ප්‍රේමයේ නගරය 18 වැනිදා

අගෝස්තු 13, 2020

ටවර් රඟහල පදනම සංවිධානය කරන ප්‍රේක්ෂා රංගකලා මහෝත්සවය නියෝජනය කරමින් අසංක ගුරුසිංහගේ අධ්‍යක්ෂණයක් වන ‘ප්‍රේමයේ නගරය වේදිකා නාට්‍යය මේ මස 18 වැනිදා මරදාන එල්ෆින්ස්ටන් රගහලේදී වේදිකාගත වේ. 2019 වසරෙහි ජාතික යෞවන සම්මාන උලෙළේ අවසන් වටය නියෝජනය කළ මේ නාට්‍යය හොඳම සහය නිළිය සහ කුසලතා සම්මානවලින් ඇගයීමට පාත්‍රවිය. මෙය ඇමරිකානු නාට්‍යවේදී තෝර්ටන් වයිල්ඩර්ගේ  Our Town නාට්‍යයේ සිංහල පරිවර්තනය වන අතර ප්‍රවීණ නාට්‍යවේදී ගයාන් රන්ධිර ප්‍රනාන්දු විසින් පරිවර්තනය කර ඇත. ග්‍රෝවර්ස් කෝනර්ස් නම් කල්පිත නගරයක වෙසෙන මිනිසුන් වටා ගෙතුණු අපූරු කතා පුවතක් ප්‍රේමයේ නගරය නාට්‍යයට පදනම් වී ඇත.

මෙහි රංගන දායකත්වය Theater Players  නාට්‍ය සංගමයේ සාමාජිකයන් වන අතර සංගීතයෙන් මදුරංග ගමගේ, රංගාලෝකයෙන් සමන් මලලසේකර, රංගවස්ත්‍ර නිර්මාණයෙන් සචිනි පූර්ණිමා, තමාලි උත්පලා, පසුතල නිර්මාණයෙන් අසංක ගුරුසිංහ, සදුනි සෝමරත්න, අංගරචනයෙන් චමීර සම්පත් දායක වෙති.

 - නිශ්ශංක විජේරත්න