්‍යසනයන්. නාට්‍යයේ කතාවට අනුව පිරිමියෙක් කාන්තා වෙස්ගෙන ජීවත් වෙනවා. තමන්ට ලැබුණු ශරීර සොභාවය ප්‍රතික්ෂේප කරලයි ඔහු කල්ගත කරන්නේ. සොබා දහමේ රීතියට ඔහු පටහැනියි. මෙන්න මේ තේමාව ඔස්සේයි නාට්‍යය දිග හැරෙන්නේ. වර්ණයාග නාට්‍ය නිර්මාණය වූ අන්දම ගැන පැවසුවොත් මං ඉන්නේ මෙහෙ නෙවෙයි ප්‍රංශයේ. ලංකාවේ ඉන්න කාලයේදී ඒ කියන්නේ අනූව දශකයේ මං කලාවත් එක්ක හිටියේ, වේදිකාවේ රඟපෑවා. ආයේ ලංකාවට ආවම නාට්‍යයක් කරන්න හිතුණා. එතකොට තමයි මංජු කාරියවසම්ගේ ඔය පිටපත ලැබුණේ. මගේ හිත මිත්‍රාදීන් නම් කිව්වේ මං වේදිකා නාට්‍යයක් කරන්න ගිහින් අමාරුවෙ වැටෙන්න හදන්නේ කියලා.
මෙම මස 06 වැනිදා එනම් හෙට වර්ණ යාග වේදිකා නාට්‍යයේ මංගල දර්ශනය පැවැත්වීමට නියමිතය.
ජයලාල් රෝහණ, ජගත් චමිල, හෂිනිකා කරළියැද්ද, කිත්මිණි හේමචන්ද්‍ර, ඔෂාන් කෙවිටියාගල, ඉමේෂ් අයේන්ද්‍ර, නිලුකා ධර්මසේන මෙහි චරිත රංගනයේ යෙදෙති. මංජු කාරියවසම්ගේ පිටපත් රචනයකි.
චන්දන පීරිස් නිෂ්්පාදන කළමනාකරුය. වස්ත්රාභරණ නිර්මාණය සුවිනීතා සුබසිංහගෙනි. මේ වර්ණ යාග පිරිවරයි.
තිලක් පෙරේරා